මේ අපේ ජනවහරේ අසන්නට ලැබෙන ප‍්‍රස්ථා පිරුළකි. මෙය නූතනයට ගලපා ගතහොත් ඊට දිය හැකි හොඳම නිදසුන වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහයන්ය.
ඔහු සුළි සුළං, කුණාටු, නින්දා, අපහාස මධ්‍යයේ උඩුගං බලා පීනූ ආසියාවේ විප්ලවකාරී පරිණතම දේශපාලනඥයා යයි කිවහොත් නිවැරදිය.
රනිල් වික‍්‍රමසිංහයන් උපත ලබන්නේ දේශපාලනයෙන් පන්නරය ලැබූ පවුලකය. ඔහුගේ පියා එස්මන්ඩ් වික‍්‍රමසිංහ මහතාය. ඔහු කීර්තිමත් ජනමාධ්‍යවේදියෙකි. මව නාලනී වික‍්‍රමසිංහය. ඇය ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනගේ දියණියකි. මේ නිසා රනිල් වික‍්‍රමසිංහයන්ට දේශපාලන හෝඩියේ ‘අ ආ’ යන්න අමුත්තක් නොවීය.
නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵලය නෙලාගත් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.
ඔහු තරුණ වයසේදීම දේශපානයට අතපොත් තබයි. ඒ ජේ.ආර්.ගේ නායකත්වයෙනි. 1977දී බියගම ආසනයට තරග කරන රනිල් වික‍්‍රමසිංහයන් ජේ.ආර්.ගේ රජයේ ලාබාලම කැබිනට් අමාත්‍යවරයා විය. තරුණ කටයුතු හා රැකීරක්‍ෂා අමාත්‍යවරයා ලෙස ඔහු තම මුල්ම දේශපාලන පරිච්‍ජේදය අරඹයි.
ජේ.ආර්. යනු තුන්කල් නුවණක් ඇති දේශපාලනඥයකු ලෙස ප‍්‍රකටය. අනාගතයේ යම් දිනයක මේ රට බාරගන්නා පුද්ගලයකු ලෙස ජේ.ආර්. ට රනිල් වික‍්‍රමසිංහයන් පෙනුණා විය හැකිය. එනිසා ඔහුට පාර්ලිමේන්තුවටම ආ මුල් වතාවේදීම කැබිනට් අමාත්‍යධුරයක් ලබා දී ඔහුට ඒ පිළිබඳව පුහුණුවක් ලබා දීමට ජේ.ආර් සිතුවා විය හැකිය. මේ උපකල්පනයන් දෙකම නිවැරදි බව රනිල් වික‍්‍රමසිංහයන් මේ වන විට ලෝකය ඉදිරියේ ඔප්පු කර හමාරය.
ජේ.ආර්. අද ජීවතුන් අතර සිටියානම් වඩාත්ම සතුටු වන පුද්ගලයා ඔහුය. මක්නිසාද යත් ඔහුගේ අත්හදා බැලීම අතිශය සාර්ථක වූ නිසාය.
රනිල් වික‍්‍රමසිංහයන් සිය දේශපාලන න්‍යායචාර්යවරයා වූ ජේ.ආර්ගෙන් ඉගෙන ගත් මූලික ගුරුකම් මොනවාද? මගේ දැනුමේ හැටියට නායකත්වය කෙරෙහි ඇති දැඩි කැපවීම, අවංක බව සහ මනා ඉවසීම ඔහු ජේ.ආර්.ගෙන් හොඳ හැටි උගෙන ගත්තේය.
ඔහු ඒ පරිණතභාවය මුල්වරට ප‍්‍රදර්ශනය කළේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂයේම ජ්‍යෙෂ්ඨයන් වූ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක පේ‍්‍රමචන්ද්‍ර වැනි අය ගෙන ආ දෝෂාභියෝගයේදීය. ඔවුන් පක්‍ෂය හැරදා යද්දී රනිල් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් කැපවී ඔහුව ආරක්‍ෂා කළේය. මේ අන් කිසිවක් නිසා නොව නායකත්වය කෙරෙහි ඔහු තුළ තිබූ අසීමිත කැපවීම නිසාය. ඔහු කිසිඳු පක්‍ෂ නායකත්වයට අභියෝග නොකළ අතර නායකත්වයටද එරෙහි නොවීය. මේ වනාහි ඔහු ජේ.ආර්.ගෙන් ඉගෙන ගත් හොඳම දේශපාලන ගුරු හරුකමය.
පරිණත දේශපාලනඥයකුට අවශ්‍යවන්නේ මනා ඉවසීමය. මේ ගුණාංගය ඔහු තුළ මැනවින් දක්නට ලැබුණි. මේ පන්නරය ඔහු ලබා ගත්තේ ද ජේ.ආර්.ගෙනි. ඔහු නායකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂය තුළ ඔහුට එරෙහිව මතු වූ අර්බුදවල දී ඔහු අනුගමනය කළේ මනා ඉවසීමෙන් යුත් ප‍්‍රතිපත්තියකි. වරෙක එජාප මූලස්ථානය වූ සිරිකොතට ගල් ගැසුවේය. ඔහුට හූ කීවේය. නොයෙක් නින්දා අපහාස කළහ. ඔහුගේ නායකත්වය හේතුකොට ගෙන මැතිවරණ පරාජය වන බව පවසමින් නායකත්වය වෙන කෙනෙකුට දී ගෙදර යන ලෙසට පාක්‍ෂිකයන් තුළ මතයක් ඇති කළහ. ඒ සියලූ මතවාදයන් ඉදිරියේ රනිල් වික‍්‍රමසිංහයන් නොසැලී සිටියේ ඉන්ද්‍රඛීලයක් ලෙසය.
දේශපාලනයේ දී තිබිය යුතු මනා ඉවසීම පිළිබඳ ඊළඟ හොඳම නිදසුන පෙන්වන්නේ 2002 දී පිහිටවූ එජාප ආණ්ඩුවේ අමාත්‍යධුර 3න් එවකට ජනාධිපතිනිය වී සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පවරා ගනු ලැබූ මොහොතේය. ඒ වන විට රනිල් වික්රමසිංහ මහතා සිටියේ නිව්යෝර්ක් නුවරය. අමාත්‍යාංශ පවරා ගැනීමේ පුවත රනිල්ට දැන්වූයේ ඔහු සමඟ නිව්යෝර්ක් නුවරට ගොස් සිටි මාධ්‍යවේදියෙකුය. කිසිඳු කළබලයකින් තොරව තමන් පැමිණි කාරණයේ වැඩ කටයුතුවල යෙදුනු රනිල් කඩා බිඳගෙන මව් රටය නොආවේය.
ඔහු පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපල අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. මිනිසුන් සූදානමින් සිටියහ. ඔවුනට අවශ්‍ය වූයේ නායකයාගේ අණ පමණි. ජනාධිපති මැදුර වටලන්නට තරම් ජන සන්නිපාතයක් එදා තිබුණි. නමුත් රනිල් වික‍්‍රමසිංහයන් එදා රැස්වූ ජනතාවට කීවේ සාමකාමීව විසිර යන ලෙසටය. මෙය බොහෝ දෙනෙකුට අමිහිරි විය. ඒත් රනිල් වික‍්‍රමසිංහයින්ට අවශ්‍ය වූයේ මිනිසුන් බිල්ලට දී තමන්ගේ කාර්යය කර ගැනීමට නොවේ. එය මොනතරම් වූ මනා ඉවසීමක්ද?
ඔහු ජනසම්මතවාදය ඉහළින්ම අගය කළ දේශපාලඥයෙක් විය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පොදුජන එක්සත් පෙරමුණට මහ මැතිවරණයෙන් ජය ලැබී තිබියදීත් ඇයට ආණ්ඩුව පිහිටුවීමට ඉඩකඩ ලබා දීම ප‍්‍රමාද වන විට ඊට විරෝධය දක්වමින් අගමැති තනතුරින් ඉල්ලා අස්වී ගෙදර ගියේය. ඉන්පසුව ජනාධිපති විජේතුංගට චන්ද්‍රිකාට ආරාධනා කිරීමට සිදුවිය.
2004 දී අමාත්‍යධුර පවරා ගැනීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ රැස්වීමක දී ඉතා ප‍්‍රබලව මන්ත‍්‍රීවරු හඬනැඟුවේ ජනාධිපතිනියට දෝෂාභියෝගයක් ගෙනවිත් ඇයව එම තනතුරින් ඉවත් කරන ලෙසය. එහිදී ඔහු කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පත්වූ නායකයෙක් පාර්ලිමේන්තුවේ ඔලූ ගෙඩිවලින් ඉවත් කරන්නට කියාද යනුවෙනි. ඒ අදහසට ඔහු බලවත් සේ විරෝධය පල කළේය. මේ ඔහු ජනසම්මතවාදයට ඉහළ ගරු කිරීමක් කළ නිසාය.
රට වෙනුවෙන් තීරණ ගත යුතු අවස්ථාවලදී නොබියව හා සෘජු ලෙස තීරණ ගැනීම නායකයෙකු සතු මහඟු ගුණාංගයකි. එය රනිල් වික‍්‍රමසිංහයන්ට මැනවින් තිබුණි. ඔහු මේ ගුරුහරුකම ලබාගත්තේ ජේ.ආර්.ගෙනි. ජේ.ආර්.ටත් එවැනි ගුණාංගයන් තිබුණි.
1987 දී ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා සමඟ ජේ.ආර්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ තමන්ගේ ඇමැති මණ්ඩලයේ අගමැති පේ‍්‍රමදාස ඇතුළු ඇමතිවරුන් බහුතරයකට නොදන්වාය. මේ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් රට පුරා කලකෝලාහල පැවැති අතර ඇඳිරි නිතිය පවා පැනවීමට සිදුවිය. ගිවිසුමට විරෝධය පල කරමින් ඇමැති මණ්ඩලයේ සිටි ගාමිණී ජයසූරිය මහතා ඉල්ලා අස්වී ගෙදර ගියේය. මේ ගිවිසුමෙන් පසු ජේ.ආර්.ව හැඳින්වූයේ රට පාවාදුන් ද්‍රෝහියෙකු ලෙසය.
2002 අගමැති ලෙස රනිල් වික්රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් සමඟ අත්සන් කළ සටන් විරාම ගිවිසුමත් රනිල්ගේ ඇමති මණ්ඩලයේ කිසිවෙකුත් දැන සිටියේ නැත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහයන්ව රට පුරා හඳුන්වනු ලැබූයේ රට පාවාදුන් ද්‍රෝහියෙකු ලෙසය. ඇතැමෙකු ඔහුව හඳුන්වා දුන්නේ දොන් ජුවන් ධර්මපාල ලෙසය. කොටියට රට බන්දේසියක තබා දුන් බවට විරුද්ධවාදීන් චෝදනා කළේය.
ජේ.ආර්. අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමත් රනිල් 2002 අත්සන් කළ සටන් විරාම ගිවිසුමත් බැලූ බැල්මට රටේ පාලකයා ලෙස ගනු ලැබූ සෘජු තීරණයන් බවට අවිවාදයක් නැත.
මේ ගිවිසුම් දෙකේම අහිතකර දේ මිසක රටට හිතකර දේ බලන්නට කිසිවකුත් ඉදිරිපත් නොවීය. මේ ගිවිසුම් අත්සන් කිරීම නිසා රටට අත්වූ හිතකර දේ මොනවාද?
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම නිසා එල්.ටී.ටී.ඊ.ය හා පැවැති යුද්ධය මුළුමනින්ම ඉන්දීය හමුදාවට බාර දීම නිසා යුද්ධය පැවතියේ එල්.ටී.ටි.ඊ.ය සහ ඉන්දීය හමුදාව අතරය. මේ නිසා ශ්‍රී ලංකා හමුදාවට අනතුරු සිදුවීම මුළුමනින්ම නැතිවිය. 2002 සටන් විරාම ගිවිසුම නිසා එල්.ටී.ටී.ඊ.යට සිදු වූ පාඩු කිව නොහැකි තරම්ය. සටන් විරාම ගිවිසුම හේතුවෙන් එම සංවිධානයේ සිටි පුහුණුව ලත් සන්නද්ධ පිරිස් ශ්‍රී ලංකා ගමන් බලපත‍්‍ර මාර්ගයෙන් යුරෝපය ඇතුළු ලෝකයේ වෙනත් රටවලට යෑම නිසා ප‍්‍රහාරක අංශය දුර්වල වීම ඉන් එකකි.
බරපතලම අවාසිය සිදුවූයේ නැගෙනහිර ප‍්‍රදේශයේ සිටි එල්.ටී.ටී.ඊයට හිතවත් සටන්කාමීන් එල්.ටී.ටී.ඊ ය අතහැරීම එහි මාර්ගෝපදේශකයන් මුළු නැගෙනහිර එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් නායකත්වය ගෙන සටන් මෙහෙය වූ කරුණා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මුළුමනින්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය අතහැරීමය.
මේ අවාසිය එල්.ටී.ටී.ඊ.යට කිසිදා පිරිමැසිය නොහැකි විය. අනික් අතට කරුණා සහ පිල්ලෙයාන් වැනි පිරිස් එල්.ටී.ටී.ඊ.ය හැරදා යාමත් බරපතල අවාසියක් විය. එමෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය සතු ප‍්‍රහාරක හා අවි බලය සහ පිරිස් බලය පිළිබඳ තොරතුරු කරුණ ඇතුළු එල්.ටී.ටී.ඊ ය හැරගිය පිරිස් මාර්ගයෙන් රජයේ බුද්ධි අංශවලට ගලා ඒමත් එල්.ටී.ටී.ඊ.යේ වැටීමට බලපෑවේය. මේ පසුබෑම් සියල්ල සිදුවූයේ මේ සටන් විරාම ගිවිසුම හරහාය.
ඊළඟ බරපතලම අවාසිය එල්.ටී.ටී.ඊ.යට අත්වන්නේ මුහුදේ සටන් විරාමයක් නොමැති බවට ගිවිසුමට එක් කළ වගන්තියට ප‍්‍රභාකරන් අත්සන් තැබීම හේතුවෙනි. ප‍්‍රභාකරන් මේ වගන්තියට අත්සන් තැබීමට පෙර කල්පනා කරන්ට ඇත්තේ රජයේ නාවික හමුදා බලයට වඩා කොටින්ගේ නාවික හමුදා බලය වැඩිබවය. ප‍්‍රභාකරන්ට වැරදුණේ එතනය. ප‍්‍රභාකරන් ශ්‍රී ලංකා රජයේ නාවික හමුදාව ගැන තැබූ අවතක්සේරුව ඔස්සේ එල්.ටී.ටී.ඊ.යට අවශ්‍ය අවි ආයුධ රැගෙන ආ නෞකාවන් 5 ක් මුළුමනින්ම ගිල්වා දැමීමට නාවික හමුදාව සමත් විය. නැව් 3 ක් ගිල්වා දැමීම නිසා බිලියන ගණනක් වටිනා ආයුධ මුහුදු බත්වූ අතර ප‍්‍රභාකරන්ට ඊටත් වඩා අවාසිය වූයේ මේ නැව්වල සිටි විශේෂ පුහුණුවක් ලැබූ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. භටයින් රැසක්ම ජීවිතක්ෂයට පත්වීමය.
ප‍්‍රභාකරන්ට තමන් සටන් විරාම ගිවිසුමට අත්සන් කිරීමෙන් කරගත් මෝඩකම පිළිබඳ පසුතැවෙන්නට පටන් ගන්නේ මෙම සිද්ධි දෙකෙන් පසුවය.
ඒ නිසා රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ප‍්‍රතිරූපය විනාශ කිරීම සඳහා මූලිකම අත්තිවාරම දැමීමක් හැටියට කොටි පිස්තෝලකරුවන් අගනුවරට එවා රජයේ බුද්ධි අංශ නිලධාරීන් ඝාතනයට පටන් ගත්තේය.
දකුණ කැළඹුණේ මේ සිදුවීම් වලින්ය. රට පුරාම රනිල්ට එරෙහිව විරෝධතා ඉදිරිපත් විය. චන්ද්‍රිකා රජයත් මෙය උපයෝගී කරගෙන රනිල්ගේ රජය විසුරුවා හැරියේය. අවසානයේ ඔහු පරාජයට පත් කළේය.
ඊළඟට 2005 ජනාධිපතිවරණයේ දී රනිල් වික‍්‍රමසිංහ පරාජය වූයේ වැඩි ඡුන්ද 1,80000 කිනි. උතුරු නැගෙනහිර සහ සෙසු ප‍්‍රදේශවල (කොළඹ ඇතුළුව) දෙමළ ජනයා ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීම එල්.ටී.ටී.ඊ. විසින් වළක්වනු ලැබීය. එහි ප‍්‍රතිඵලය වූයේ රනිල් පරාජය වීමය.
රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය ලබා දීමට නම් ඔහු බලයට පත්වූ පසු උතුරට අන්තර්වාර පාලනයක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් එල්.ටී.ටී.ඊ. පාර්ශවයෙන් ඉල්ලා සිටියත් රනිල් වික‍්‍රමසිංහයින් එවැනි පොරොන්දුවක් ලබාදීම එකහෙළාම ප‍්‍රතික්ෂේප කළේය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ රනිල් වික‍්‍රමසිංහ පරාජයට පත්වී මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමය.
මහින්දගේ ජයග‍්‍රහණයෙන් පසු එල්.ටී.ටී.ඊ. ඔහුව හඳුන්වනු ලැබූයේ යථාර්ථවාදී නායකයෙකු ලෙසය. රනිල්ව හඳුන්වා දුන්නේ එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර දැලට හසුකිරීමට මාන බලන කපටි නරියකු ලෙසය.
2009 මහින්ද රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ. සහමුලින්ම පරාජයට පත් කළේය. ඔහුට මේ යුද්ධය ඉතා පහසුවෙන් නිම කිරීමට හැකි වූයේ නැගෙනහිර එල්.ටී.ටී.ඊ. බලය ඉතාම අවම මට්ටමක පැවැති නිසාය. එය එසේ සිදුවූයේ මේ සටන් විරාම ගිවිසුම නිසාය. කොටින්ම කරුණා, පිල්ලෙයාන් එල්.ටී.ටී.ඊ. හැරදා යාමය. එහි ගෞරවය හිමි විය යුත්තේ අනිවාර්යෙන්ම රනිල් වික‍්‍රමසිංහයන්ට බව අවිවාදාත්මකය.
ආර්ථිකය හැසිරවීම පිළිබඳව ඔහුට ඇත්තේ අද්විතීය දැනුමකි. හොඳම නිදසුන 2002 ඔහු රජය බාර ගන්නා විට තිබූ සෘණ ආර්ථිකය අවුරුදු දෙකක් තරම් වූ කෙටි කාල සීමාවක දී ධනාත්මක තත්ත්වයට ගෙන ඒමය. එහිදී ඔහු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකළේය. ඒ වසර දෙක තුළ රාජ්‍ය සේවයට කිසිදු සේවකයෙක් බඳවා නොගැනීම කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් වැඩි නොකිරීම නිසා ඔහු පාක්ෂිකයන් අතරත් රටේ ජනතාව අතරත් ජනපි‍්‍රය නොවීය. කෘත්‍රිමව ලැබෙන ජනපි‍්‍රයත්වයට වඩා ඔහු නිතරම බැලූවේ රටේ අනාගතය දෙසය.
21 වන සියවසේ ආර්ථිකය හැසිරවීමේ පූර්ණ බලය හිමිවන්නේ ඉන්දියන් සාගරයටය. එවන් වකවානුවක මුළු ලෝකයේම අවධානය යොමුවන්නේ ඉන්දියන් සාගරයටය. එවැනි අවස්ථාවක ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව වැනි රටක දැනුමින් සන්නද්ධ පරිණත දේශපාලනඥයකු බලයේ සිටිය යුතුය. එහිදී රටේ ජනතාව තෝරාගෙන ඇත්තේ රනිල් වික‍්‍රමසිංහයින්ය.
අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ලෙස පත්වූ ගලගම අත්තදස්සි නායක හිමියන් රනිල් වික්රමසිංහ මහතා පිළිබඳ පළකළ අදහස් කීපයක් මෙහිලා සඳහන් කිරීම වටී.
”රනිල් වික‍්‍රමසිංහ යනු කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහුටත් මේ රට පාලනය කරන්න අවස්ථාවක් ලබා දිය යුතුය.” උන්වහන්සේ මේ ප‍්‍රකාශය කළේ මැතිවරණයට පෙරය. දැන් මැතිවරණය හමාරය. ජනතාව උන්වහන්සේ ප‍්‍රකාශ කළ දේ ඉටුකර ඇත.
රනිල්ගේ දේශපාලන ගමන දෙස බැලූ විට මෙතෙක් කාලයක් ඔහු කළේ උඩුගං බලා පිහිනීමය. එය ලෙහෙසි නොවීය. බාධක, හිරිහැර, තීන්දු, අපහාස, කම්කටොලූ රැසකට මුහුන දීමට සිදුවිය. පාක්ෂිකයන්ටත් රටේ ජනතාවටත් රනිල් වික‍්‍රමසිංහයන් නිවැරදිව හඳුනා ගැනීමට වසර 20 කටත් වැඩි කාලයක් බලා සිටීමට සිදුවිය. දැන් ඒ දෙපාර්ශවයට පමණක් නොව ප‍්‍රතිවාදී දේශපාලන පක්‍ෂයන් පවා රනිල් වික‍්‍රමසිංහයන් හඳුනාගෙන ඇත. මෙයට කලකට පෙර මේ දේ සිදුවී තිබුණා නම් ආසියාවේ නොව ඉන්දියන් සාගරයේ ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පත්වීමට බොහෝ දුරට ඉඩ තිබුණි. ප‍්‍රමාද වී හෝ එයට උරදීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවීම රටේ අනාගතයට සුභ පෙර නිමිත්තකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නායකයෙක් පහල වීම ජාතියේ වාසනාවක් .ලාංකික විශ්ව විද්‍යාලයකින් බිහිවූ පළමු අගමැතිවරයා වූ එතුමා අප සැමට ආඩම්බරයක් . ඔබට චිරන් ජයතු (අ)
ලියපු කෙනාට රනිල් ගෙන් රස්සාවක් ඕනේ වෙලා වගේ....අයි මේවා දැන් කියන්නේ..... හිනා යන්නේ කටින් විටරක් නොවෙයි. (අ)
මට හිනා යන්නේ රනිල්ව පක්ෂ නායකකමින් ඉවත්කරන්න කියල ඒ දවස්වල කෑගහල අනාගත්ත සෙට් එක ගැන. බල්ලෝ බිරුවට කඳු පාත් වෙයිද? (නදී)
අනුර දැම්ම කුමාර මහින්දගේ ආණ්ඩුවේ පඹයෝ වෙන්නැති. රැස්වීම්වලට ගිහින් කෑගහන එති එකයි එයාලට දුක. රනිල් කියන්නේ හොද නායකයෙක් එතුමාට ජය වේවා.මහින්දට අයෙත් බැ බොරු කියල රනිල්ව පරද්දන. (අ)
රනිල් රට හොද අතට අනිවාර්යෙන් ගෙනියනවා (අ)
මේවා තේරුම් අයත් (අ)
වැදගත් ඉදිරිපත් කිරීමක් (අ)
එදා ජේ ආර් රනිල්ව පුරුදු පුහුණු කළා වගේ මී ලඟ එජාප නායකයා ලෙස සැලකෙන රුවන් විජේවර්දන මහත්තයත් රනිල් විසින් හොදින් පුරුදු පුහුණු කල යුතුයි. තව අරුදු 10 ක් යනකොට රනිල් මහත්තය විශ්‍රාම ගනීවි. එදාට පක්ෂය බාර ගැනීමට රුවන් මහත්තයා සුදානම්ව සිටිය යුතුයි. (නදී)
හුඟ දෙනෙක් නොදන්නා තොරතුරු ඇති හොඳ ලිපියක්. රනිල් මහතා හොඳ පවුලක උපන් වැදගත් මහතෙක්. ලොකුකම කොයි වෙලාවකවත් කියන්න ගිහින් නැ. ඒ ගැන සතුටුයි. ලිපිය නිවැරදියි. කලිනුයි දාන්න තිබුනේ. ඔහුට ජයවේවා. (අ)
සුනිල් මිලානෝ, ඔය ගොල්ලෝ ඔය කතා කියන්නේ රට ඉදලනේ. මෙහෙ කොන්ක්‍රීට් වනාන්තර කොමිස් ගහන්න කරපුවා කියල දන්නේ මෙහෙ ඉන්න අපි. හොස්පිටල්වල බෙහෙත් පෙත්තක් තිබුනේ නැහැ ඔක්කම පාමසි එකෙන්. ඒත් අම්මගෙ තාත්තගෙ සොහොන් අලුත් වැඩියාවට විතරක් රුපියල් කෝටි 6ක් රජයේ සල්ලි එ්වා දන්නෙ අපි. ඕ ගොල්ලෝ මිලානෝ වල (නදී)
කලින් පළවෙන්න ඕන ලිපියක්. දැන්වත් පළකිරීම ප්‍රශංසනීයයි (බ)
සිදු වූ දේශපාලන ඝාතන අතර ,රටේ ජනතාව සමග අපි හොඳ නායකත්ත්වයක් ඉදිරියට ගෙනාවෙමු, ජනපති තුමත් එයට උර දී සිටි . ඉදිරි දශකයේ එහි ප්‍රතිපල රටට ලබා ගනිමු. (බ)
දසක 3 ක් තරම් කාලයක් රටේ නොකෙරු සංවර්ධනයක් ඔබ තුමන්ලාට ඉදිරි වසර 5 තුළ දැකගන්නට ලැබෙවි ඉර්ෂියාව වෛරය ක්‍රෝධය පසෙකලා ඉදිරි අනාගත පරන්පරවට ලැබෙන්න යන දායාදය බුද්දිමත් ශක්තිමත ශ්‍රී ලංකාවක් අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිදුන්ගේ දුරදක්න නුවනෙන් ඉන්දියන් සාගරයේ මුතුඇටය යි විරුදාවලිය ලබපු රට නැවත අපිට උදාකරල දුන්නට මතුදුනි ඔබට අපගේ උත්තම ආචරය දීර්ගයුෂ ඔබට !!! (අ)
තරඟ විභාගයෙන් ගුරුවරු බඳවාගන්න තීරණය හොඳයි. ඒකම මදෑ රනිල් ගේ අපූරුව කියන්න. ඔහු ළග අධ්‍යාපනයටත් දැක්මක් තිබුණා (නදී)
ඔබේ වැඩ පිළිවෙළ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා (ම)
මේවට පිටිපස්සෙන් හිනායන්නෙ.හොදයි පඹයෙකුට (බ)
රත්නායක.රාජපක්ෂවරුන්ට රුපියල් කෝටි ප්‍රකෝටි කියන්නේ හරියට කජු අට කොස් අට වගේ.පිටරටවල ඉන්න හැමෝගෙම මොළ හෝදලා නැහැ.අපි ඔබ කියන සත්‍ය දන්නවා. (අ)
කොන්ක්‍රීට් වනාන්තර වලින් ගහපු ගැහිලි දන්නේ වුද ඉන්න දෙවියෝ පමණයි. ඒ නිසයි මම නිතරම කියන්නේ රාජපක්ෂ කියන නම ඇහෙනකොටත් මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා කියල බයටම. (අ)
සුනිල් මිලානෝ කියන්නේ අර ඒකාධිපතියාගේ මුහුණ මුළු පිටේම පච්චයක් විදිහට කොට ගත්තු කෙනාද? (අ)
මම රනිල්ට ගරු කරන්නේ රනිල්ට රජ කෙනෙක් වගේ වැජඹෙන්න ඕන කමක් නැහැ.අනික හත් මුතු පරම්පරාවක් නිවන් දක්වන්න ඕනේ කමකුත් නැහැ.අනික කප්පන් ගන්න,හොරකම්,ජඩකම් කරන්න ඕනේ කමකුත් නැහැ. (බ)
මහින්ද යුද්ද කරපු හැටි අන්න චම්පික ලස්සනට කියල දෙනවා. ඔහෙලා වගේ බුරුවන්ගේ මොළ පාදන්න ගිහින් ලසන්තලා ජීවිතය පූජා කරපු එක ගැනයි මට දුක.(අ)
කපන්න බැරි අත ඉබිනවා .....(ම)
මීට කාලෙකට කලින් පලවෙන්න ඕන ලිපියක්. දැන්වත් පළකිරීම ප්‍රශංසනීයයි (ම)
කියමන කෙසේ කිවත් තවලම් වේගයෙන් ගමන ගිහින් නම් වැඩක් නැහැ. මහා රජතුමාගෙන් ලැම්බෝගිනි එකක් වත් ඉල්ලගෙන වේගයෙන් යන්න වෙනවා. (බ)
අපේ මිනිසුන්ට තවම තේරුණේ නැහැ (අ)
මේක වඩාත් නිවැරදි වන්නේ පහුගිය කාලයේ සියලුම වැරදි කාරයන්ට දඬුවම් දී රටේ එවැනි වැරදි නැවත නොවෙන්න වග බලා ගත්තොත් පමණයි. (අ)
29 පාරක් පරදුනම් 30 විනි පාර දන්නවා හොර ඡන්ද දාල දිනන්න. (අ)
මෙවන් ලිපියක් මහින්ද ජනපති වූ වෙලේත් මා කියවූවා. මේවාට කියන්නේ ස්තෝත්‍ර කියාය. ඒවා කියන්නට වෙනමම කට්ටියක් සිටී. (අ)
කුමාර් මිනිසුන්ට අපහාස කර සතුටු වෙන අයෙක්ද? (බ)
රනිල් වික්‍රමසිංහ කියන්නේ සැබවින්ම රටට ආදරය කළ තවමත් ආදරය කරන පුද්ගලයෙකි. ඇත්තටම ඔහු දේශපාලනඥයෙකු නොව ඔහු සැබවින්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. දේශපාලන වේදිකාවේ අන් අයට මෙන් මුඛරි කටක් නොතිබුණාට ඔහුට ඇති මොළය වත්මන් දේශපාලන වේදිකාවේ කාටවත් තිබේදැයි ප්‍රශ්නයකි. මා අසා ඇති පරිදි දේශපාලනඥයා ඉලක්ක කරන්නේ ඉදිරි මැතිවරණ පමණි. එහෙත් රාජ්‍ය තාන්ත්‍රිකයා ඉලක්ක කරන්නේ අනාගත පරපුර පමණි. එහෙව් බැලූ කළ අප භාවිතා කරන මහරගම තරුණ සේවා සභාව, විද්‍යාපීඨ 9, අන්තර්ජාලය, ජංගම දුරකථන, බියගම නිදහස් වෙළඳ කලාපය ජේ.ආර් හා ප්‍රේමදාස යුගවලදී රනිල් මෙරටට අත්කරදුන් දායාදය. මෙවන් නිර්මාණාත්මක වැඩක් කළ කිසිවෙකුත් වත්මන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ කවුදැයි කියන්න...(බ)
අනුර හොර ඡන්ද දාල කියල ඔයා දන්නවා නම් දාන්නකෝ නඩු (අ).
තවලම අදින්නේ කවුද .(අ)
බල්ලෝ බිරුවත් රනිල් මහින්දට වඩා බුද්ධියෙන් සහ දේශපාලන දැනුමෙන් ඉදිරියෙන් (අ)
අපි ඉස්සර රනිල් මහත්තයාගේ හොදක් පලකරගත්තේ කොච්චර අමාරුවෙන්ද ? (බ)
අනුර සහ ධම්ම දුකට කියන කතා. අරගොල්ලන්ගේ කාලේ මේගොල්ලෝ හිටියේ වෙන ලෝකවලද? (අ)
අපි දන්නවා මේ රට හදන්න නම් රනිල් නායකත්වයට එන්නම ඕන කියල. එකට අපි සැහෙන කාලයක් ඉවසුව. දැන් එය මල්පල ගැනවිල තියෙනවා. එක අපිට ලොකු සතුටක්. කවුරු මොනවා කිව්වත් අනාගතයේ රනිල්ගේ වැඩ බලාගෙන ඉන්න. රට නියම මාර්ගයේ අරන් යන හැටි දැකගන්න පුළුවන්. රනිල් මැතිඳුනි ඔබට දීර්ඝායුෂ ලැබේව!!! (අ)
ඔහුගේ කෘතහස්ත බව දැනටත් ප්‍රදර්ශනය වෙමින් පවතී. අැහින්දස් ආණ්ඩුවක් හදන්නේ නැතුව රට වෙනුවෙන් ඉවසීමෙන් උඩුගම් බලා පිහිනමින් සිටී. (බ)
බොරුව හැමදා ජයගන්නේ නැහැ (නදී)
දැන් නම් රනිල්ගේ හොද කියන්න කට්ටිය ඕන තරම්.(නදී)
සමහර වෙලාවට ඩුබායි ක්‍රිකට් කණ්ඩායමත් දිනනවා (නදී)
රට ගොඩ ගැනීමට අවශ්‍ය තරම් කාලයක් මෙතුමාට බලයේ සිටීමට ලැබේවා. (අ)
හැමෝගෙම කටමැත දෙඩවිල්ල විතරියි ,කොටි බෝම්බ පුපුරවන කොට ජනතාව හිටපු හැටි හොදට මතක්කරගන්න ,අතිගරු ජනාදිපති මහින්ද නොහිට්න්න ,සේරම උඩුගම් බලා පිහිනල ඉවරයි (අ)
සුනිල් මිලානෝ, මේවා ගැන කතා කරන්න කලින් ලංකාවට ඇවිත් බලන්න. උපන් රට දාල පර රටවල් වලට ගිහින් මහ ලොකු දේශප්‍රේමය. (නදී)
ප‍්‍රමාද වී හෝ එයට උරදීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවීම රටේ අනාගතයට සුභ පෙර නිමිත්තකි. (අ)
කුමාර රනිල් කියන්නේ රටේ අගමැති බව අමතක කරන්න එපා ඔයාගේ කිසි වැදගත්කමක් නැහැනේ (බ)
සැමෝ එක්කම සුහදශීලිව සිටීමට හැකි සුන්දර රාජ්‍යයක් බිහිවේ....(ම)
රනිල් යනු සැබවින්ම කෘත හස්ත දේශපාලඥයෙකි (නදී)