මගී ප‍්‍රවාහන බලපත‍්‍ර නැති බස් රථ ධාවනය කරන්නන් හට දඩය රුපියල් 10,000 සිට රුපියල් දෙලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට යයි.
මහේස්ත‍්‍රාත් අධිකරණයකින් නියම කළ හැකි මෙම දඩ මුදල ඉහළ නැංවෙන අයුරින් 1991 අංක 37 දරණ ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනතේ 40 වැනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමැතිවරු අනුමත කළහ.
අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය සඳහා බස්රථ වෙනුවෙන් මගී ප‍්‍රවාහන අවසරපත් නිකුත්කිරීම මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන අතර එවැනි බලපත‍්‍ර නොමැති බස් විශාල ප‍්‍රමාණයක් අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය වන බවට තොරතුරු ලැබී ඇති බව ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. (ර)
ලක්ෂ දෙක විතරක් මදි. වාහනෙත් රාජසන්තක කෙරන්න ඕනෑ. (නි)
ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් කිවුවලු. (නි)
මේ වගේම මඟමරුවන් මෙල්ල කිරීමටත් දැඩි නීතිරීති සකස් කිරීමට බැරිද? (නි)
නිමල් කියන්නාක් මෙන් පුද්ගලික බස් ඇතුළු අනෙකුත් රථ වාහන මිනිස් ජීවිත නැතිකොට පහසුවෙන්ම නීතියෙන් ගැළවී යනවා. නියම වන්නේ අගතියටපත් පාර්ශවයට ලක්ෂක් දෙකක් වැනි සුළු දඩයක් ගෙවීම සහ අත්හිටවූ සිර දඬුවමක් පමණයි. අඩුම ගණනේ රියැදුරු බලපත්‍රයවත් අවලංගු කරන්නේ නැහැ. පාලකයිනි, කරුණාකර රටට සිදුවන මේ අපරාධය නැවැත්වීමට නීති සකසන්න. (නි)
මේ දඩය වැඩිපුර ගෙවන්න වෙන්නේ දේශපාලකයන්ට. (ර)
අර නැති කරන 10000 බස් වල කනපැලෙන්න සිංදු දාගෙන යනවට අය කරන්න බැරි වෙයිද? දැන් කාලෙ අත දරුවන්ටත් මොබයිල් ෆෝන් තියෙන එකේ, සිංදු ඕන නැහැනේ. (ර)