‘කම්කරු බලයට අකමැති බලු ගැති සේනාව රටේ ජාතික අසමගිය වපුරමින් ඉන්නවා.පර්පයින් පොළොගුන්සේ සිටින මෙවැනි පිළිල වලින් බේරීමට නම් කම්කරු ජනතාව එකමුතුව එක්සිත්ව ජාතික සමගිය වෙනුවෙන් නැඟී සිටිය යුතු කාලය එළැඹිලා ‘ යැයි ජාතික භාෂා හා ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර අද (01) ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යසේවා සංගමයේ මැයි රැලියේදී පැවසීය.
‘ජීවිත් වීමේ බරපතල අභියෝගයකට මුහුණ දී සිටින කම්කරු ජනතාව වත්මන් ආණ්ඩුවේ පැවැත්මට අවශ්‍ය වෙයි. ආණ්ඩුව පෙරැළා දැමීමට අවශ්‍ය නැති බව ඔවුන් තේරුම්ගත යුතුයි.
කළ යුත්තේ රටේ කම්කරු ජනතාවගේ බලය පෙන්වන මහා එක් දින වැඩ වර්ජනයට සුදානම් වීම යැයිද නානයක්කාර මහතා කියා සිටියේය.
එසේම විධායක ජනපති ක්‍රමය ඉවත් කැර පාර්ලිමේන්තු පාලනයට බලය හැරවීමේ ක්‍රියාමාර්ගයකටද කම්කරු ජනතාව පෙළ ගැසිය යුතු බව අමාත්‍යවරයා එහිදී කීවේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
බලය පෙන්වන්න වාසු එක් දින වර්ජනයක් ඉල්ලයි
මොහාන් Thursday, 01 May 2014 03:46 PM
කම්කරු පන්තිය පාවල දීපු නරුමයෝ කීප දෙනෙක් ඉන්නවා මේ ආණ්ඩුවේ. මිනිස්සු දන්නවා කව්ද කියල. (අ)
පිටිගල Thursday, 01 May 2014 03:57 PM
බලු ගැතී සේනාව කියන එකෙන් ඔබ තුමා අදහස් කරන්නේ මොකක් ගැනද? බලු ගැති කව්ද කියලා නම් රටම දන්නවා. (ස)
ධම්ම Thursday, 01 May 2014 04:15 PM
පසුගිය පනස් වසරක් තිස්සේ ඔබතුමාගේ කතා අහලා අපේ කන්වල දැන් කරගැට ඇවිල්ලා. (ස)
වින්සන්ට් Thursday, 01 May 2014 10:28 PM
කාට මොනවා කිවත් කමක් නැත ගරු ඇමතිතුමෙනි, බල්ලන් හැල්ලුවට ලක්කරනවට අපි කැමති නැත්තෙමු. (ස)
මානගේ Thursday, 01 May 2014 04:44 PM
අහිංසක කම්කරුවන්ගේ කරපිටින් ගිහින් හරි තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න තමයි සමහරුන්ට ඕනෑ වෙලා තියෙන්නේ. ඒවට අහුවුණු කාලේ ඉවරයි. (නි)
ලාල් ජකර්තා Thursday, 01 May 2014 05:46 PM
එයා ඉඳල හිටලා ඔහොම කථා කියනවා. ගණන් ගන්න එපා. (නි)
ද සිල්වා බෙර්ලින් Friday, 02 May 2014 12:05 AM
ඔබ තුමා ආණ්ඩුවේ කැබිනට් ඇමති වරයෙක් , වැඩකරන ජනතාවට සේවය කරන්න කිසිම භාදකයක් නැහැ , වැඩකරන ජනතාව වර්ජනයකට ඇදල දැම්මට ඔවුන්ට ඇතිවන සුගතියක් නැහැ. පවතින ක්‍රමය හොඳ නැත්නම් බොරු සෝබන කතා කියනේ නැතුව ඇමෙති කමෙන් සහ ආණ්ඩුවෙන් ඉවත් වෙලා වැඩකරන ජනතාව සමග එකතු වෙන්න.(නදී)
පාලිත Friday, 02 May 2014 12:59 AM
වාසුදේව සහෝදරයා ඇමතිකම් දැරුවත් නැතත් සැමදා පරත්‍යාශීලී තැනක සිටින කෙනෙකි. (නදී)
සංජීව Thursday, 01 May 2014 05:06 PM
අපි නම් දන්නවා කාගේ කාගෙත් ජාතික හැඟීම ගැන (නි)
චන්දන මල්ලවආච්චි Friday, 02 May 2014 02:13 PM
මෙයා ඉල්ලන් කන්න හදන්නේ. අපි අහුවෙයි ඕවට, ඒ ගොනා වික්කා. (ස)
බන්දුල පෙරේරා Thursday, 01 May 2014 05:25 PM
මැයි දිනය කියන්නේ මොන වගේ දවසක්ද කියලා මම හොඳට දන්නවා (නි)
සෙනරත් බණ්ඩාර ජයරත්න Friday, 02 May 2014 02:59 AM
රටේ වගකිවයුත්තන්ගෙන් විය යුතු දේ නොවන නිසා සාමාන්‍ය මිනිස්සු නීතිය අතට අරගෙන වැඩ වර්ජන කරනවට වැඩිය හොඳ නැද්ද,රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පහසු මාර්ගයක් හදලා දුන්නා නම්? (නි)
චින්තක Thursday, 01 May 2014 05:41 PM
දීලා බලමුද? (නි)
වින්සන්ට් Thursday, 01 May 2014 07:06 PM
කාට මොනවා කිවත් කමක් නැහැ හැල්ලුවට ලක්කරනවාට මම නම් කැමති නැත ගරු ඇමති තුමෙනි.(නදී)
අජා Thursday, 01 May 2014 07:15 PM
ඔන්න ඔහේ ඉල්ලන දෙයක් දීලා දාන්න (නි)
මාලක Friday, 02 May 2014 07:52 AM
සමහරුන්ට මොළය තියනකොට බලය නැහැ, බලය තියනකොට මොළය නැහැ. (නි)
සමන්ති Saturday, 03 May 2014 07:59 PM
80 වර්ජනයේදී මෙයාගේ නෝනා වර්ජන කලේ නැත. (නදී)
දොඩන්ගොඩ ආනන්ද Thursday, 01 May 2014 06:59 PM
කම්කරු ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය සහ කමකරුවන්ගේ මුදල් වලින් මුට්ටි කාසි ගසා කන බොහෝ දෙනෙක් අද කම්කරුවන් සමග නොව ඉන්නේ වෙනත් අය සමග බව රටම දන්නවා (අ)
මාලක Thursday, 01 May 2014 07:04 PM
ඔබ කම්කරු නායකයෙක්ද? (නි)
රවීන් Thursday, 01 May 2014 07:16 PM
කාගෙවත් කතා වලට අපි අහුවෙන්නේ නැහැ. (නි)
ලුම්බිණි Friday, 02 May 2014 09:18 AM
කොහොම හිනහ වෙන්නද කියල හිතාගන්නවත් බැහැ. (ස)
ඩී.උපුල් Thursday, 01 May 2014 08:16 PM
මෙතුමා මොනවා කියනවද කියලා එදා ඉඳලම අපිට තේරුම් ගන්න බැහැ. කම්කරු ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දීලලු. වැඩ වර්ජනයක් ඕනෑලු. ආණ්ඩුවට විරුද්ධවද? විපක්ෂයට විරුද්ධවද? (නි)
සිල්වා Thursday, 01 May 2014 07:53 PM
එතුමාව බොහෝ මිනිස්සු දැකගන්නේ කම්කරු දිනය දවසට (නි)
නාමල් Thursday, 01 May 2014 07:59 PM
ලබන මැයි දිනයට පෙර ඔබට යහපතක්ම වේවා! (නි)
රේමන්ඩ් Friday, 02 May 2014 09:32 AM
මේ කට්ටිය ආණ්ඩුව ඇතුලේ ඉඳලත් 80 වේ වර්ජනය කරලා රැකියා අහිමි වූ අය ගැන සොයා බැලුවද ? මේ කට්ටියගේ කීම අහල අද වර්ජනය කරනයටත් කලින් අයට සිදුවුදෙය මතකනම් රැවටෙන්න එපා . (අ)
පිටිගල Thursday, 01 May 2014 09:10 PM
අපි නොදන්නවායැ? (නි)