තම ශ්‍රී ලාංකික හාම්පුතා සොයා දින තුනක් දුම්රිය දෙකකින් කිලෝමීටර 700ක් ගමන් කළ බල්ලෙක් අන්තිමේදී හාම්පුතා සොයා ගත්තේය.
ප‍්‍රසන්න ප‍්‍රනාන්දු නම් හාම්පුතු හමුවන තුරු මේ බල්ලා කිසිම කෑමක් බීමක් ගත්තේ ද නැත.
බල්ලාගේ මේ වීර වික‍්‍රම කතාව ඉතාලියේ ඉල් මතීනෝ පුවත්පත ඇතුළු මාධ්‍ය රැසක පළවිය.
සුළු පරිමාණ වෙළද ව්‍යාපාරිකයකු වන ප‍්‍රසන්න ප‍්‍රනාන්දු ඉතාලියේ පාදොවා නගරයේ ජිවත් වෙයි. ඔහුගේ තනි නොතනියට සිටිනුයේ එලූ නැමැති සුරතල් බල්ලෙකි. ප‍්‍රසන්න වෙළදාම සඳහා යුරෝපය පුරාම එලූ ද ඔහු සමග යයි. ඒත් වැඩිපුරම ප‍්‍රසන්නගේ වෙළදාම ඉතාලියේ බොලොඤ්ඤා නගරය සමග බැඳී තිබේ.
ප‍්‍රසන්නත් එලූත් දුම්රියෙන් බොලොඤ්ඤා ගොස් සවස ගෙදර එති. පසුගිය දිනක බොලොඤ්ඤා නගරයේ අධික තදබදයක් පැවති අතර ප‍්‍රසන්නත් එලූත් මෙම තදබදය නිසා එකිනෙකාගෙන් වෙන්විය. පැය කිහිපයක් තිස්සේ නගරයේ සෑම තැනම තම සුරතලා සෙවූ ප‍්‍රසන්න අවසානයේදී පොලිස් පොතේ පැමිණිල්ලක් කැර ගෙදර පැමිණ තම සුරතලා සොයා ගැනීමට අන්තර් ජාලයේ පිහිට පැතීය.
වසර එකොලහක් මුලූල්ලේ තමා රැකබලා ගත් තම ස්වාමියා බොලොඤ්ඤා නගරය පුරාම සෙව් එලූද අවසානයේ තමාට හුරු පුරුදු දුම්රිය ස්ථානයට පැමිණ පුරුදු වේදිකාවෙන්ම තනිවම දුම්රියට ගොඩ වූයේ නැවත ගෙදර යෑම සඳහා විය යුතුය. එහෙත් ඒ වනවිට වේදිකාවට පැමිණ තිබුණේ රෝමය බලා යන ”යුරෝ ස්ටාර්” අධිවේගී දුම්රියයි. අසුනක් යටටවී තම ගමනාන්තයට ළගා වන තෙක් පැය හතරක් පුරා සිටි එලූ අවසානයේදී දුම්රියෙන් බැස ගියේ පාදොවා දුම්රිය ස්ථානය යැයි සිතමිනි.
ඒත් මේ තමාට හුරු පුරුදු වටපිටාව නොවන බව ඉක්මනින් වටහා ගැනීමට වූ එලූට හැකිවිය. නැවතත් දුම්රිය ස්ථානයට පමිණ තවත් දුම්රියකට ගොඩ විය. ඒත් මෙවරද එලූට වැරැුදිණි. පැය කිහිපයක දුම්රිය ගමනකින් පසු එලූ පැමිණ සිටියේ රිමිනි දුම්රිය පොළේය. කාත් කවුරුවත් නැතිව දුම්රිය ස්ථානයේ ඒ මේ අත යන බල්ලා දුටු ඉතාලි ජාතික කරුණාවන්ත කාන්තාවක් එලූ සමග මිත‍්‍රවිය. පසුව එලූ තම නිවසට රැුගෙන ගියාය. කෑම බීම දුන්න ද එලූ ඒ කිසිවක් දෙස නොබැලූවේය. කුමක් හෝ වේදනාවකින් බල්ලා සිටින බව දැනගත් කාන්තාවට දිනකට පසු අන්තර් ජාලය පරීක්ෂා කිරීමෙන් බල්ලා ගැන තොරතුරක් දැන ගැනීමට හැකිවිය. ඒ ඔස්සේ සියලූ විස්තර දැනගත් ඇය තම මෝටර් රථයෙන්ම රිමිනි සිට පාදෝවා නගරයට පැමිණ තමාට එලූ බාරදීමට තරම් කාරුණික වූ බව ප‍්‍රසන්න කියයි. කහ ඉර නැතිව පාර නොපනින මේ බල්ලා කහ, කොළ හා රතු එළි හොඳින් අඳුනයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල අමතක කරන මිනිසුන්ට හොද ආදර්ශයක් එය
සුනඛයා තරම් කලගුණ දන්න තවත් සෙතක් නෑ
මනුස්සයෙකුට වැඩිය හොද ගතිගුණ තියනවා.
තිරිසන් සතා මිනිසාට වඩා කෙතරම් අගනේද?
ලංකාවේ කන්තෝරු කෝච්චිවල, අනුන්ට සීට් අල්ලාගෙන යන ගමන්, අහිංසක මගීන්ට ගොරවන අනුවනයනුත් හරියට ඉන්නවා.
මිනිසුන් ලග නොමැති ගුණාංග මේ බල්ලා ලග ඇති බව වටහා ගන්න
මෙහෙම බල්ලො ලංකාවෙ නැහැනෙ
බල්ලා යන වචනයෙ අර්ථය බලන්නා කියන එකයි.ඒ නම එයාට ගැලපෙනව.
තිරිසනා මිනිසාට වඩා කලගුණ මතක තියෙන කෙනෙක්
මනු සතුන් වන අපට හොද ආදර්ශයක්
කළගුණ දන්න බල්ලෙක්
ලංකාවේ අයට මේවා හොද පාඩමක්
සොහොයුරන් පවා අමතක වෙන කාලෙක මේ බල්ලා මිනිසුන්ට විශාල ආදර්ශයක්. මොහුට බල්ලා යන නම භාවිතා කිරීම නොගැලපේ. මොකද මොහු මිනිසුන්ටත් වඩා ර්‍ශේෂ්ඨයෙක්
වෙන්න පුළුවන්...
මිනිසුන්ටත් නැති ගුනයක් ඇති තිරිසනෙක්
වැදගත් සුනඛයෝ... කන්න දුන්න ගුණ යහපත්කම හොදට දන්නවා.... මිනිස්සු ඔය වගේද?
මට ගොඩක් සතුටුයි......
අපේ සමහර අයට වඩා හොද බල්ලොත් ඉන්නවා...
මරු බල්ලෙක්..
හොද ආදර්ශයක්...