කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් 11 දෙනකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.
ජූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් නමැති සැකකරු ගල්කිස්ස, පන්සල පාර, 75/51 බී, 1 වැනි හරස් පටුමග සහ ජා ඇල, වැලිගම්පිටිය අංක 15/ඒ19 ලිපිනයන්හි පදිංචිව සිට ඇත. මොහු සම්බන්ධයෙන් තොරතුරක් ඇතොත් 071 8591753, 071 8591770, 077 3291500 යන අංකයන්ට දන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල්ගේ අඳුරන කෙනෙක් වගෙයි මට පෙනෙන්නේ. (නි)
රට තුල විනයක් නීතියක් පැවතිය යුතුය. ජනපතිතුමා පාර්ලිමේන්තුවේ කියූ පරිද්දෙන්ම එය සිදුවිය යුතුය. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුය. ඉන් මහජනතාව තුළ නීතිය පිළිබඳ විශ්වාසය වර්ධනයවීම හා ඉදිරියේදී වැරදි සිදුකිරීමට බියක් ඇතිවීමද නිසැකවම සිදු වේ. (නි)
ජාතික ආණ්ඩුවක් කියල සන්ධානය එක පැත්තකින් එකතු කරගෙන අනෙක් පැත්තෙන් සන්ධාන ප්‍රබලයින් හිරේට ගෙනියන යටි අරමුණ නේද මේ ක්‍රියාත්මක වෙන්නේ (බ)
නිමල්, ඔබට මොහුව පෙනෙන්නේ සන්ධාන ප්‍රබලයෙක් වගේද? (නි)
මේ වෙලාවෙ අපිට කළයුතු විශාල වගකීමක් තිබෙනවා. (නි)
මෙවැනි විෂබීජ අත් අඩංගුවට ගත්තට මදි.ආයුධ පෙන්නන්න එක්ක යන්න.එතකොට ඔක්කොම හරි යාවි.(ම)
ප්‍රනාන්දු,අපරාධකාරයින් සමඟ සිටි දේශපාලකයෝ අද පාර්ලිමේන්තුවේ ඉන්නවා නම්,ඔවුන්ව වහා එළවා දැමීම නොවේද කළයුතු වෙන්නේ? (නි)
පොඩ්ඩක් අසරණ වගේ (ම)
අසම්මත අපරාද සහ සම්මත නීතිය අතර හිඩැස (ම)
නිමල්, සන්ධානයේ මොන පක්ෂයේද දන්නෙ නැහැ මෙයා ප්‍රබල? (නි)
සමහර අයගේ අදහස් දැක්කහම එයාලා හිතන විදිය ගැන පුදුමත් හිතෙනවා (නි)
ප්‍රනාන්දු, ඒ කියන්නේ ඔබ යුද්ධය වෙලාවේ වගකීම පැහැර හැරියා කියන ඵකද? (නි)
ප්‍රබලයෙක් කියලා නම් පෙනෙනවා මුහුණ දැක්කහම. නිමල්ට ගොඩක් අමාරු වගේ මෙයාව අත්අඩංගුවට ගන්න එක ගැන. (නි)