හිටපු කම්කරු නායක බාලා තම්පෝ මහතා නමින් කොල්ලුපිටියේ 22වැනි පටුමඟ නම් කිරීමට කටයුතු යොදා ඇතැයි ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ සභාපති සිල්වෙස්ටර් ජයකොඩි මහතා කියයි.
ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය පිහිටියේ ද කොල්ලුපිටියේ 22 වැනි පටු මඟේය.
දීර්ඝ කාලයක් තිස්සේ බාලා තම්පෝ මහතා කම්කරු හා වෙළෙඳ ප්‍රජාවේ උන්නතිය උදෙසා කළ සේවයට ඇගයීමක් ලෙස එම මාර්ගය ඔහුගේ නමින් නම් කරන බව ද ජයකොඩි මහතා පවසයි.
බාලා තම්පෝ මහතා 2014 වසරේ දී මිය යන විට 92 හැවිරිදි වියේ පසු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලා තම්පෝ සහෝදරයා ගිය මඟ නිවැරදිව යාම තමා කරන්න තියෙන්නේ. අද කම්කරුවෝ ලක්ෂ ගණනක් සමිතිවල නැහැ (නි)
අව්‍යාජ වෘත්තිය සමිති නායකයෙක්.(හේ)
බාලා තම්පෝ සහෝදරයා වැඩකරන කම්කරුවා වෙනුවෙන් ඉපදී කැපවී මුළු ජිවිතයම කැපාකොට කම්කරු අයිතීන් සටන්කොට දිනාදුන් කම්කරුවන් වෙනුවෙන් මුළු ජිවිතයම දන්දුන් ලොව පහල වුනු ශ්‍රේස්ට කම්කරු නායකයන් අතර මෑත බාගයේ බිහිවූ පලවෙනියාද මට හැගේ සහෝදරයා ඔබට නිවන් සුව.! (ර)
කම්කරු නායකයන් අතර විශිස්ට නායකයෙක්. (ර)
ඉතා හොඳ දෙයක්. සමහරු එ්කටත් විරුද්ධ වේවිද දන්නේ නැහැ. එදා නම් අපි හැමතැනම දැක්කේ එකම නමයි. (නි)
මෙම කම්කරු නායකයා වෙනුවෙන් පාරක් නම් කිරීම ඉතා අගය කරමි. තමන්ගේ පළාතටවත් අබමල් රේණුවක වැඩක් නොකළ අය නමින් පාරවල් තිබෙනවා. (නි)
රොහාන් දයාදර සමඟ මම 100%ක් එකඟයි (නි)