• හෙරොයින් කුඩු ග්‍රෑම් 50 බැගින් යතුරුපැදි දෙකකින් ගෙන යමින් සිටි රාජගිරියේ හා කිරුළපන පදිංචි සැකකරුවන් දෙදෙනකු පානදුරේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
     
  • හක්මණ උයන්වැවේ දිය නෑමට ගිය අයෙක් මියගොස් ඇත.
     
  • කොළඹ මීගමුව පාරේ රිලවුල්ල හන්දියේ දී පාපැදියකින් ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
     
  • කොච්චිකඩේ දුම්රිය ස්ථානයේ නවතා තිබූ පැරණි දුම්රියක කොටස් ගලවා ගෙනයමින් සිටි සැකකරුවන් හය දෙනෙක් ත්‍රී රෝද රථයක් හා දුම්රිය කොටස් කිහිපයක් සමග අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
     
  • පමුණුගම පුබුදුගම දී සිමෙන්ති ගඩොලකින් පහර කෑමට ලක්ව මියගොස් සිටි නාදුනන පුද්ගලයකුගේ සිරුරක් රාගම ගෙනගොස් ඇත.
     
  • වාරියපොල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ලක්මල් උයනේ දී පාරෙන් ඉවතට පැන ගසක වැදුණු කැබ් රථයක ගමන්ගත් 18 හැවිරිදි තරුණයෙක් මියගියේය.
     
  • රාවණා ඇල්ල රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 600 ක පමණ ප්‍රදේශයක් විනාශ වි ඇතැයි ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිරීම වක්වා ඇත.
     
  • මාස හයක් වයසැති බිළිඳියක රුපියල් 30,000 ක මුදලකට විකුණන ලදැයි සැකපිට සපුගස්කන්ද මිහිඳු උයනේ පදිංචි දරුවාගේ මවත් දරුවා මිලදී ගත් මාකොළ පදිංචි කාන්තාවත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
     
  • ගාල්ලේ බෝපේ දී අත්බෝම්බයක් සමග 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.