( රංජිත් රාජපක්ෂ)
අලුත් උපන් බිලිදු මළ සිරුරක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24) හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබි මෙම බිලිදු මළ සිරුර සොයාගත් බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.
එම මාර්ගයේ ගමන් ගත් වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා ඇති බිලිදු සිරුරක් පාවෙමින් තිබෙන බවට නොර්වුඩ් පොලිසියට කළ දැනුම් දිමක් මත නොර්වුඩ් පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇත.
අලුත් උපන් බිලින්දාගේ සිරුර ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.
බිලින්දා බිහි කළ මව සොයා නොර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd