2015 වර්ෂ අවසාන පරීක්ෂණයට සහභාගිවීමට කොළඹ රුසියා බැලේ හා නර්තන පාසලේ සිසුන්ගේ කුසලතා අධීක්ෂණය කිරීම සඳහා රුසියා බැලේ ගුරුවරියක මෙන්ම නර්තන නිර්මාණ ශිල්පිනියක ද වන ඔක්සානා කාර්නොවිච් සිකුරාදා (16) මෙරටට පැමිණෙන බව කොළඹ රුසියා මධ්‍යස්ථානය පවසයි.
ඔක්සානා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් රුසියා බැලේ සහ නර්තන පාසලේ සිසුවියන්ගේ කුසලතා ඔප් නැංවීම සඳහා වන වැඩමුළු කිහිපයක් ද පැවැත්වෙන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි. ඔක්සානා ලබන 24 තෙක් මෙරට රැඳි සිටිනු ඇත.
1972 වසරේ උපත ලැබූ ඔක්සානා, සුප‍්‍රසිද්ධ අල්මා ආටා බැලේ පාසලට ඇතුළත් වූයේ 1982 දීය. ඇය බැලේ නර්තන ශිල්පිනියක වන තමාරා කොසෝවාගේ ශිෂ්‍යාවකි. 1986 දී වැඩි දුර බැලේ නර්තනය ප‍්‍රගුණ කිරීමට නොවෙසිබි‍්‍රස්ක් බැලේ පාසල සමඟ එක් වූවාය. ඒ අනුව, අසමසම බැලේ නර්තන ශිල්පිනියක ලෙස සැළකෙන ඇලීසියා නිකිෆොරෝවා යටතේ බැලේ නර්තනය ඉගෙනිමට ඔක්සානාට අවස්ථාව උදා විය.



![Zelandia_207[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/Zelandia_2071.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්ත ලංකාවේ සංගීත ප්‍රසංග වල මඩේ නටන කෙනෙක් වගේ. (නි)
හේමන්ත බයවෙන්න එපා. ළඟදීම එනවා බයිලා කණ්ඩායමක්.අපි ඒක බලමු. (නි)
අනේ හේමන්ත දන්න බැලේ? (නි)
ලඳක්.. ලඳක්... සොඳුරු ලඳක්.... (ර)
හේමන්ත ඉල්ලන් කනවා. බැලේ රස විදින්න උසස් රසවින්දන හැකියාවක් තිබෙන්න ඕනෑ. ඒක නැති අයට මේක මෝඩ නැටුමක් තමයි. (නි)
ලස්සනයි (නි)
ඇත්තටම ලස්සනයි (නි)
ඉතාම විශිෂ්ටයි. ඕනෑම බැලේ ශිල්පිනියකගේ ඉහළම ප්‍රාර්ථනාව (නි)
කිසි වැදගැම්මකට නැති නැටුමක් මේක. (අ)
යම් යම් කලා නිර්මාණ බලන්නත්, ඒවා බලා රස විඳින්නත් පුළුවන් ඥාන ශක්තියක් තිබීමත් එක්තරා විදියක වාසනාවක්. ඒක හැමෝටම නැහැ. (නි)
ඉතා හොඳයි (නි)
හේමන්ත, ප්‍රසාංගික කලාව කියන්නේ එක එක්කෙනාගේ රුචිකත්වය අනුව සිදුවන දෙයක්. රස විඳින කෙනා රස විඳින අතර, ඊට කැමති නැති කෙනා වෙන වැඩක් බලා ගන්න එකයි තියෙන්නේ. මෙතන මෝඩ කම ප්‍රදර්ශණය කරන්න එපා. (බ)
ගරු හේමන්ත මහතා වෙතටයි.. ලිඳේ ඉන්න.... දැකලා තියෙන්නේ තිත්තයෝ උඩ පනින එක විතරයි! (බ)