
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බලය ලබා ගැනීමට තියෙන තියුණුම ආයුධය වන්නේ බොරුව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නමුත් ලබා ගත් බලය ඉදිරියට ගෙනයාම සඳහා ඒ ආයුධය පාවිච්චි කරන්න බැරි බවද අබේගුණවර්ධන මහතා කීය.
"ජනාධිපතිගේ අයවැය යෝජනා මමත් ඕන කමින් ඇහුවා. ආණ්ඩුවේ ඉන්න 159 ඒ කතාවට 83 වතාවක් අත්පුඩි ගැහුවා.අයවැය යෝජනාවලියේ සංවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් වෙච්ච හැටි කියනකොට එහෙම අත්පුඩි ගැහුවා. අපිත් ඔය පැත්තෙ ඉඳගෙන අපේ ජනාධිපතිවරු කතා කරනකොට එහෙම අත්පුඩි ගැහුවා.එහෙම අත්පුඩි ගසමින් ඉඳලා රෑ නිදිය ගත්තා. උදේ එළිවෙන කොට ගෙවලුත් ගිනි තියලා. එහෙම තමයි.අපි නොහිතපු දේවල් වෙනවා.මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන.
මේ විවාදෙදි දැඩි ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වුණු චෝදනාව කුමක්ද? ගිය වසරේ අයවැය වියදම් වලින් සියයට 50 කටවත් කිට්ටු වී නැති බව කියැවුනා.මේකට හේතුව ගැන හොයන්න.
නිලධාරීන් බය කරලා තියෙන නිසා දැන් තීන්දු ගන්නේ නෑ.පහුගිය අවුරුද්දේ මුදල් ටිකට වුණේ ඕක තමයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලය ගන්න තියෙන තියුණුම ආයුධය හෙළි කරයි
Anura Tuesday, 11 November 2025 03:38 PM
රටේ ආර්ථිකය විනාශ කරලා, මිනිස්සු ගහලා එලෙවුවත් තවම ලැජ්ජා නැහැ... කියව කියවා ඉන්නවා
කපුරුහාමි Tuesday, 11 November 2025 03:40 PM
බලලෝලී බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ බොරු බේගල් ගහලා , ජනතාව රවට්ටපු කාලේ ඉවරයි. තමුන් නම් හොටු හූර හූර බොරුවට කිඹුල් කදුළු හළලා, ජනතාවගේ අනුකම්පාව අරගෙන යාන්තම් පාර්ලිමේන්තුවට ආවා...
Ruwan R Tuesday, 11 November 2025 04:27 PM
මේ මිනිහා ඇත්තක් කියපු පලවෙනි වතාව..
de silva Tuesday, 11 November 2025 04:34 PM
ඔබ වරායේ කරපු හොරකම් ඇතුළු ඩොලර් කෝටි ගණන් වටිනා වලට ආණ්ඩුවෙන් ඔබට කිසිම කරදරයක් කරලා නැහැ. වැඩිම වුනොත් අර ඉස්සර කෝච්චියේ මාල කඩපු වගේ යල් පැනගිය කේස් එකකට දවස් 2 රිමාන්ඩ් කරාවි, නිකන් වාචාල කථා කියලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා...
අරවින්ද මොණරවිල Tuesday, 11 November 2025 07:03 PM
ඔය තුන් හතර ගොල්ලෝම තරගෙට බොරු කිව්වා, මෙදා සැරේ වැඩ කෙරුවේ පච කුමාරයාගේ බොරු !
ආනන්ද Tuesday, 11 November 2025 08:45 PM
බර වැඩ සහිතව කවදද?
තිලක් Wednesday, 12 November 2025 08:52 AM
ඇත්තට? නයා කාපූ එක සනීපද දැන්?
පිටිගල මිලානෝ Wednesday, 12 November 2025 09:42 AM
ළගදීම නයා වැලිකඩ… මහින්දානන්දගේ තනි රකින්න…
Lalla Wednesday, 12 November 2025 01:10 PM
තාම නැව හරියට රත්වෙලා නැතිව ඇති....