වක්වැල්ලේ පාලම යට ගිං ගඟේ ගස් කොටන්, උණබට ඇතුළු අපද්‍රව්‍ය එක්වීමෙන් පාලම දැඩි අවධානමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය ගැටළු පවා ඇතිවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වක්වැල්ලේ දී ගඟ ගලා යන්නේ තැනිතලා ප්‍රදේශයකිනි. වක්වැල්ල හා තෙලිකඩ යා කරමින් මේ පාලම ඉදිකරන ලද්දේ ගලවා ඉවත් කළ පාලමක යකඩ කණු යොදා ගනිමිනි. ගඟේ යකඩ කණු සිටුවා සාදන ලද වක්වැල්ල පාලම වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ දිගම පාලම ද විය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් සෑදූ මේ පාලම ඉදිකර ඇති ආකාරය අනුව එහි ගස් කොටන් විශාල වශයෙන් හිරවන බවයි.
අපද්‍රව්‍ය හිරවීමෙන් පාලමට ඇතිවන පීඩන නිසා පාලම කැඩී යා හැකි බවත් ඉංජිනේරුවරු කියති. පාලම යටින් ජලය ගලා යාමේ අපහසුතාව හේතුවෙන් පාලම දෙපස ඉවුරු කැඩීයාමෙන් ද පාලමට හානි සිදුවිය හැකි බව ඔවුන් පවසයි.
දෙනියාය හා රත්නපුරය අතරින් පටන් ගන්නා ගිං ගඟ ඉවුරු දෙපස ඇති උණගස් හා ගස් ගං වතුර සමග ඉදිරී පැමිණ මෙලෙස හිරවෙයි. වසරකට තුන් වතාවක් ජල ගැලීම් සමග මේ ගැටළුව ඇතිවන බවත් ඒවා ඉවත් කිරීමට වසරකට රුපියල් ලක්ෂ හයක් වැය වෙතත් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ඉවත්කිරීම ගැටළුවක් බවත් ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය පවසයි.
ගාල්ලට පානීය ජලය සපයන්නේ ද මේ පාලම අාසන්නයෙනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පාලම අසළ ගොඩගැසෙන අපද්‍රව්‍ය සෞඛ්‍ය ගැටළුවලට ද හේතුවක් විය හැකි බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සට එකතූ වුන අපද්‍රව්‍ය පමණක් නොවෙයි. (බ)
අනේ මෙහෙමත් දේවල්! (නි)
අපි බොන්නේ මේ වතුරද? (නි)
මෙවන් දේ පෙන්වාදෙන ලංකාදීපයට තුති! (නි)
මේ වතුර බීලා මිනිසුන්ට මොන ලෙඩ හැදේවිද දන්නෙ නැහැ (නි)
මේ පාලම් ශක්තිමත්ව හදා ඇති බව පෙනේ. දෙපැත්තේ ඇති අත්වැල් දෙකනම් ප්‍රමිතියකට නැත. වහනයක් හැපුන හොත් කැඩී ගොස් ගඟට වැටෙනු ඇත. අත්වැල් නැවත නිර්මාණය කොට අලුතින් සවිකල යුතුය. කලුගල් අතුරා ඉවුරු සුරක්ෂිත කලයුතුය. වරලත් ඉන්ජිනේරු කෙනෙක්මි. පිටරට ජීවත් වෙමි. (ර)
රජයට බැන බැන ඉන්නේ නැතුව ගමේ මිනිසුන්ට එකතුවෙලා පොඩි ශ්‍රමදානයක් දාලා ඕක සුද්ද කරන්න පුලුවන්නේ. ඔය තරම් එකතුවෙනකම් ඇයි බලාහිටියේ? (නි)
අනේ දෙවියනේ මෙහෙමත් අපද්‍රව්‍ය තොගයක්! (නි)