බෙන්තොට අවන්හලක දී ගුවන් හමුදා භටයකු වූ චමින්ද සම්පත්ට පිහියෙන් ඇන තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට බලපිටිය උසාවියට පැමිණෙමින් සිටි දෙදෙනකුට මින් මද වේලාවකට පෙර වෙඩි තබා ඇතැයිද ඉන් එක් අයකු මිය ගිය බවද පොලිසිය කියයි.
අනෙක් පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබීය.
තුවක්කුකරු බසයක නැගී පළා ගිය බව සිද්ධිය දුටුවෝ කියති.
මරා දැමුණු පුද්ගලයා කේ.ඒ.පියරත්න වශයෙන් හඳුනාගනු ලැබ සිටී.
ගුවන් භටයා මැරීමේ නඩුව සම්බන්ධයෙන් චමින්ද රසික කුමාර නම් රිදුරකු ද, තවත් දෙදෙනෙක් ද චෝදනා ලබා සිටියහ.
ඝාතකයනට නවාතැන් දුන්නැයි සැකපිට මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ද චෝදනා ලැබ සිටියි. අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබිණි. අද එම විභාගයට ඔවුහු ආහ.
නඩුව අවසන් වී යද්දී මේ ඝාතනය සිදු විය.
චමින්ද රසික කුමාර සුමිත්ත හිමියන්ගේ රියදුරුකු බව නඩුවේ සඳහන් වේ.
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මහ පාරේ දී නඩුවක සැකකරුවකු වෙඩි තබා මරා දැමූ ස්ථානය පරීක්ෂා කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙනවිය පැමිණියාය.
ජායාරූප - හේමන්ත ද සිල්වා
වීඩියෝ - දේමුණි සම්පත්
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/116.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/214.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/311.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/711.jpg)
![9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/912.jpg)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/101.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක යහපත් පුරවැසියන්ගේ ආරක්ෂාවට ප්‍රබල තර්ජනයකි. රජය මේ තත්වය නැති කළ යුතුය.රටේ ආරක්ෂාවක් තියනවාද? (ම)
ඔව් දැන් හොද සහජීවනයක් තියෙනවා. (ර)
මොනවද දෙවියනේ මේ සිද්ධවෙන්නේ? (නි)
මේ ක්‍රමය වෙනස් නොකළොත් ආපහු ප්‍රභාකරන්ගේ යුගයටත් වැඩිය භයානක කාලයක් රටේ උද්ගත වෙනවා.ඒක සිකුරුයි. (බ)
පාතාල මැරයන්ට ගිය රටක්! නීතිය වල්වැදිලාද? (නි)
මේ ඇතිවී තිබෙන ගිනිඅවි සුලභව භාවිතා කිරීම ඉතාම පුදුමාකාරයි. ඊටත් වඩා මෙතරම් පොලිස් නිලධාරීන් ඉඳලත් කව්ද සිවිල් පුද්ගලයෙක් ටී-56 ගිනි අවියක් අතේ දරාසිටීම නොදැකීම කොපමණ පුදුමසහගත ද? මේ සිවිල් පුද්ගලයා දැන්වත් හඳුනාගැනීමට කටයුතු නොකිරීමට මේ උසස් පොලිස් නිලධාරීන්ට නොහැකි වී ඇත්තේ ඔවුන් මෙපමණටම අන්ධ නිසාද? (බ)