රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරද්දී එම වාහනයේ සිටින පුද්ගලයකු පොලිසියේ ඉහළ නිලධාරියකුගේ හෝ වෙනත් අයකුගේ ඇමතුමක් බව කියමින් දුරකතනය ලබා දීමට උත්සාහ කළහොත් එවැනි අවැනි ඇමතුම් ප්‍රතික්ෂේප කරන ලෙස පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතා බදාදා පොලිසියට උපදෙස් දුන්නේය.
රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියා නොකරන ලෙස නඩු ලබා ගන්නා පොලිස් නිලධාරීනට බලපෑම් කරන බවට ලැබුණු තොරතුරු නිසා මේ පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රථවාහන රාජකාරි කරන නිලධරයකු මගින් මහජනතාවට අසාධාරණයක් වුවහොත් ඒ ගැන ප්‍රදේශයේ ඉහළ පොලිස් නලධාරියකුට හෝ පොලිස්පති උපකාරක මැදිරියට පැමිණිලි කළ හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදි ගැට හැර පියා අවදිවූ අපේ ගරු පොලිස්පති තුමණි. අපගේ ගෞරවණීය ප්‍රණාමය පල කරමු. (නදී)
ලංකාවේ නීතියක් ක්‍රියාත්මක නොවෙන එක හේතුවක් තමයි කොයි කවුරුත් තමුන්ගේ බලපුළුවන්කාරකම් වලින් නීතියෙන් ගැලවෙන්න උපරිමය කරන එක .(නදී)
බොරු චෝදනා එල්ල කරලා වැරදි විදියට දඩ කොළ ලියන්න හෝ කීයක් හරි කඩාගන්න බලන ටැෆික් මහත්වරු සම්බන්දව පොලිස්පතිතුමා ගන්න පියවර මොකක්ද? ට්‍රැෆික් මහත්වරු තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් පාරේ මෙතරම් අනතුරු වෙනවද? (නදී)
රථ වාහන වලට විතරක් නෙමෙයි මහත්තයෝ මේ නිතිය හැමතැනටම සුදුසුයි.(නදී)
ඇත්තටම හොද වැඩක්.(නදී)
මුණසිංහ ඔබ හරි. නොකළ වරදකට දඩ කොළ ලියන්න ලෑස්ති වුනොත්,හරියට කතා කලොත්, බේරිලා ගියහැකි කතා නොකර නිකන් හිටියොත් සොරිම තමයි.(අ)
ඕවා නිකන් විහිලු කතා විතරයි. " දුර පළාතකට යන්න ඕනද ? නැත්නම් මේ දුරකථන ඇමතුමට උත්තර දෙනවද? " (නදී)
මිනීමරු ප්‍රබාකරන් මැරුණට පස්සේ ලංකාවේ පොලිසියට අත් වෙලා තිබෙන ඉරණම ගැන හරිම දුකයි. වනේ වන හතුරෙකුටවත් මෙහෙම දුකක් නම් සිද්ද වෙන්න එපා දෙවියනේ.(නදී)