‘ක්‍රීඩාව වෙනුවෙන් පෙනීසිටින අය ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ මාධ්‍ය හමුවේ පෙනිසිටීමට හා සිය හිතවතුන් උපකාර කිරීමට‘ යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (7) වත්තේගම, තෙන්නකෝන් විමලානන්ද මහ විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.
‘බලයේ සිටින අයට ක්‍රීඩාවේ වැදගත්කම තේරෙන්නේ නැහැ. සමහර අයට තිබෙන ලොකුම අවශ්‍යතාව වන්නේ පුවත්පත්වල ඡායාරූප පළ කර ගැනීම හා රූපවාහිනියේ පෙනී සිටීමයි. එයයි ඔවුන්ගේ ක්‍රීඩා සංස්කෘතියයි. ඔලිම්පික් තරග සදහා විදෙස්ගත වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නම දෙනෙකු යන විට නිලධාරීන් 40ක් යනවා. නමුත්කළ යුත්තේ නිලධාරී ප්‍රමාණය අඩකින් අඩු කොට ඒ වෙනුවට තවත් ආධුනික ක්‍රීඩකයන් යොමු කිරීමයි. ඔවුන්ට එයින් ඉදිරියේදී ඔලිම්පික් පදක්මක් ලබා ගැනීමට හැකි අත්දැකීමක් ලැබෙනවා. එසේ ඔවුන් දිරි ගැන්විය හැකියි‘ යැයි ද ඇමැතිවරයා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන් සහ ඔවුන්ගේ වටේ සිටින නූගත් පිරිසක් මහජන මුදල් කාබාසිනියා කරනවා. ඔවුන් කෝටි ගණන් මුදල් වැයකරමින් රට සවාරි යනවා. මොවුන් අපි පත්කළේ රට සවාරි යන්න විතරද? රටේ ක්‍රීඩාව තවත් වළපල්ලටම යනවා. මොවුන්ට අවශ්‍ය ප්‍රසිද්ධිය සහ තම පුද්ගලික සැප පමණයි (නි)
දේශපාලන පිල් වශයෙන් දෙපැත්තට බෙදී ක්‍රීඩාව විනාශ කිරීමට කවුරු කවුරුත් වගකියන්න ඕනෑ (නි)
අනේ ඉතින් මේ ඔක්කොම කතා ටික ඇයි කියලා අපි දන්නවනේ... (නි)
ඇමතිතුමනි, බලයේ සිටින්නේ පුරවැසි අපි නොව ඔබතුමන්ලාය. අපට කළහැකි එකම දේ කතිරය ගසා ඔබතුමන්ලා බලයට පත්කිරීමය. අපගේ යුතුකම අප කළෙමු. දැන් ඉතිරිව ඇත්තේ ඔබගේ යුතුකමය. තැන තැන කතාකිරීමෙන් මේ ප්‍රශ්න නොවිසඳේ. මේවා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නීතිගත කළයුතුය (නි)