අද පස්වරු 2.45 බලංගොඩ නගරය හෙල්ලුම් කෑ බව නිවැසියෝ කිහිප දෙනෙක්ම පැවසූහ. එහෙත් අනතුරක් වූ බවට කිසිම වාර්ථාවක් නැත.
මෙම භූමි කම්පාව රිච්ටර් මාපකයේ දෙකකටත් අඩු ප්‍රබලත්වයක් පෙන්වන බව මහනුවර පල්ලෙකැලේ භූ කම්පන මධ්‍යස්ථානය කියයි.බලංගොඩ, ඉඹුල්පෙ, මහවලතැන්න , අලුත්නුවර, රත්මලවින්න පෙදෙස් මෙම භූ කම්පනයෙන් හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.
භූ විද්‍යා හා පතල් කාර්යංශය මෙම සුළු භූමි කම්පාව වාර්තා කරයි.
කිසිම දේපලකට හෝ වැසියනට අනතුරක් නොවූ බව ආපදා කළමණාකරන නිලධරයෝ කියති
කල්තොට පන්සලක හිමිනමක් පැවසූයේ සංඝාවාසය මද වේලාවක් හෙල්ලුම් කෑ බවයි.
පස්වරු 3.10 ට පමණ තවත් හෙල්ලුම්කෑමක් සිදු වූ බව වැසියෝ කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ගොඩ කියපුවම මමත් හොදටම කලබල උනා. අනේ ලොකු විනාසයක් නම් කවමදාකවත් අපේ ලංකාවට වෙන්න එපා. (ර)
අපේ රටට කරදරයක් නොවේවා! (නි)
සුළු භූමිකම්පාව, මහා එකක පෙරනිමිත්තක් වෙන්නත් පුළුවන් (නි)
මෙම සුළු භූමිකම්පාව පසුගියදා ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රභල භූමිකම්පාවේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. වසර කිහිපයකට පෙර අපේ රට විනාශ කළ සුනාමිය පටන්ගත්තෙත් ඉන්දුනීසියාවෙන් බව අපට අමතක නැහැනේ (නි)
රටම සෙළවෙන දවස වැඩි ඈතක නෙමෙයි (නි)