IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බ්‍රසල්ස් ප්‍රහාරය ජනපති හෙළා දකියි

ඛෙල්ජියමේ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරමින් සහ තුවාල කරමින් බ්‍රසල්ස්හි ගුවන්තොටුපල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට පිලිප් රජතුමා සහ ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කර සිටී.

බෙල්ජියමේ පිලිප් රජු වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදින් විසින් සිදු කළ මෙම නිවට සහ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබද පුවත අසා තමා ඉතා කම්පාවට පත් වූ බවයි. තමන් පෞද්ගලිකවත්, ශ්‍රී  ලංකාවේ ජනතාව වෙනුවෙනුත් ඛෙල්ජියම් රජය සහ ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කරන බව ද ජනපති දන්වා තිබේ.

 සියලූම ආකාරයේ ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ට එරෙහිව සාමුහිකව විසඳුම්  සෙවීමේ අවශ්‍යතාවය මෙම ප්‍රහාරය සමග නැවතත් සිහිපත් කර දෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


බ්‍රසල්ස් නුවර තවත් පිපිරීමක් : 34 ක් මරුට

උමං මාර්ග පද්ධතියත් වසා දමයි

2016 මාර්තු මස 22 15:10:57 | . , නිලූක සඳුන් බණ්ඩාරනායක

බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපොළේ පිපිරීමෙන් පසු මාල්බික් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල තවත් පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමයේ මුලස්ථානය  පිහිටා ඇත්තේ ඒ අසළය.

පිපිරිම සිදුවන අවස්ථාවේ බොහෝ පිරිසක් දුම්රිය ස්ථානය තුල රැදී සිටිය බවත්, පිපිරීමත් සමග දුම් වලාවකින් දුම්රිය ස්ථානය පිරි ගිය බවත් ඇසින් දුටුවාන් ප්‍රකාශ කරන්නේ යැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම්වලින් මේ වන විට 34 දෙනකු මිය ගොස් තිබේ.

බ්‍රසල්ස්හි උමං මාර්ග පද්ධතිය වසා දමා තිබේ.


 

බ්‍රසල්ස් ගුවන්තොටේ පිපිරීමක්

2016 මාර්තු මස 22 13:38:55 | . , නිලූක සඳුන් බණ්ඩාරනායක

 

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.

මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා තිබේ.

පිපිරීම් වලින් පසු ගුවන් තොටුපොළේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.

පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ  මිනිසුන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කරයි.

 

 

 

 



අදහස් (0)

බ්‍රසල්ස් ප්‍රහාරය ජනපති හෙළා දකියි

තිස්ස Wednesday, 23 March 2016 04:52 AM

මත ඔන්න ඔහේ හෙළ දකිනවා (ම)

:       0       0

නුවන් Tuesday, 22 March 2016 02:40 PM

ඔය ශෝක පණිවුඩ අපිටත් ඒවි අර විල්පත්තුවේ වන විනාශය එහෙම වගකිවයුතත්න් දැක්කේ නැහැ වගේ හිටියහම! (නි)

:       0       0

ඉන්දික Tuesday, 22 March 2016 02:51 PM

ලංකාවෙත් මෙහෙම කාලයක් තිබුණා කියලා අපේ අයට මතක්වුණත් ඒ ඇති (නි)

:       0       0

සොපි Tuesday, 22 March 2016 03:51 PM

ලෝකයේ කොතැනක සිදුවුවත් ත්‍රස්තවාදය හෙළාදැකිය යුතුයි. ඒත් පසුගිය සමයේ අප රටේ සිදුවූ මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා හෙළාදකින්න සැළකියයුතු රාජ්‍ය නායකයින් නොසිටි බවත්, තමුන්ට තර්ජනයක් නොවී වාසි සැළසෙන ලෙස ව්‍යාප්තව සිටි සියලුම ත්‍රස්තවාදී කණ්ඩායම් මුලිනුපුටා දැමු සියලුම රාජ්‍ය නායකයින්ට කෙණෙහිලිකම් සිදුකිරීම බලවත් රටවල ක්‍රියාපිළිවෙත බවත් අමතක නොකළ යුතුයි (නි)

:       0       0

අරුණ Wednesday, 23 March 2016 05:49 AM

පොදු සමාව,එකි නොකී මෙකි වරදාන වරප්‍රසාද , ත්‍රස්තවාදීන් අහිංසකයි ,රණවිරුවෝ ත්‍රස්තවාදීන් කළ යුරෝපා හවුලට .....අනුව වැඩ කරන අපේ පාලකයන්ටත් හොඳ පාඩම් (බ)

:       0       0

කෝලිත Wednesday, 23 March 2016 06:05 AM

කොටි නම් ත්‍රස්තවාදියෝ නෙමෙයිලුනේ (බ)

:       0       0

හෙසාන් Tuesday, 22 March 2016 08:26 PM

හෙළා දැකීම කෙසේවෙතත් තව ටික කාලෙකින් මෙහෙත් ඕවා දකින්න වෙයිද කියලයි මට බය. (නි)

:       0       0

අබය Tuesday, 22 March 2016 09:40 PM

ඔය වගේ ප්‍රකාශ කරද්දී ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ධම්මි Wednesday, 23 March 2016 08:27 AM

හෙලා දැක්කම මදෑ තව ටික කාලෙකින් මෙහෙත් ඕවා දකින්න වෙයිද එතකොටත් හෙලා දැක දැක ඉමු (බ)

:       0       0

බමුණු Wednesday, 23 March 2016 08:43 AM

ඉතින් වෙන මොනවා කියන්නද (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 23 March 2016 08:50 AM

ලංකාව නම්වූ කුඩා රටේ විල්පත්තු විනාශයද, එම රට පාවා දෙන දෙස්පාලුවන්ද එමෙන්ම හෙළා දකිමු. එහි දේශපාලුවන්ගේ පඩි වැඩි කිරීමද හෙළා දකිමු. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site