(මනෝප්‍රිය ගුණසේකර සහ ඉන්දිකා රාමනායක)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ ‘හාල්මැස්සෙක්’ බවත් මෙම අපරාධයට සම්බන්ධිත ‘තෝරු’ ‘මෝරූ’ සියළු දෙනා එළියේ සිටින බවත් ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙන්නු බව කියන සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චාන්දනී දයාරත්න මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (01) දැනුම් දුන්නාය.
නිර්දෝෂී තම සේවාදායකයා මෙම සිද්ධියේ ගොදුරක් වී ඇතැයි කී නීතීඥ චාන්දනී දයාරත්න මහත්මිය හදිසි මිලදී ගැීනීම් යටතේ මෙම එන්නත් ගෙන්වවීමට අනුමැතිය දුන් සියළු දෙන මෙම අපරාධයට වගකිව යුතු යැයිද මාධ්‍යයෙන් පෙන්වන දෙයට වඩා දෙයක් මෙහි වී ඇති බවත් මෙම අපරාධයට සම්බන්ධිත ඉහළ පුද්ගලයින් කිසිවෙකුත් මෙතෙක් හෙළිදරව් වී නැතැයිද වැඩිදුරටත් කීවාය.
මෙම අපරාධය සහ එයට සම්බන්ධිත පුද්ගලයින් හෙළි කිරීමට සැකකරුට අවශ්‍ය නම් ‘පාපෙච්චාරණයක් කිරීමට සැකකරුට හැකියාව ඇතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය සැකකරුට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු රිමාන්ඩ් බාරයට පත් කළාය.
ඉනන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී” අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිටට අත්අඩංගුවට ගත් ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමුත්තා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිට අධිකරණයට වාර්තා කළ රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදල් වලින් ඩොලර් මිලියන 15ක පමණ මුදලක් වැය කොට අත්‍යාවශ ඖෂධ වර්ග 181 ක් මාස 03ක කාලයක් සඳහා හදිසි මිලදී ගැනීම්් යටතේ ලංකාවට ගෙන්වීමට ටෙන්ඩර් කැඳවා ඇතැයි කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා!! හෙණ පහළ වේවා! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා ...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...! දෙවියන්ගේ ශාපය අත්වේවා !! ...
එතකොට සමාගමේ නම බාල බෙහෙත් සමාගම අයිතිකරුගේ නම ලොක්කා පොඩි මිනිහෙක් නම් අම්මා, අප්පා කවුද? සහෝදර සහෝදරියෝ කවුද? උපන්නේ කොහේද? නම මොකක්ද? අන්වර්ත නම් මොනවාද? පාසල කොහේද? ආදී ඔක්කෝම දානවා... අනේ කාලේ වනේ වාසේ...!
මොවුන්ව එල්ලන්න ඕනෑ.
මේ වගේ කාලකණ්ණින්ට උපරිම දඬුවම් දෙන්න.
විජිත් ගන්නේ නැත්ද?
නෑ එයා අහිංසකයා . ජනතාවගේ දැඩි ඉල්ලීම අනුව හදිසියේ ගෙනාපුවා. මොකද ජනතාවට අඅමාරුව හැදිලා ඕන කිව්වනෙ.
පහල තැනින්නේ වතුර බැහැලා යන්නේ
මුන්ට මොකුත් ම වෙන්නෙ නෑ. මුන් බදු ගෙවන්නෙත් නෑ .ලංකාවේ ඇලෝසියස් රකින ක්‍රමය යටතේ මුන් නොගෙවන බදු , හොරකම් සියල්ලට අපි ගෙවන බව අපි දන්නවා
කෙලින්ම රුධිරයට එන්නත් කරන මෙවැනි බෙහෙතක් නිපදවිය යුත්තේ අතිශයින්ම විෂබීජවලින් තොර නවීනතම පරිසරයක් තුලයි. ඒත් මේවා කුප්පිවලට පුරවලා තියෙන්නේ ලංකාවේ කොහෙද තැනකලු. විදපු මිනිස්සුන්ට මොනවා වුනාද කියලා දෙයියෝවත් දන්නේ නැතුව ඇති.
ඵ්‍රමිතියෙන් තොර ඔෂධ මෙරටට ගෙන්වෙඑමට අවසර දීඑපු අයව අත් අඩංගුවට ගන්ට පොලිසිය දන්නෙ නැතිද. බොරු පොලක් වටලන පොලිසිය බෝරුව ගහපු අය සමග බලාගෙන හිටපු අයවත් අල්ලාගෙන යන්ටනම් හරිම දක්ශයි.