පසුගිය ආණ්ඩුව කළ පව් සුද්ධ කිරීමට ඇති නිසා යම් ප්‍රමාදයක් ඇතත් බලාපොරොත්තුවන රැකියා, වරප්‍රසාද ලැබෙන බවත් ඒ කිසිදෙයක් අමතක කර නැති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කීවේය.
ගම්පහ ප්‍රදේශයේ තම ආධාරකරුවන් වෙනුවෙන් ජාඇල ගුරුගේ පාර්ක්හි පැවැති සුහද හමුවට එක්වෙමින් විජයවර්ධන මහතා මේ බව පැවසීය.
‘ඇවන්ගාඩ් ආයතනයට අවශ්‍ය බලපත් ආදිය ලබාදුන්නේ පසුගිය ආණ්ඩුව. ඒ ගැන විනිවිද බවකින් යුත් පරීක්ෂණයක් කර අවසන් කිරීමට බලාපොරොත්තු වනවා‘ යැයිද ඒ මහතා සඳහන් කළේය.
කිසිදිනක හොරුන් ආරක්ෂා නොකළ බවත් පසුගිය රජයේ වැරදිකරුවන් සොයා සිදුකරන පරීක්ෂණ සඳහා යම් කාලයක් ගතවන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබල අවංක නායකයින් . මේ නැට්ටුවෝ අරන් යන එක යහපාලනයට ගැලපෙන්නේ නැහැ නේද (බ)
ඔබ නිහතමානී මහත්මයෙක්. (ර)
ඔබ ගැන ගම්පහ අපිට විස්වාසයි. අපි ඔබ සමග. (ර)
අපි තවමත් බලාපොරොත්තු අතහැරලා නැහැ (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
හොඳ කතාවක් මහත්තයෝ (නි)
අපිත් තවම බලාපොරොත්තු අතහැරලා නැහැ (නි)
ඉතා හොඳ කතාවක් (නි)
මේ ගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නැත . (අ)
අපේ සිත්තුළ බලාපොරොත්තු අහස උසට තිබෙනවා (නි)
හොඳ මහත්මයෙක්. (ර)
කාගේ අතින් වුණත් වැරදි වෙනවා. මේ රජයට තමන්ගේ ගමන්මඟ හදාගන්න ටික කාලයක් දියයුතුයි (නි)
බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ (නි)
මෙතුමා වැනි තරුණ දේශපාලකයන්ගේ අවශ්‍යතාවය රට ඉදිරියේ ඇත. (නි)
අපි මේ සියල්ල එලෙසම සිදුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා මහත්තයෝ (නි)
ඔබ උදාර මිනිසෙක් (නි)
අපිට ඔබ විශ්වාසයි (නි)
මේ හිටියා වගේම අපි තව ටික කලක් ඉන්නම් (නි)
ජයවේවා මැතිඳුනි! (නි)