අලූත්ගම හා බේරුවල ගැටුම් වලින් විනාශයට පත්ව තිබූ නිවාස 100 ක් හා ව්‍යාපාරික ස්ථාන 7 ක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන් වෙත භාරදුන් බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය කියයි.
තවත් නිවාස 103 ක් හා ව්‍යාපාරික ස්ථාන 25 ක් ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින බව ඔහු පවසයි.
ගැටුම් වලින් නිවාස 210 ක් හා ව්‍යාපාරික ස්ථාන 84 ක් විනාශයට පත්විය.
ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සදහා යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව එක්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
338
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේරුවල පෑරුණු තුවාල හමුදාවෙන් සුවපත් කරයි
සත්‍යයා Sunday, 03 August 2014 11:44 PM
මුළු රටේම නිවාස ප්‍රශ්න විසඳන්න හොඳම විදිය මේක තමයි. නමුත් තාම ගෙවල් නැති රණවිරුවන්ටත් ගෙවල් ලැබිලා නැහැ නේද? (නි)
සත්‍යපාල Monday, 04 August 2014 06:57 AM
උපාලි අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් කඩන එකයි ගිනිතියන එකයි කොහොමද හොඳ දෙයක් වෙන්නේ (නදී)
මව්ලානා Monday, 04 August 2014 09:34 AM
මේවා කාගේ සල්ලිද ?, අනාගතේදී කාටද වන්දි ගෙවන්න වෙන්නේ .. (දී)
සලීත් Monday, 04 August 2014 03:27 AM
හැමෝටම සාධාරණයක් ඉටුවේවායි මම ප්‍රාර්ථනා කරමි (නි)
උපාලි Sunday, 03 August 2014 02:54 PM
මේ ඉතා හොඳ දෙයකි. හොඳ දෙයක් වන විට කොමෙන්ට්ස් අඩුය. එහෙත් ප්‍රචාරය වන පොඩි නරක දෙයකට බොහෝ අය කට අරිති. ඔවුන් කතා කරන්නේ සෝවාන් වූ අය ලෙසය. (නදී)
අංජන Monday, 04 August 2014 04:28 AM
මේවට මෙයට වඩා ප්‍රචාරයක් ලබා දියයුතුයි. ෆොටෝ සමග. මොකද ජාත්‍යන්තරයට ගියපු ප්‍රතිරූපය දරුණුයි. මොකද මෙහෙ අය තාමත් ඔය ගැන ප්‍රශ්න කරනවා. (නදී)
කසුන් Monday, 04 August 2014 05:12 AM
වැඩේ හොදයි එත් රණවිරුවන්ව වහලුන් සේ කණු සුද්ද කිරීමටත් , කඩ කාමර සුද්ද කිරීමටත් යොදවිම අනුමත කල නොහැකියි. අනෙත් කරුණ නම් ඔය සිද්දියෙන් පහර කෑමට ලක්වූ සිංහල ජනතාවට, ඔවුන්ගේ අලාබහානි වූ ගිනිබත් වූ දේපල වලට මොනවද රජයෙන් දුන්නේ? උපාලි මහත්මයාණනි ඔබතුම නොදකින බොහෝ දේඅලුත්ගම සිද්දිය පිටුපස ඇත. මම එහි සිදුවූ බොහෝ දේ සියසින් දුටු අයෙක් වෙමි. (දී)
හෂාන් Monday, 04 August 2014 06:21 AM
කාලෝචිත වැඩක් (දී)