IMG-LOGO

බල යාපා පටුනේ නැටුමෙ රඟ


ලෝක නර්තන දින සැමරුම් උළෙල පසුගිය දා යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නර්තන අනු මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ශී‍්‍ර ලංකා සැමරුම් උළෙල සඳහා සිංහල දමිළ නර්ථන අංගවලින් වර්ණවත් විය.

කලා මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය මුදියන්සේ දිසානායක මහතා සහ කලාභූෂණ ලීලාම්බිගෙයි සෙල්වරාජා මහත්මිය විශේෂ දේශන පැවැත්විය.  සංස්කෘතික අකටයුතු පිළිබඳ ඇමැති ටි.බි. ඒකනායක, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ප‍්‍රධාන ඇමති සී.වී.විග්නේෂ්වරන්, යන මහත්වරුන් ඇතුළු මැතිඇමැතිවරු ඇතුළු කලාකරුවන් රැුසක් මේ සඳහා සහභාගී වූහ.

නාට්‍ය කලාවට අනුපමේය සේවයක් කළ වෛරමුත්තු සිවරාමලිංගම්, විමල් නයනානන්ද කලා ශිපීන්ට සහ කි‍්‍රෂාන්ති රවින්ද්‍ර ශිල්පිනියට ජීවිතයේ එක්වරක් හිමිවන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
ශී‍්‍ර ලංකාවේ සාම්ප‍්‍රදායික නර්තන කලාවන් හා උඩරට, පහතරට සහ සබරගමුව නර්තන හා දමිළ නර්තන වලින් මෙවර උළෙල වර්ණවත් විය.
ජාත්‍යන්තර නර්තන දිනය සෑම වසරකම අපේ‍්‍රල් 29 වැනිදාට යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය විසින් 1982 වර්ෂයේ දී ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනුතුරුව ලෝකයේ සෑම වසරකම එදිනට සැමරුම් දිනය සමරයි. ශී‍්‍ර ලංකාවේ 1992 සිට නර්තන දිනය සමරයි.
ප‍්‍රථම සැමරුම කොළඹ ජොන් ද සිල්වා සමරු රඟහලේ දී මුද්‍ර නමින් ප‍්‍රවීන නර්තනවේදී ආචාර්ය චිත‍්‍රසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මුදියන්සේ දිසානායක, කුලසිරිබුදවත්ත, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති සහ ඛේමා ද කොස්තා ශිල්පී හූ නර්තන දායකත්වයෙන් විශේෂ නර්තන උළෙකින් ආරම්භ විය.

 



අදහස් (0)

බල යාපා පටුනේ නැටුමෙ රඟ

රොස්චින් ද සොයිසා Friday, 02 May 2014 12:59 AM

අපි සෑමදාම මේ විදියට ඉන්නවා නම් ලෝකේ ලස්සනම රටත් දියුනුම රටත් ආදර්ශම රටත් වෙන්න පුලුවන්.(නදී)

:       0       0

චමී Saturday, 03 May 2014 08:52 AM

අපි කාගෙත් ශරිර කූඩුව ඇතුළේ දුවන්නෙ රතු පාට ලේ කියන එක පහදලා දෙන්න හොඳ අවස්ථාවක් මේක. (නි)

:       0       0

තුසිත Friday, 02 May 2014 04:45 PM

දකින්නත් ආසයි, සතුටින් තමන්ගේ සංස්කෘතික දේවල් අගයන එක ගැන. ඉදිරියටම යමු ඔහොම! (නි)

:       0       0

ධම්ම Thursday, 01 May 2014 12:13 PM

මහ ඇමතිතුමාගේ සහභාගිත්වය අප ඉතා අගේ කොට සලකනවා. ඔබ වැනි බුද්ධිමතුන්ට සියල්ල සම සිතින් දැකිය හැකියි. (ස)

:       0       0

භානු Thursday, 01 May 2014 12:24 PM

ඉතා සන්තෝසයි. අපේ රටේ සැවොම ජාති ආගම් භේද නැතිව එකට එක් වී ඉන්න දසුනක් දුන්නට කතෘතුමාට ස්තුතියි . කල කෝලාහල, අනතුරු ස්ත්‍රී දුෂණ, ළමා අපචාර ගැන අහලාම කලකිරිලා හිටියේ. (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 02 May 2014 08:57 AM

කලා කටයුතුවල නිරතවෙලා ඉන්න අය බොහොම සුන්දර මිනිසුන් කොට්ඨාශයක්. ඒ අය මිනිසුන් පිනවලා ඒ ගොල්ලන්ගේ ප්‍රතිචාරවලින් බොහොම අහිංසක විදියට සතුටක් ලබනවා. මුදල් ගොඩ ගැසීමේ මහා බලාපොරොත්තු නැහැ. ඒගොල්ලන්ව මේ වගේ ඇගයීමකට ලක් කරන එක ලොකු පිනක්. (ස)

:       0       0

බිනාල් Thursday, 01 May 2014 12:33 PM

ඉතා කාලෝචිතයි. අගය කල යුතුයි. ජාති ආගම් බේද වපුර වපුරා ඉන්නවට වඩා දේශපාලකයන් මෙවැනි දේ දිරිමත් කිරීම අපිට සතුටක්. (අ).

:       0       0

පුංචිරාළ Thursday, 01 May 2014 12:12 PM

කලාවට කිසිම භේදයක් නැහැ. (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 01 May 2014 02:46 PM

හැමෝම එකමුතුව කරන මේ වගේ වැඩ අපි කවදත් අගය කරමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 101 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 261 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site