පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා සෙවීම සඳහා පත් කැරුණු ආයතනවලට බාලගිරි දෝෂය වැළඳී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹදී පැවසීය.
‘‘ජනතාව 2015 ජනවාරි අට වැනි දා දුන් ජනවරමින් බලාපොරොත්තු වුණේ මේ රටේ මහජන දේපොළ අයථා ලෙස භාවිතා කළ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරයි කියලයි.
දූෂණ විරෝධී හඬ ලෙස අපත් මේ රජය අලුත් ගමනක් යයි කියා බලාපොරොත්තු වුණා.
පසුගිය රජය ගෙන ගිය පවුල් පාලනයම රනිල්-මෛත්‍රී හවුලත් ගෙන යනවා. හිටපු ආණ්ඩුවේ මහජන දේපොළ කොල්ල කාපු අයම මේ ආණ්ඩුවෙත් තනතුරු හොබවනවා. ඒ ආණ්ඩුවේ අය මේ ආණ්ඩුවට ආවම දූෂිතයො නොවෙන්නේ කොහොමද?
මේ රජයට පත් වූ පසු අපි අදාළ ආයතනවලට පැමිණිලි 180ක් බාර දී තිබෙනවා. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම හොරකමක්, දුෂණයක් කර දේශපාලන හා සල්ලි බලපුළුවන්කාරකම උපයෝගී කරගනිමින් බය නොවී නීතියටත් අභියෝග කිරීමට පුළුවන් ලොව එකම රට (නි)
සුසන්ත, ජවිපෙ මොනවාහරි එළිකළාම එ්ක අල්ලාගෙන කෑගහන එක විතරයි ඔය නිල් අලි ටික කරන්නේ. මේ ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේත්, වැඩ බිම් වලත්, ගොවිබිම් වලත්, මහපාරෙත් කරන සැබෑ අරගල වල ඉදිරියෙන් ඉන්නේ ජවීපෙ බව සිහිබුද්ධියක් තියෙන ඕනෑ කෙනෙකුට තේරෙනවා. ජවිපෙ තමයි මේ ආණ්ඩුවේ වැරදි කරන අයටත් තියෙන එකම හිසරදය (නි)
සුසන්ත, කට! කට!! ඊටකලින් ආණ්ඩු වල හිටිය හොරුත් ඊටපස්සේ ගිය ආණ්ඩුවට එකතුවුණා ඔයාට මතක නැද්ද? (නි)
මුණසිංහ, ජවිපෙටත් අවස්ථාවක් දීලා බලන්නකෝ. අවස්ථාවක් දෙන්නේ නැතුව වැඩ බලන්නේ කොහොමද? අපි දැක්කා ජවිපෙ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කරපු හැටි. එ්ක ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව වුණා. අපි දැක්ක ඒ අය කෘෂිකර්ම අමත්‍යංශය කරපු හැටි. ඒකාලේ රටේ වැඩිම අස්වැන්න ලැබෙනවා. පාඩු ලබමින් වහලා දාන්න හිටිය මිල්කෝ ලාබ ලබනවා. මොනවද තවත් ඔප්පු කරන්න ඕනෑ? (නි)
කසුන්, ප්‍රසන්න, මම කියන්නේ හොරු ඇල්ලීම කළ යුතුමයි. එ්ත් මෙයාලා කලින් ආණ්ඩුවේ හොරු ගැන විතරක්ම කතා කරන එකෙන් පෙනෙන්නේ නැද්ද එතන තියන දේශපාලන උවමනාව? ඇයි ඊට කලින් තිබුණු අාණ්ඩු ගැන නොසොයන්නේ? (නි)
ෆයිනෑන්ෂල් ක්‍රයිම් ඩිවිෂන් සිංහලට පරිවර්තනය වෙන්නේ බරපතල මුල්‍ය වංචා අංශය කියල. දැන් එතකොට ෆයිනෑන්ෂල් කියන්නේ 'බරපතල මුල්‍ය' වෙන්න ඕන! මේ ආණ්ඩුවේ අර්ථදැක්වීම අනුව ආර්ථික විද්‍යාවේ සිංහල පොත් ඔක්කොම වෙනස් කරන්න වෙනවා දැන්. පේනවා නේද සිංහලය ගොනාට අන්දන්න කරන දේවල්! (බ)
ඇයි පහුගිය ආණ්ඩුවේ විතරක්. ඊට කලින් තිබුණු අාණ්ඩුවලත්, දැන් තියෙන ආණ්ඩුවේත් වංචා සෙවිය යුතු නැතිද? දැන්වත් රතු අලි පක්ෂය මිනිස්සුන්ව ගොනාට අන්දලා කරන මේ බොරුව නවත්තන්න. (බ)
අගමැතිතුමනි, කිසිම හොරෙකුට ඉඩතියන්න එපා. අපි බලා ඉන්නවා. අපිට ඕනෑ රටයි. පක්ෂ නොවෙයි (නි)
අනේ සුසන්ත, ඒ ඒ කාලවල ඒවා ඒ ඒ අය අල්ලන් ඕනෑ. ඒක කරන්නෙ නැතුව ඔක්කොම හෙරු ආණ්ඩුවට අරන් තනතුරු දීලා අවුරුදු 15-20 ක් විතර ආණ්ඩු කරලා දැන් එනවද පහුගිය ඒවා අල්ලන්න කියන්න. පහුගිය ආණ්ඩුවෙ ලෝක හොරු ඇස්පනාපිට ඉන්නවා. ඔවුන්ව තමයි අල්ලනන් ඕනෑ. ඒකට තමයි ඡන්දය දුන්නෙ ජනවාරි 8 අපි. (නි)
සුසන්ත, පිස්සුවෙන් කියවන්න එපා. මේ ආණ්ඩුවේත් එහෙමනේ තත්වය. (නි)
මේ සියලු විනාශයන් වලට ඔවුන්ද වගකිව යුතුයි. එදා ඉඳලා අද වෙනතුරු විරෝධතා දක්වමින් කෑ ගහනවා විතරයි. මෙයාලගේ ඉදිරි කෙරුවාවත් එච්චරයි. (නි)