ඛෙල්ජියමේ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරමින් සහ තුවාල කරමින් බ්‍රසල්ස්හි ගුවන්තොටුපල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට පිලිප් රජතුමා සහ ජනතාව වෙත සිය බලවත් ශෝකය පළ කර සිටී.
බෙල්ජියමේ පිලිප් රජු වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදින් විසින් සිදු කළ මෙම නිවට සහ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබද පුවත අසා තමා ඉතා කම්පාවට පත් වූ බවයි. තමන් පෞද්ගලිකවත්, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙනුත් ඛෙල්ජියම් රජය සහ ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කරන බව ද ජනපති දන්වා තිබේ.
සියලූම ආකාරයේ ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ට එරෙහිව සාමුහිකව විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය මෙම ප්‍රහාරය සමග නැවතත් සිහිපත් කර දෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
බ්‍රසල්ස් නුවර තවත් පිපිරීමක් : 34 ක් මරුට
උමං මාර්ග පද්ධතියත් වසා දමයි
2016 මාර්තු මස 22 15:10:57 | . , නිලූක සඳුන් බණ්ඩාරනායක
බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපොළේ පිපිරීමෙන් පසු මාල්බික් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල තවත් පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා සංගමයේ මුලස්ථානය පිහිටා ඇත්තේ ඒ අසළය.
පිපිරිම සිදුවන අවස්ථාවේ බොහෝ පිරිසක් දුම්රිය ස්ථානය තුල රැදී සිටිය බවත්, පිපිරීමත් සමග දුම් වලාවකින් දුම්රිය ස්ථානය පිරි ගිය බවත් ඇසින් දුටුවාන් ප්‍රකාශ කරන්නේ යැයි මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම්වලින් මේ වන විට 34 දෙනකු මිය ගොස් තිබේ.
බ්‍රසල්ස්හි උමං මාර්ග පද්ධතිය වසා දමා තිබේ.
බ්‍රසල්ස් ගුවන්තොටේ පිපිරීමක්
2016 මාර්තු මස 22 13:38:55 | . , නිලූක සඳුන් බණ්ඩාරනායක
බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.
මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා තිබේ.
පිපිරීම් වලින් පසු ගුවන් තොටුපොළේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.
පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ මිනිසුන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත ඔන්න ඔහේ හෙළ දකිනවා (ම)
ඔය ශෝක පණිවුඩ අපිටත් ඒවි අර විල්පත්තුවේ වන විනාශය එහෙම වගකිවයුතත්න් දැක්කේ නැහැ වගේ හිටියහම! (නි)
ලංකාවෙත් මෙහෙම කාලයක් තිබුණා කියලා අපේ අයට මතක්වුණත් ඒ ඇති (නි)
ලෝකයේ කොතැනක සිදුවුවත් ත්‍රස්තවාදය හෙළාදැකිය යුතුයි. ඒත් පසුගිය සමයේ අප රටේ සිදුවූ මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා හෙළාදකින්න සැළකියයුතු රාජ්‍ය නායකයින් නොසිටි බවත්, තමුන්ට තර්ජනයක් නොවී වාසි සැළසෙන ලෙස ව්‍යාප්තව සිටි සියලුම ත්‍රස්තවාදී කණ්ඩායම් මුලිනුපුටා දැමු සියලුම රාජ්‍ය නායකයින්ට කෙණෙහිලිකම් සිදුකිරීම බලවත් රටවල ක්‍රියාපිළිවෙත බවත් අමතක නොකළ යුතුයි (නි)
පොදු සමාව,එකි නොකී මෙකි වරදාන වරප්‍රසාද , ත්‍රස්තවාදීන් අහිංසකයි ,රණවිරුවෝ ත්‍රස්තවාදීන් කළ යුරෝපා හවුලට .....අනුව වැඩ කරන අපේ පාලකයන්ටත් හොඳ පාඩම් (බ)
කොටි නම් ත්‍රස්තවාදියෝ නෙමෙයිලුනේ (බ)
හෙළා දැකීම කෙසේවෙතත් තව ටික කාලෙකින් මෙහෙත් ඕවා දකින්න වෙයිද කියලයි මට බය. (නි)
ඔය වගේ ප්‍රකාශ කරද්දී ප්‍රවේශමෙන්! (නි)
හෙලා දැක්කම මදෑ තව ටික කාලෙකින් මෙහෙත් ඕවා දකින්න වෙයිද එතකොටත් හෙලා දැක දැක ඉමු (බ)
ඉතින් වෙන මොනවා කියන්නද (බ)
ලංකාව නම්වූ කුඩා රටේ විල්පත්තු විනාශයද, එම රට පාවා දෙන දෙස්පාලුවන්ද එමෙන්ම හෙළා දකිමු. එහි දේශපාලුවන්ගේ පඩි වැඩි කිරීමද හෙළා දකිමු. (බ)