අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලයයේ සිසුන් දස දෙනකු අද (8) උදේ අයාලේ යන බල්ලෙකු විසින් සපා කන ළදැයි රොහල් ආරංචි කියයි.
සිසුවියෝ තිදෙනෙක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
බල්ලා මරා දැමු බවත් බල්ලාට ජලභීතිකාව ඇද්දැයි සොයා ගැනීමට හිස රෝහලට යැවීට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අහවල් සංවිධානය මේකටත් එරෙහි වන්න පුළුවන්.ජාතිවාදය එලා අනිකුත් ආගම්කාරයන්ව මරණ එක හොදලු. නමුත් බල්ලෝ මරණ එක පව්ලු. එහෙනම් තියෙන්නේ මේ පිස්සු බල්ලෝ ටික එයාලගේ පන්සල් වලට හෝ කාර්යාල වලට දැක්කල අරින එකයි. එතකොට තේරෙයි බල්ලන්ගේ හැටි. (දී)
බල්ලා සිසුන් දණ ගස්වලා නැද්ද? (දී)
සතාගේ නම අහපුවහම මට හිතුනේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්ද කියල, ළමයින්ව හපලා තියෙන්නේ.(නදී)
බල්ලන්ටත් දැන් යන්න වෙන තැන් නැතුව වාගේ පනින්නෙම පාසැල් වලට.(නදී)
මේවා මහා බලු වැඩ.(නදී)
බල්ලෙක් හපන්න එනවිට ඉතිබිසෝ බගවා අරහන් , සාන්ත කුරුසයේ අඩ්යලමේ අපගේ සතුරන්ගෙන් අප මුදවා දෙන්න සහ අල්හාවී අක්බර් කියල බේරෙන්න බැහැ . සනීකව කරන්න පුළුවන් එකම දෙය වැලි හෝ පස්ටිකක් ටිකක් අරගෙන බල්ලාගේ කටට විසිකරන එක.(නදී)
මේක බල්ලාගේ වරද නෙවේ බලලා හදපු කෙනාගේ වරදක්, (නදී)
මාමා...ඔයා නම් හරිම ඇත්ත කියල තියෙන්නේ.(නදී)
හප කාපු බල්ලටත් වැඩ අන්ත පිස්සු බල්ලෝ ටිකක් අදහස් දාලා තියෙන්නේ. ඒකත් විනෝදෙට අරගෙන.ඒකටත් දේශපාලනේ ගාව ගෙන.. (නි)
අනේ පිස්සු බල්ලෝ කාපන්කො හොඳට මස් පර්වත වගේ දිලෙන දේශපාලුවෝ කීප දෙනෙක්ව. ඊළඟ ආත්මේ වත් හොඳ තැනක උපදින්න. පව් වැඩ නොකර අහිංසකයන්ට වද නොදී.(නදී)
හිතෙන්නේ නැද්ද විජාතික කුමන්ත්‍රණයක් කියල මේක ? (දී)
අල්ලලා චීනෙට යවමුද ? විදෙස් විනිමෙකුත් ලැබෙනවා. මොකද කියන්නේ? කට්ටය සෙට් වෙමුද? මාර ලාබ බිස්නස් එක! (දී)
ළමයින්ට තියෙන පිස්සුව බල්ලට හැදෙයිද දන්නෙ නැහැ (දී)
ෂික්,! ඒකත් මහා බලු කේස් එකක්නේ. ළමයින්ට අමාරුද?දෙවි පිහිටෙන් සුව වෙන්න ඕනෑ (දී)
ඉතා අවාසනාවන්ත සිදු වීමක්.(නදී)
හේරත් ඔබ හරි. ඩීල් මොනවද ඔය නං දොඩවන්නේ. මිනිස්සු බල්ලෝ වගේ දවස ගානේ වාහනවල හැප්පිලා , ගහලා , පිහියෙන් ඇනලා මරලා දානවා. ඔයා මේ සත්ව ඝාතන ගැන කතා කරනවා. ලංකාවේ ඉපදින්න ඕන මනුස්සයෙක් වෙලා නෙවේ. හරකෙක්, බල්ලෙක් හරි වගේ මොකෙක් හරි සතෙක් වෙලා. මොකද මිනිහට වඩා ගරුත්වයක් ඌට තියනවා. මේවද බනද විකාරද මන්දා. මටනම් නිකන් පිස්සු වගේ.(නදී)
හොඳ ලොකු පොහොසත් ගෙවල් වල නම් බල්ලන්ව බොහොම හොඳට බලා කියා ගන්නවා. වෙලාවට බෙහෙත් එන්නත් කරලා එහෙම. අවාසනාවකට වගෙයි මධ්‍යම පන්තියේ උදවිය නිකන් ශෝ එකට බල්ලෝ ඇති කරන්නෙ. උන්ට හරියට කන්න දෙන්නෙත් නැහැ. ඒගොල්ලො කන්නෙත් නැහැ. බල්ලන්ව නාවන්නෙත් නැහැ. ඒගොල්ලො නාන්නෙත් නැහැ. ඒගොල්ලො බෙහෙත් විද ගන්නෙත් නැහැ. බල්ලන්ට බෙහෙත් විදින්නෙත් නැහැ. බලු අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංගනය කරනවා. ඒ නිසා බල්ලෝ ඇති කරන සාමාන්‍ය පන්තියේ අයගේ ආදායම් තත්වය බලලා තමා බල්ලෝ ඇති කරන්න දෙන්න ඕනෑ. (දී)
ගෙදරට යවලා අර ළමයින්ට බෙහෙත් දා ගන්න සල්ලි ඉල්ලලා දෙන්න.(අ)
මෙන්න රට , තමන් බල්ලෙක් හදනවනම් ඒ සම්පූර්ණ වගකීම තමන් සතුයි. බල්ලා කිසිම විටෙක තනියම ජනතාව අතරට ඇරීම සම්පූර්ණයෙන් තහනම්. බල්ලා එළියේ මල පහ කරන්න තමන් විසින් ඒ නියමයන්ට අනුව රැගෙන යා යුතයි. ඒ වගේම බල්ලාගේ අශුචි තැන තමන් විසින් පිරිසිදු කල යුතයි. දඩය $2500. සැපයි නේද.(නදී)
ගමගේ, බල්ල කියන්නේ තිරිසනෙක් , ඌට මිනිසුන් තරම් හිතන්න මොලයක් නැහැ. ඔයාට ඊට වැඩිය පොඩ්ඩක් හරි හිතන්න මොලයක් තියනවා නේද?(නදී)
අන්තරයේ බල්ලෙක් ද කොහෙද මොකද එයාලට සිසුන් පෙන්නන්න බැහැනේ.(නදී)
ඇයි අමතකද ගුරුතුමියක්වත් බල්ලෙක් හැපුවේ නවගත්තේගම පාසැලක. (දී)
මේ බල්ලා හිටියේ පළාත් සබාවක් කිට්ටුවද? (නි)
අනේ ඒකටත් නොමිනේෂන් දෙන්නකෝ. ජාඩියට මුඩිය වගේ දැන් ඉන්න සම-හරක් ඇමතිවරුන්ට, මන්තිරිලට, පලාබබාලට ගැලපෙනවා. (නි)
දැන් මේ රටේ අධ්‍යාපනය බල්ලට ගිහිල්ලනේ. ඒකයි මෙහෙම වෙන්නේ!! (නි)
අපේ ගෙවල් ලඟත් ඔය වගේම හපන බල්ලෙක් ඉන්නවා. මිනිස්සු ඌට ගහන්නේවත් එලවන්නේවත් නැහැ. මොකද බල්ලෝ මරන්න තහනමක් තියනවලු. ඒ නිසා මටත් බයයි ඌට මොනවා හරි කරන්න. එහෙම තහනමක් තියනවද? දන්නෙ නැති නිසා අහන්නේ. නැත්නම් මම මෙලහකට වැඩේ දීලා, දන්නා කෙනෙක් කියන්නකෝ. මැරුවට කමක් නැද්ද? (නි)
දඩාවතේ යන බල්ලන් වඳ කිරීමට පියවර නොගැනීම මෙයට හේතුවයි. ආගම සහ රාෂ්ට පාලනය යනු එකට නොයන දෙකක් බව පාලකයන් වටහා ගත යුතුය. (නි)
මේ වගේ රූපයක් අර දනගහපු කතාවේ ද තිබුනා ඒ වගේ දෙයක් නෙමෙයිනේ නේද?(නදී)
ඕකා ප්‍රාදේශීය සභා බල්ලෙක් වෙන්න ඇති.(නදී)
බල්ලෝ නං මාර වාතයක්. අපේ පාරේ හැමතැනම බල්ලෝ ජරා කරලා. ඒවා බේරලා වාහනේ එලවන්න ගිහින් හැප්පෙන්න ගිහිල්ලත් තියෙනවා. බල්ලෝ බුර බුරා පස්සෙන් පන්නන් ඇවිත් බයික් එකෙන් වැටෙන්න ගිහිල්ලත් තියෙනවා. අහල පහල බල්ලෝ අපේ මිදුලේ ජරා කරලත් යනවා. ඒත් ඕවට කතා කරන්න ගියාම බලු මහත්තුරු ගන්නේ බල්ලාගේ පැත්ත. හදන බල්ලෙක් තමන්ගේ වත්ත ඇතුලේ හදා ගන්නවා මිසක් පාරේ අරින්න එපා කවදාවත්. නැත්තන් කොයි වෙලේ හරි බයික් එකෙන් වැටිච්ච එකෙක් හොයාගෙන ඇවිත් බල්ලට නෙවෙයි බල්ලාගේ අයිතිකාරයට මන්නේකින් කොටයි. (නි)
ගමගේ, ඔයා නීතියට බය නිසා හරි වැරදි නොකරන එක හොදයි. සතෙක් වුනත් මරණ එක වැරදියි තමා. නමුත් සතකුගෙන් හෝ සමාජයට කරදර නම් පොලිසියට,නගර සභාවට දැනුම් දුන්නොත් ඒ අය අවශ්‍ය පියවර ගනිවි (නි)
බිබිඑස් හා උරුමයන් මේ සත්ව ඝාතනය තරයේ හෙළා දැකිය යුතුයි. (නි)
බල්ලා එනකොටම දණගහගෙන හිටියා නම් සමහරවිට හපන එකක් නැහැ. (නි)
බල්ලොත් එක්ක බැහැ (නි)
ඇමතිතුමෙකුගේ ගෙදරක හදපු බල්ලෙක්වද්ද? (නි)
අද කාලේ මිනිස්සුත් බල්ලෝ වගෙයි. වෙනසක් නැහැ. කන්න දුන්න අත හපාකනවා (නි)
අසංක හේරත්, ඔයා හරි. අමු අමුවේ මිනිසුන් හරක් සහ සතුන් මරනවා. ඒත් බල්ලන්ව දඩාවතේ යන්න හැර බලාගෙන ඉන්නවා (දී)
මේවා අදාළ බලදාරීන්ට තේරෙන්නේ නැද්ද මන්දා මේ වෙන දේවල්!! (දී)