ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාපති ගැන බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රාදේශීය සභාවේදී කළැයි කියන බරපතල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය ඔහුගෙන් කට උත්තරයක් ලියා ගෙන ඇත.
බලපිටිය ප්‍රාදේශීය සභාපති ඒ දයාරත්න ද සිල්වා මහතාගේ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
1997 සිට 2002 දක්වා ප්‍රාදේශීය සභාපතව සිට දැන් උප සභාපතිවරයා වන ඩබ්ලිව් සරත් සමරජීව මහතාට එරෙහිව මේ පැමිණිල්ල කර ඇත.
සභා වාර්තාව අනුව ඔහු ජනපති සම්බන්ධයෙන් ඉතා බරපතල ප්‍රකාශයක් කර ඇත.
සමරජීව මහතාට සභාපති පදවිය නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඔහු ආරවුලක පැටලී සිටී.
ප්‍රාදේශීය සභා වාර්තාවේ සඳහන් ප්‍රකාශයක් තමා නොකළ බවත්, එහෙත් මාසික සභා රැස්වීම පිළි ගන්නා බවත් උප සභාපති පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන් කියන්න දෙයක් නැහැ. මේ උදවිය ගෙන ඇත්ත කියන්න කට අරින්න කෙනෙක් අද දේශපාලනයේ නැහැ. රට පාලනයට නුසුදුස්සෝ. අඩුම ගනනේ අපේ ප්‍රතිචාර පත්තරවල දමන්නේ නැහැ. එම තරමට බයෙන් ඉන්නේ.(නදී)
දෙන්නම් වෙලාව ටිකක් බලාගත්තොත් හොදයි වගේ ඉස්සරහට හිරේ විලංගුවේ වෙටෙන්න තියෙනවද කියල? (ස)
ප්‍රාදේශීය සභා පළාත් සභා තියෙන කොට තමයි ඔක්කොම කියුම්. මහජන මුදලින් නඩත්තුවෙන මවැනි ප්‍රාදේශීය දේශපාලන ආයතන නිසයි රටේ දේශපාලන සදාචාරය වැඩි වශයෙන්ම පිරිහෙන්නේ.(නදී)
දෑන් ඉතින් සමාව ගන්න වෙයි අවුලක් නෑ ඔය කොන්දොස්තරලත් සමාව ගන්නෙ.(නදී)
මේ ගොල්ල කරන ප්‍රකාශ ගැන වැඩිය කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් මේ ගොල්ල දේශසපාලන බලය උපයෝගී කරගෙන කරන වැරදි වැඩ ගැන පොලිසිය විමසිල්ලෙන් ඉන්න ඕනේ. (නදී)
මේක හරි වැඩක්නේ. ප්‍රජාතන්ත්‍රව පත්වෙච්ච මන්ත්‍රී වරයකුට සභාපති, ජනාදිපති විවේචනය කරන්න බැරිද? ඇත්තටම මේක රාජාණ්ඩුවක් ද?(නදී)
නීල්-රනා, ඔබට පාර්ලිමේන්තුව ගැන අමතක වුනාද???? (නි)
මොකක්ද දන්නේ නැහැ කරපු ප්‍රකාශය.(නදී)
අසේල ජනාධිපති ,සභාපති විවේචනය කරන්න පුලුවන්න් ඇමරිකාව, එංගලන්තය ජපානය වැනි රට්වලයි ලංකාවේ එහෙම කරන්න බැහැ.(නදී)
අපිට කාවවත් විවේචනය කරන්න අවශ්‍ය නැහැ (දී)
අනේ කෙවින් නොදිටි මොක්පුර ...... එතකොට සුදුස්සෝ කව්ද කියලා කියලා දෙන්නකෝ. කෙවින්ලා වගේ අයගේ කියුම් බැලුවම තමයි හිතෙන්නේ මේ රටේ යුද්ධය ඉවර වුනේ අපරාදේ කියලා. (නි)
කවුද මේවාට වග කියන්න ඕනේ (දී)
නිකං ප්‍රශ්න ඇතිකරගන්න එපා මහත්වරුනේ (දී)
දෙයියෝ සාක්කි
ප්‍රබල පැමිණිල්ලක්
මොනවා කර ගන්න හදනවාද මන්දන්නේ නැහැ (දී)
අනේ ලංකාවට ගිය කල! (නි)
අයියෝ සල්ලි
දැන් මොනවා හරි කරන්නම වෙනවා.(ස)
මේවට වගකියන්න ඕන පක්ෂෙ විනය කමිටු වල ඉන්න අය. මෙයා මීට කලිනුත් ජනාධිපතිතුමාට බළපිටිය සංවිධායකතුමාටත්, පක්ෂෙ ඉහළ තනතුරු දරණ අයටත් මේ විදියට අපහාස කළා. මේ වගේ අය එක්ක දේශපාලන ගමනක් යන්න බැහැ. අංගොඩ යවන්න ඕන මිනිහෙක් ප්‍රාදේශීය සභාවට එවපු එක ගැන අපි අද කණගාටු වෙනවා.(නදී)