(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දහවල් ලබා ගත් ආහාර විෂ වීමක් හේතුවෙන් පරණ පාර මීගොඩ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30 දෙනකු අද (06) දින දහවල් රෝහල් ගත කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
එම රෝගීන් අතුරින් 17 දෙනකු හෝමාගම මූලික රෝහලටත් 13 දෙනකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුලත් කර ඇත.
රෝහල් ගත කල රෝගීන්ට ක්ලාන්තය හිස රුදාව සහ මුඛයෙහි ආසාදන තත්වයන් පවතින බවත් දහවල් ආහාර වේලෙහි තිබූ බල මාලු කැබැල්ලක් නිසාවෙන් මෙම තත්වය ඇති වන්නට ඇති බව සැක පල කරන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් බල මාලු සමග ඉස්සර මිනිස්සු ගා ගත් පොල් අනුභව කලා එහෙම කලේ ඒවායේ තිබුන විස ගතිය ඉවත්කරන්න කියලා තමයි අහන්න ලැබුනේ ඒත් දකුණේ සමහර මිනිස්සු ඒක නොකල බවකුත් අහල තියෙනවා (එය මම හරියට දන්නෙ නැහැ කුල භේදයක් නිසා එහෙම කලා කියලා කලකට පෙර බුද්ධික නම් මහතෙකු සති අන්ත පුවත් පතකට ලියූ ලිපි පෙලකදී කියවන්න ලැබුනා)