අලූත්ගම හා බේරුවල ගැටුම් වලින් විනාශයට පත්ව තිබූ නිවාස 100 ක් හා ව්‍යාපාරික ස්ථාන 7 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන් වෙත භාරදුන් බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය කියයි.

තවත් නිවාස 103 ක් හා ව්‍යාපාරික ස්ථාන 25 ක් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින බව ඔහු පවසයි.

ගැටුම් වලින් නිවාස 210 ක් හා ව්‍යාපාරික ස්ථාන 84 ක් විනාශයට පත්විය.

ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සදහා යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව එක්ව සිටිති.