IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බේරුවල් බොක්ක වක්වැල්ල පාලම ළඟ

වක්වැල්ලේ පාලම යට ගිං ගඟේ ගස් කොටන්, උණබට ඇතුළු අපද්‍රව්‍ය එක්වීමෙන් පාලම දැඩි අවධානමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය ගැටළු පවා ඇතිවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වක්වැල්ලේ දී ගඟ ගලා යන්නේ තැනිතලා ප්‍රදේශයකිනි. වක්වැල්ල හා තෙලිකඩ යා කරමින් මේ පාලම ඉදිකරන ලද්දේ ගලවා ඉවත් කළ පාලමක යකඩ කණු යොදා ගනිමිනි. ගඟේ යකඩ කණු සිටුවා සාදන ලද වක්වැල්ල පාලම වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ දිගම පාලම ද විය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් සෑදූ මේ පාලම ඉදිකර ඇති ආකාරය අනුව එහි ගස් කොටන් විශාල වශයෙන් හිරවන බවයි.

අපද්‍රව්‍ය හිරවීමෙන් පාලමට ඇතිවන පීඩන නිසා පාලම කැඩී යා හැකි බවත් ඉංජිනේරුවරු කියති. පාලම යටින් ජලය ගලා යාමේ අපහසුතාව හේතුවෙන් පාලම දෙපස ඉවුරු කැඩීයාමෙන් ද පාලමට හානි සිදුවිය හැකි බව ඔවුන් පවසයි.

දෙනියාය හා රත්නපුරය අතරින් පටන් ගන්නා ගිං ගඟ ඉවුරු දෙපස ඇති උණගස් හා ගස් ගං වතුර සමග ඉදිරී පැමිණ මෙලෙස හිරවෙයි. වසරකට තුන් වතාවක් ජල ගැලීම් සමග මේ ගැටළුව ඇතිවන බවත් ඒවා ඉවත් කිරීමට වසරකට රුපියල් ලක්ෂ හයක් වැය වෙතත් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ඉවත්කිරීම ගැටළුවක් බවත් ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය පවසයි.

ගාල්ලට පානීය ජලය සපයන්නේ ද මේ පාලම අාසන්නයෙනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පාලම අසළ ගොඩගැසෙන අපද්‍රව්‍ය සෞඛ්‍ය ගැටළුවලට ද හේතුවක් විය හැකි බවයි.

Gin  (1) Gin  (2) Gin  (3) Gin  (4)

 

 



අදහස් (0)

බේරුවල් බොක්ක වක්වැල්ල පාලම ළඟ

රංජිත් Thursday, 10 December 2015 05:12 AM

වැස්සට එකතූ වුන අපද්‍රව්‍ය පමණක් නොවෙයි. (බ)

:       0       0

ලියනගේ Wednesday, 09 December 2015 02:51 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ලිලංකා Wednesday, 09 December 2015 02:51 PM

අපි බොන්නේ මේ වතුරද? (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 09 December 2015 05:37 PM

මෙවන් දේ පෙන්වාදෙන ලංකාදීපයට තුති! (නි)

:       0       0

ප්‍රීතිකා Wednesday, 09 December 2015 05:37 PM

මේ වතුර බීලා මිනිසුන්ට මොන ලෙඩ හැදේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

නන්ද Thursday, 10 December 2015 08:18 AM

මේ පාලම් ශක්තිමත්ව හදා ඇති බව පෙනේ. දෙපැත්තේ ඇති අත්වැල් දෙකනම් ප්‍රමිතියකට නැත​. වහනයක් හැපුන හොත් කැඩී ගොස් ගඟට වැටෙනු ඇත​. අත්වැල් නැවත නිර්මාණය කොට අලුතින් සවිකල යුතුය​. කලුගල් අතුරා ඉවුරු සුරක්ෂිත කලයුතුය​. වරලත් ඉන්ජිනේරු කෙනෙක්මි. පිටරට ජීවත් වෙමි. (ර)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 10 December 2015 03:01 AM

රජයට බැන බැන ඉන්නේ නැතුව ගමේ මිනිසුන්ට එකතුවෙලා පොඩි ශ්‍රමදානයක් දාලා ඕක සුද්ද කරන්න පුලුවන්නේ. ඔය තරම් එකතුවෙනකම් ඇයි බලාහිටියේ? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 09 December 2015 12:38 PM

අනේ දෙවියනේ මෙහෙමත් අපද්‍රව්‍ය තොගයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site