සිය දියණිය අකාරුණික ලෙස බලු කූඩුවක සිරකර තබා සිටියදි බලගොල්ල පොලිසිය මගින් මුදාගත් 73 හැවිරිදි පියා අද මහනුවර මහ රෝහලේදී මියගිය බව පොලිසිය කියයි.
එම්.ජී.සුමතිපාල නමැති එම පුද්ගලයා පසුගියදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනීත් විජේසේකර මහතාගේ නියෝග මත අම්පිටිය වැඩිහිටි නිවාසයකට යොමු කරන ලදි.
වැඩිහිටි නිවාසයේ සිටියදී හදිසියේ රෝගාතුරවූ ඔහු පසුගිය 3 වැනිදා රෝහල්ගත කර ඇත.
පියා බලු කූඩුවේ දැමූ දියණිය ඇප මත මුදාහැර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දියණිය මෙතරම් හැඟීම් දැනීම් නොදැනෙන චරිතයක් වුණේ යම් කිසි මානසික රෝගයකින්වත් පෙලෙන නිසාද ? (අ)
මලිත්, ඔබ ඉතාම නිවැරදිය. හේතුඵල ධර්මය ඔබ වගේ හැමෝටම සිතන්න පුලුවන්නම් කොච්චර හොදද. (ර)
අසරණ දෙමාපියෝ දහදුක් විඳලා ළමයි හදලා අන්තිමට බලු කූඩුවේ ඉන්න වෙන තරමට අද සමාජය පිරිහිලා. මේ මනුස්සයා හැම පැත්තෙන්ම මානසිකව වැටිලා ඉන්න ඇත්තේ. (නි)
මේ දියණිය තමන්ගේ සීයාට ආච්චිට මව්පියන් සළකනවා කවදාවත් දැකලා නැති වෙන්නත් පුළුවන්. එහෙම නැතුව මෙහෙම කුරිරුකමක් කොහෙන් සිතට වැදුනාද? මව්පිය උපස්තානයේදී පුර්වාදර්ශයේ බලපෑම අපමණයි. (නි)
ලංකාවේ සෑම දෙමව්පියන්ගේම වගේ මතයක් තිබුනා අඩුමගානේ කෙල්ලෙක් හිටියා නම් බැරි කලෙක කටට වතුර ටිකක්වත් දානවා කියලා. මේ කාන්තාව ඒ මතයත් විනාශකර දැම්මා. අනේ තාත්තේ, නුඹට ලබන ආත්මෙවත් මෙවන් දුවක් නොලැබේවා! (නි)
මොහු වෙනුවෙන් දැන් කවුරුන් දුක්වේද? (නි)
පවු අසරණ තාත්තා! (නි)
මෙවැනි දූවරුන් සමාජයටම පිළිලයක්. හොඳ දඬුවමක් දෙන්න ඕනෑ (නි)
මෙතනදී අපි බලන්න ඕනෑ පුද්ගලයා සිටින ස්ථානය නොවේ. සිටින්නේ සතුටින්ද යන වගයි. (නි)
මේ වයසක පුද්ගලයාට ඇතිවූ මානසික පීඩනය මරණයට හේතුවුණාවද්ද කියලත් මට හිතෙනවා. (නි)
අනේ දෙවියනේ! (නි)
ඇයි දෙවියනේ බලු කූඩුව මනුස්ස ආත්මයකට මොන සතුටක්ද, ඉන්දික? (නි)
තමන්ගේම ලෙයින් හැදු දුවණියකගෙන්, සුනඛයෙකුටත් වඩා පහත් සැළකුම් ලැබූ මේ අසරණ පියාට මැරී මැරී ජීවත්වෙනවාට වඩා මරණය සැපතකි. (නි)
ඇයගේ දරුවන්ටත් මේ සැළකිල්ල පුරුදුවුණොත් ඒ අයටත් දෙවියන්ගේම පිහිටයි! (නි)
මේ දියණියට සිතේ සැනසීමෙන් සිටින්න හැකිවේද? (නි)
මේ දුවට කවදාහරි එයාගේ දරුවොත් සළකන්නේ මෙහෙම තමයි. දිට්ට ධම්ම වේදනීය කර්ම මේවා. පියාණනි, ඔබට මොක් සුව! (නි)
මම සිරුර දුවට භාරදෙන්න. ලොකු අවමංගල උත්සවයක් පවත්වාවි. (නි)
මේ පියා මොනතරම් දුක් කන්දරාවක් උහුලන්න ඇද්ද? (නි)
ඉන්දික අර දියණියගේ සහෝදරයෙක්වද්ද? දෙමව්පියන් කැමති නොකා නොබී හරි තමන්ගේ දරුවන් ළඟ වැටිලා ඉන්න (නි)
නිවන්සුව පතමි.! (ර)
අපි සැවොම දුවට අපහාස කරන්නේ , එතන සිද්දිය හරියටම නොදැන නේද. සමහර දෙමව්පියෝ ඉන්නවා කොපමණ ගුණ කලත් දරුවන්ට හොඳක් කියන්නේ නැති.ඔවුන්ට ඕනේ දරුවන්ට අපහාස වෙන ලෙස ජීවත් වීමට.(ම)
ප්‍රබාත්, කියන්නේ එම පියා දුවට අපහස කරන්න කුඩුව ඇතුලට ගිහිල්ලා දොර වහ ගත්තා කියලද. (ර)
ඒ තාත්තාට පෙර කළ කර්මයක් විපාක දුන්නා. ඒ තාත්තාගේ දුව විපාක දෙන්නට කර්ම රැස්කර ගත්තා (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
දියණියක් වෙන්න බැහැ. යක්ෂණියක් වියයුතුයි (නි)
පවු අසරණ දෙමවුපියෝ! (නි)
මෙම පියාට මෙවන් ඉරණමක් අත්වුණාට දියණිය පමණක් නොව පිටරට සිටින බිරියද වගකිවයුතු බව මගේ අදහසයි (නි)
මලිත්ගේ අදහසට මමත් එකඟයි. (නි)
බලු කූඩුවක සිටීම මොන සතුටක්ද මිනිසෙකුට? (නි)
නොයෙල්ගේ කතාවට මමත් එකඟයි. බිරිඳට ඔහු ගැන සොයාබැලීම යුතුකමක් වශයෙන් කරන්න තිබුණා (නි)
නොයෙල් කියන්නේ ඇත්ත (නි)
මැයට ඇයි බැරිවුයේ අසරණ තාත්තාට තමන්ගේ ගෙදර කාමරයක් ලබාදෙන්න? ඒ තාත්තාට නිවන් සුවය ලැබේවා! (නි)
අනේ දෙවියනේ මෙහෙමත් ලෝකයකද අපි ජීවත්වෙන්නේ? (නි)
දියණියක් හිටියා නම් කටට වතුර උගුරක් දානවා කියන සමාජයක බෝසත් ගතිගුණ ඇති මව්පියන්ට සළකන පුතුන් සිටිනා බව ඔබ දන්නවාද? නීතියෙන් ඇප ලැබුනත් නිදහස ලැබුනත් තමන්ගේ හිත මෙයට සමාව දෙන එකක් නම් නැහැ (නි)
දුව පසුතැවිලි වෙනවා ඇති, එන දුවව අනුකම්පා කොට යහා මගට ගෙන එමු.(ම)
පියෙකුට දරු සෙනෙහස වෙනුවෙන් සිදුනොවන්නේ කිරි එරීම පමණකි. පියෙකු හට සෙනෙහෙ පුදන්න මේ දියණිය අසමත් වුණේ ඇයි? (නි)
මේ අසරණ පියාගේ මළගමට රජය උදව්වෙන් එම වැඩිහිටි නිවාසයේ කරන ලෙස ඉල්ලා සිටිමි තමන්ගේ පියා ලෙස නොසලකු මෙවන් දියණියකට පියාගේ මල ගමවත් බාර නොදිය යුතුය ඒ පියාණන් මොනතරම් වේදනාවකින් ඒ කාලය ගත කරන්නට ඇතිදැයි සියලු දෙනාට හොදින් වැටහෙනු ඇති දුවයි කියා ගන්න ඇය මේ මරණයත් අදායම් මාර්ගයක් කරගන්නවා නියතය (ම).