බරපතල ගණයේ අපරාධ නඩු 122 ඉකුත් මාස 3 ඇතුළත විභාග කර තීන්දු දීමට බලපිටිය මහාධිකරණය විනිසුරුට හැකි වී යැයි ලේඛකාධිකාරී ඩබ්ලිව්. සුනිල් චන්ද්‍ර මහතා කියයි.

මොහාන් සෙනවිරත්න නව විනිසුරු  2014 ජනවාරි 01 වැනි දින සිට මාර්තු 30 වැනි දා  දක්වා විභාග කළ නඩු සංඛ්‍යාවේ ඉහළ ප‍්‍රවණතාවයක් ඇතැයි නීතීඥවරු ද පොලිස් නිලධාරියෝ ද කාර්ය මණ්ඩල සේවකයෝ ද කියති.  ඇතැම් දින වලදි උදෑසන 9.30 ට ආරම්භ වන නඩු සවස 6.30 දක්වා විභාග කැරෙයි.

බලපිටිය මහාධිකරණ ඉතිහාසයේ අඩු කාල සීමාවකින් වැඩිම නඩු සංඛ්‍යාවක තීන්දු තීරණ ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය බව අධිකරණ සේවකයෝ කියති.

1982 වසරේ සිට 2007 වසර දක්වා  කාලයේ  බරපතල ගණයේ අපරාධ නඩු අතර මිනී මැරුම් මංකොල්ල ,කෑම් , ස්ත‍්‍රී දුෂණ ,මත්කුඩු ජාවාරම් ,ගිනි අවි ළග තබා ගැනීම් , අපයෝජන සිද්ධී හා රථවාහන අනතුරු 661 අතරින් නඩු 127 විභාග කර තීන්දු දී ඇත.

 

.