බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති දයාරත්න ද සිල්වා හා උප සභාපති සරත් සමරජීව ද සිල්වා අද රැස්වීමේ දී පුටු උස්සාගෙන පහර දීගන්නට වලි කෑහ.

කොන්ත්‍රාත් ක්‍රමය වෙනුවට සෘජු ශ්‍රමයෙන් ව්‍යාපෘති කළ යුතු යැයි උප සභාපතිගේ යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළු නොකළැයි  දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති විය.

‘පිස්සා‘, ‘ජනාධිපතිට බය නෑ‘, ‘සචින් වාස්ට බය නෑ‘ ආදී වහසි බස් ද ඇනුම් පද ද හුවමාරු විය.

දෙපසේ මන්ත්‍රීවරු දෙන්නා දෙපැත්තට කළහ.