
(සුජිත් හේවාජුලිගේ )
සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා බෙල්ල තද කළ අවස්ථාවේදී තමාට සෙරෙප්පුව ගලවා ගැනීමට හැකිවුණා නම් වෙන දේ බලා ගැනීමට තිබූ බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ කොළඹදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබිණ.
ගමගේ මහත්මිය මෙසේද සඳහන් කළාය.
මම එතන කිසිම අසභ්‍ය දෙයක් දකින්නේ නෑ. මම අසභ්‍ය වචන කිව්වේත් නෑ. අසභ්‍ය වචන කිව්වේ ඒ අය. මම ඒ අයට ඒ අසභ්‍ය වචන මතක් කර දෙමින් මේවා කාන්තාවන්ට නොගැලපෙන බව ප්‍රකාශ කළා. මේකෙ ඇත්ත සීසීටීවී දර්ශන කතානායකවරයා ළඟ තියෙනවා. ඒක එළියට ආවම ඇත්ත බලාගන්න පුළුවන්. මම රෝහණ බණ්ඩාරට කියන්නේ එක වචනයයි. ඒ වචනය කිව්වේ අපරාදේ. ඒ වචනයත් එයාට ගැලපෙන්නේ නැහැ.
ඔය සුජිත් පෙරේරා කියන මන්ත්‍රිතුමා එක්ක මගේ සම්බන්ධයක් නැහැ. කතාවකුත් නැහැ. මගේ බෙල්ල තද කරපු වෙලාවේ තමයි මම මගේ බෑග් එකෙන් පහර දෙන්නෙ.
මනුස්සයකුට ඉවසීමක් තියෙනවා.ඒ වගේම ඉවසීමේ සීමාවකුත් තියෙනවා. තද කරපු වෙලාවේ මගේ බෙල්ලට මොකක් හරි වුණානම්. ඒක දරුණු ප්‍රහාරයක්. සෙරෙප්පුව ගලවා ගන්න බැරුව හිටියේ. බෑග් එක විතරයි අතේ තිබ්බෙ.
ආදරයයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් කියලා කියනවා.එහෙම කේස් එකක් තිබ්බද දන්නෙත් නෑ. මම නම් දන්නේ නෑ. මන්ත්‍රීවරියකට ඉතිහාසයෙ කිසි දවසක මේ විදියට පහර දීලා නැහැ.
මාධ්‍ය:
එතකොට ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා ඔබතුමියට ආදරය කළාද
ඩයනා ගමගේ මහත්මිය:
මම නම් දන්නේ නෑ. විපක්ෂ නායක ඇතුළු සියලු දෙනා එහෙම හිතාගෙන හිටියද දන්නෙ නෑ.
(සිනා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමියකු විසින් ගැහැණියකට ගැසීම තරයේ හෙළා දකිමු...!
නීතියට පිටින් ව්‍යවස්ථා විරෝධීව ඉන්න මේ කාන්තාවට ‘ඔබතුමිය‘ කියන්න ලැජ්ජා වෙන්න ඕනැ. මීට වඩා නම්බුකාර අය ඉන්නවා. වෙන රටක හිටියා නම් හිරේ. කොහේද ඉතින් නපුංසකයින් ටිකක්නේ රට පාලනය කරන්නේ...!
අනූව දශකයේ අග භාගයේ යම් ස්ථානයක ලියා පළකර තිබූ වැකියක් මතකයට නැගේ. එනම් කතාවෙන් ජයගත හැකි ගැහැනිය කඳුල අවියක් කර ගනී...!
ප්‍රශ්නය කුමක් වුවත් ඇය මොනවා කතා කළත්, ස්ත්‍රියකට අත එසවූ සැණින් පිරිමියාගේ නැති වී යන්නේ පිරිමි කමයි. එය සෑම පිරිමියෙකුටම පොදුයි...!
ඇත්තටම සෙරප්පු පහරක් දුන්නා නම් ඔබතුමිය ඉතිහාස ගත වෙනවා. ඒ අවස්ථාව නැවත එන්නේ නැත. අපරාදේ අවස්ථාවක් නැති කරගත්තේ. සෙරෙප්පු පහර කාපු කෙනා ජනාධිපති වුණත් අපිට කියන්න යමක් ඉතුරු වෙනවා.
සෙරෙප්පුව ගත්තා නම් රෝල් කරලා ගහන්න තිබ්බා...!
මේ වගේ මෝඩ එළුවන්ටයි, එළිච්චියන්ටයි අනාගතේ බාරදිලා ඔවුන් රටවල් ගොඩගනියි කියලා බලන් ඉන්න ගොන්නුන්ට මේවා හොඳ පාඩම්...!
බෙල්ල අත ඇරපු වෙලාවේ වත් සෙරෙප්පුව ගත්තේ නැත්තේ ඇයි? අනේ නිකං ඉන්න නෝනා, ඔයාගෙ හැටි මුලු ලංකාවම දන්නවා...
මේ වගේ කෝලම් පාර්ලිමේන්තු එවන්නේ මෝඩකම...!
කාලකණ්ණි වැඩක්...! ලැජ්ජයි...!
එහෙම වුණා නම් සුජිත් මන්ත්‍රීවරයා රෝද පුටුවෙන් රෝහලට යනවා බලන්න තිබුණා...
මේ නම් කක්කි ගොඩක්....!
පොදු තැන් වල එකඑක මිනිස්සුන්ගේ කලිසම් ගලවන්න ගියාහම ඔහොම වෙනවා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා තියෙනවා....!
ඩයනා ගමගේ මහත්මිය රාජ්‍ය අමාත්‍යවරියක් බැවින්, මන්ත්‍රීවරයා බෙල්ල තද කළ අවස්ථාවේදී තමාට සෙරෙප්පුව ගලවා ගැනීමට හැකිවුණා නම් වෙන දේ බලා ගැනීමට තිබූ බව පැවසීමෙන් රාජ්‍ය එම ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරියගේ රාජකාරිය කුමක්ද යන්න සඳහන් කර නැත. රටේ ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තුවන රාජ්‍ය අමාත්‍යවරියකට සෙරෙප්පුව අතට ගැනීමෙන් කරන රාජකාරිය කුමක්ද යන්න දැන ගැනීමට රටේ මහ ජනතාවට අයිතියක් ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කළ බව ද වාර්තා විය. මෙම ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇත. එබැවින් මෙම ගැටුමේම නො කළ කොටසත් ලෙස "සෙරෙප්පුව ගලවා ගැනීමට හැකිවුණා නම්" යනුවෙන් කිරීමට සිටි ඉදිරි සංසිද්ධිය කුමක් ද යන්න ඇය විසින් ප්‍රකාශ නො කරන බැවින් එය දැන ගැනීමට, ඩයනා ගමගේ මහත්මිය රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ බැවින්ද, වැලිකඩ පොලිසියේ මේ ගැටුම සම්බන්ධව පැමිණිල්ලක් ඇති බැවින් ද කතානායකවරයා විසින් මෙම ගැටුම ගැන සොයාබලා වාර්තාවක් ගත යුතුයි...
ලබාදීමට කමිටුවක් පත්කර ඇති බැවින් ද එය ව්‍යවස්ථාදායකයට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්) බැඳී ඇති බැවින්ද (එය දැන ගැනීමට) රටේ මහජනතාවට අයිතියක් ඇත. එය හෙළිකිරීම ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ යුතුකම සහ වගකීම වේ...!
ඔය වගේ වට්ටි අම්මලා. පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නැහැ... කොළඹ මැණීන් මාකට් එකේ කොස් කපන්න හොඳයි...
ඔබතුමිය සෙරප්පුව පාවිච්චි කලානම් ගහපු ඔබත් සෙරප්පු පහර කාපු ගොයියත් ඉතිහාස ගත වෙනවා.
අපිට නෝන්ජල් ලාමක ගැහැණු පාර්ලිමේන්තුවට එපා අසාධාරණයට නැගී සිටින අසාධාරණයට විරුද්ධව මිරිවැඩි සඟල පාවිච්චි කරන්න පුළුවන් ගැහැණු නිවට පිරිමින්ට වඩා පාර්ලිමේන්තුවට වටිනවා. ගහන්න ඕනේ නම් එලියට බැහැපන් කිව්ව පිරිමි ඒවා ක්‍රීයාත්මක් කලේ නැහැ. ඔබ ක්‍රියාත්මක කළා. වැඩේ හරි වැරැද්ද එය හොයා බලන අයගේ opinion එක මිසක් එය සර්ව සත්‍යය නොවෙයි...!
ජුගුප්සාජනක කතාවක්. ස්ත්‍රිය ගේ ගෞරවය කෙලෙසන ස්ත්‍රියක්...