බුලත් කෙළ ගසා කොළඹ කොටුවේ ලෝටස් පාර අපවිත්‍ර පෞද්ගලික බස් රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2000ක් දඩ ගැසීය.
කඩුවෙල ප්‍රගීත් දිසානායක බුලත් කෙළ ගැසූ වරද පිළිගත්තේය.
බුලත් කෙළ ගසා කොළඹ කොටුවේ ලෝටස් පාර අපවිත්‍ර පෞද්ගලික බස් රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2000ක් දඩ ගැසීය.
කඩුවෙල ප්‍රගීත් දිසානායක බුලත් කෙළ ගැසූ වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානය හරි ඉන්දියාව හරි කියලා හිතාගන්න ඇති. ඒවා කොහෙද ලංකාවේ? සුන්දර රට අසුන්දර කරනවට හොදම හොද වැඩේ. (නි)
කරුණාකර රු 2000 සේ දඩය වැරදි කරනවා දුටු තැන ගහන්න පුළුවන් වෙන්න පොලිසියට බලය පවරන්න. සමාජයට හිසරදයක්වූ මෙවන් පුද්ගලයින් බහුල නිසා උසාවියට වැඩ වැඩි නොකළ යුතුයි. නිතරම කොළ කන්න කැමති වර්ගයා වෙනුවෙන් සමාජයේ මීට වඩා වැඩි අවධානය යොමුවිය යුතුයි. (නි)
අන්න නියමම දඩුවම. අනික් අය එතකොට කරන්නෙ නැහැ (නි)
හොද ක්‍රියාවක් (නි)
හොද දඩුවමක් දීලා තියෙන්නේ,නගරයක් පිරිසිදුව තියාගන්න කොච්චර මහන්සි වෙනවද නගර සභාවේ වැඩ කරන අය? ඒක ගැන කිසි හැගීමක් නැහැ,හිතන්නේ නැතිකම. (නි)
නියමයි ,නියමයි ,නියමායි. අනික පෝස්ටර් ගහන අයගෙන් පරිසරය බේරගන්න ඕනෑ. විදේශිකයෝ රටක හැදියාව මැන ගන්නේ ඕවයින්.මම ඉන්න රටේ එකට වැඩකරන කට්ටියක් ලංකාවට ගිහිල්ලා ඇවිල්ලා කිව්වා කොළඹ ලස්සනයි කියලා.මට එදා රෑ සතුටට නින්ද ගියෙත් නැහැ.හරිම ආඩම්බරයි. (නි)
ජීවිතය බෙරුවනම් මේ කතාව අපි නොදන්නවම වෙන්නත් තිබ්බා. හාමුදුරුවන් ජීවිතය නැති කර ගත්ත විදිය අනුමත කරන්න නම් බෑ. ජීවත් වෙලා හඩක් නගන්න තිබබා. කෙසේ නමුත් ඔබේ නිර්බිත අවංක කැපකිරීම අගයන්න ඕනා. ඉක්මන් සුවය ලැබේවා. ඔබ හොද බෞද්ධයෙක් හොද තාත්තෙක්.(නදී)
දියුණු රටවල් වල මිනිස්සු මොකද බුලත් කන්නේ නැත්තේ? (නි)
හොඳට දඩුවම් දෙන්න ඕන. නැත්තම් ඔය අය හදන්න බැහැ. (ත)
දඬුවම් කල යුතුමයි. පුද්ගලික බස් රියදුරෝ සිග්නල් ලයිට් ළඟ නතර කලාම එතන පාර ඉවරයි. බුලත් කෙල ගහනවා, කට හෝදලා වතුර දමනවා. බොහෝ විට යතුරුපැදි කරුවන් හා පදිකයින්ගේ ඇඟටත් විසි වෙන අවස්ථා තිබෙනවා. (නදී)
මට පුදුම සතුටක්. ලංකාවේ බත සහ බුලත අතර ඇත්තේ පුදුම සබදකමක්. එහෙත් දුම් බීම තහනම් කරා වගේම බුලත්විට කෑම තහනම් කල යුතුමය. බස් රියදුරන් නිතර බුලත්කෙල ගැසීමෙන් පිටිපස අසුන්වල සිටින අයගේ මුහුණු වලට ජනේල් තුලින් එන කෙල කන්දරාව නිමක් නැත. ත්‍රී වීල් නතර කරන තැන්වල අඩියක් තබන්නට බැරි තරම් බුලත් කෙළය. අපගේ සංස්කෘතියට බුලත කොතරම් බැදී තිබුනද රට ඉදිරියට යාමට මෙවැනි අපිරිසිදු ක්‍රියා නැවත්වීමට කාලය පැමිණ ඇත.(නදී)
කයිවාරු ගැහුවට ලේසියෙන් හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි.කියන්න නම් පුළුවන් මට තව. ඒත් කිවුවොත් අන්‍ය ජාතිකයින් හිනා වෙනවා.උඩ බලාගෙන කෙල ගහගත්තා වගේ වෙනවා (නි)
එකනම් හොද වැඩේ (ත)
අනේ හොඳයි. ලංකාවේ මේ වගේ නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ. කුණු විසිකිරීම ගැන හා පාරේ /පේමන්ට් එකේ දැන්වීම් ඇලවීම සහ ලිවීම ගැනත් නීති තදින් ක්‍රියාත්මක කල යුතුයි. (නි)
සතුටුයි.........ඉතා හොදයි (නි)
හරි විදිහට කරනවානම් හොඳයි. (ස)
නියම දඩුවම, 2000 මදි, 5000 ක් වත් ගන්න ඕනා ඔය මිනිසුන් හදන්න. අපි ඉන්නේ පිට රට මෙහෙ බුලත් නැහැනේ. ඒ වුනාට උනාට කෙල බිඳක් වත් පාරේ ගහන්න බැහැ දඩය ඩොලර් 200ක්.(නදී)
බුලත්විට කෑමෙන් හකු පිලිකා වගේම අපිරිසිදු වීම වැලැක්වීම සඳහා සිගරට් වගේම දඩ ගැසීමට පෙර මුළු දිවයිනෙන්ම මෙයද තහනම් කල යුතුයි. අනේ ඉතින් බුලත්, පුවක් ,දුම්කොළ ගොවියාට මේ තුන් සරණේ සරණයි.(නදී)
බොහොම ස්තුතියි. අන් වැරදි වලටත් දඩුවම් ක්‍රියාත්මක කරන්න (නි)
දෙයියෝ සාක්කි! පාරේ කෙළ ගහන, හොටු සූරන, පාර අයිනේ මුත්‍රා කරන සිය ගණනක් දෙනාට මොකද කරන්නේ දැන්? නීතිය නම් ඇත්තටම හොඳයි. දැනුවත් කිරීමේ වැඩසටහනුත් තිබුනොත් වටිනවා. (නි)
ප්‍රසිද්ද ස්ථාන වල බුලත් කෑමත් කෙල ගැසීමත් දෙකටම දඬුවම් කළ යුතුයි. බුලත් කෑමත් දුම් බීම වගේම ශරීරයට ඉතා අහිතකර දෙයක්. බුලත් කෑමෙන් මුඛ පිලිකා සෑදෙනවා. බුලත් කා ප්‍රසිද්ධ ස්ථාන වල කෙළ ගැසිම බොහෝ නරක පුරුද්දක් (නි)