
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ආනවිලුන්දා කුලම ප්‍රදේශයේ දී යුද හමුදා කැබ් රථයකට පොල්ලකින් පහර දුන්නේ යැයි කියන තරුණයෝ තිදෙනෙක්ති අක්කරායන්කුලම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
බීමතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අතරවාරයේ හමුදා සෙබළුන් ගමන්ගත් මෙම කැබ් රථයට සැකකරුවන් පොල්ලකින් පහර දී ඇති බව පරීක්ෂණවලදී හෙළි විණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ආනවිලුන්දා කුලම යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් බීමතින් උන්නාට ඒ අයට පෙනෙන්න ඇත්තේ මන්ත්රී කෙනෙක්ගේ පසුගමන් රථයක් කියලා වෙන්න ඇති...