බෙලිඅත්තේ මිහිදුපුර අද අලුයම සන්ධානයේම දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පසු දකුණු පළාත් සභාවේ සන්ධාන අපේක්ෂක ඩී ඩී උපුල් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සන්ධාන අපේක්ෂ එම් කේ කසුන්ගේ හා උපුල්ගේ අධාරකරුවන් අතර අති වු ගැටුමෙන් හත් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.

ප්‍රාදේශිය සභා මන්ත්‍රීගේ කැලුම් ප්‍රියංකරගේ නිවසට ,කාර්යාලයට හා උපුල්ගේ කාර්යාලයට අලාභ හානි කැර ඇතැයිද  පොලීසිය සඳහන් කරයි

මනාප ගැනීමේ සටන මේ ගැටුමට මුල්වන්නට ඇතැයි පොලීසිය කියයි.