ලෝක වැඩිහිටි දිනට පසු දින වයස්ගත මාතාවකට සෙල්ල කතරගම දී පහර දුන්නැයි කියන රඹුක්කන ඝංසානන්ද නම් පුද්ගලයකු ලබන (07) වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමාහාරම වැඩබලන මහේස්ත්‍රාත් පි.ඒ.ජයසිරි මහතා නියෝග කළේය.
ඇය සෙල්ල කතරගම වල්ලි විහ පාරේ වසර 20ක් පුරා බෙලිමල් තම්බා වන්දනාකරුවන්ට අලෙවි කළ වගආරච්චිගේ යසවතී (70) පහර කෑමෙන් තුවාල ලබා කතරගම රෝහලට ඇතුළු කර සිටියි.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/111.jpg)
![89[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/891.jpg)
![990[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/9901.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපතර මනුස්සයෙක් , තමන්ගේ අම්මට ගැහුවා හා සමානයි නේද ? (බ)
නරකාදියට යන්න ඉන්න අය තමා (බ)
මේවා මහා කැත වැඩ. මේ කාන්තාව මොනතරම් අසරණද? (නි)
ඔය පහරදුන් කෙනාගේ නම බලන්නකෝ (නි)
අසරණ වියපත් මෑණි කෙනෙකුට තුවාලවෙන තරමට පහරදුන් මේ මිනිසා කවරෙක්ද?මේවා අසන්නට, දැකීමට ලැබීමත් දුකකි. මෑණියනි,ඔබට ඉක්මන් සුවය ලැබේවා....! (නි)
අනේ මෙහෙමත් අපරාධ! (නි)
කාසි ඇතොත් මේ බෙලිමල් වතුර පොදක් ...කෙසේ වෙතත් මේ අහිංසකයින්ට හිරිහැර නොකර ඉන්න. (බ)