අද සවස හයට සුළඟක් එතියි කියමින් බේරුවල ධීවරයෝ සිය බෝට්ටු ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑම ඇරැඹූහ.
දැනටද එම ප්‍රදේශයේ අහස කළු වී තරමක වේගයෙන් සුළං හමන බව ධීවරයෝ කියති.
(වීඩියෝ රත්නසිරි ප්‍රේමලාල්)
2025 දෙසැම්බර් මස 18
239
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේරුවල ධීවරයෝ බෝට්ටු ගොඩට අදිති
වරුණ Tuesday, 11 June 2013 04:00 PM
ඔන්න දැන් රැවටෙන්න පටන් අරන්. (ස)
අමිළ කටුනායක Tuesday, 11 June 2013 09:06 PM
මොනවා වුනත් සූදානම ඇගට ගුනයි.(නදී)
පෙරේරා Tuesday, 11 June 2013 04:32 PM
වරුණ, ඒක ඉතින් ලංකාවේ හැමදාමත් මිනිස්සුන්ට වෙන දෙයක් නේ.(නදී)
මහවැලි Tuesday, 11 June 2013 09:14 PM
අහිංසක දරු පවුල් ජීවත් කරවන්න තම ජීවිත පරදුවට තබා මහා මුහුද එක්ක පොරබදන අහිංසක මිනිසුන්ට දීර්ග ආයුෂ ලැබේවා.(නදී)
පෙරේරා Wednesday, 12 June 2013 08:47 AM
ගාමිණී-සිරි , ඔබ කියන දේ හරියටම හරි. හැබැයි අපේ ලංකාවේ හුඟ දෙනෙක් අත්පුඩි ගහලා, හුරේ පාර දීලා, ඡන්දෙ දෙන්නේ සෝබන වැඩ පෙන්නලා සුරඟන කතා කිව්වොත් විතරයි. (නි)
මහේෂ් Tuesday, 11 June 2013 05:00 PM
අනාවැකිනෙ ඕනෙ කිව්වෙ. ඔය තියෙන්නෙ. එනව කියල ආවෙ නැති උනාට කව්රුත් මොනවත් කියන්නෙ නෑනෙ. අනේ මෙහෙමත් රටක්. (නදී)
අමිල Tuesday, 11 June 2013 05:06 PM
වරුණ කතාකරන්නේ හරියට ඒ මිනිසුන්ගේ ජීවිත වලට බෝට්ටු වලට හානි වුනොත් එයා වගකියනවා වගේ. දැක්කේ නැද්ද මුල් පිටුවෙම තියෙනවා අදත් සැඩ සුලං කියලා.(නදී)
චානුක රණවීර Tuesday, 11 June 2013 05:32 PM
අනේ ඉතින් ඕක ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනේ.(නදී)
ජෝන් Tuesday, 11 June 2013 11:21 PM
කිව්ව අනාවැකිය දැන් හරියට "2012" ෆිල්ම් එක 2013 දී බලනවා වගේ(අ)
තබුක් සිල්වා Wednesday, 12 June 2013 10:07 AM
තමුන්ගේ හිසට තමන්ගේ අතමය සෙවනැල්ල කියලා කියමනක් තියනවා. ඒක නිසා ඔය අහනා වැකි කියන කාල ගුනේලගේ වචන පිලි පදින්න එපා. ඉදිරියට නැවත මෙවැනි විනාස කාරී දේවල් වලින් වලකින්න දීවර ජනතා සතු වගකිමයි.(නදී)
කපිල Tuesday, 11 June 2013 06:15 PM
දැන් හැමදාම අනාවැකි කියයි ,ධීවරයින්ට හැමදාම ගොඩට වෙලා ඉන්න. (නි)
චතුල වෙරෝනා Tuesday, 11 June 2013 06:22 PM
මිනිස්සුන්ගෙ ජීවිත විහිලුවකට ගන්න එපා මිනිසුනේ.ඒ මිනිස්සුන්ගෙ හදවත ගැහෙන හඬ අදුනා ගනිල්ලා. (නි)
අතුල - මාලදිවයින Tuesday, 11 June 2013 06:29 PM
අනාවැකි කිව්වත් වැරදියි, නොකිව්වත් වැරදියි. අනාවැකි හරිගියත් වැරදියි, හරි නොගියත් වැරදියි. මෙහි පුවත් වලට ප්‍රතිචාර දාන 90% ක් ධනාත්මක ආකල්ප වලින් තොර, නෑ බෑ කියන වචන දෙක විතරක් දන්නා එළුවෝ. (නි)
ගාමිණී-සිරි Wednesday, 12 June 2013 12:36 AM
මාලදිවයින අද ඉහල තත්වයක ඉන්නේ පාරම්පරික ධීවර කර්මාන්තයෙන්. ලංකාව වටේම සාගරය. රට මැද වැව් කොපමණද? ශෝභන වැඩ වලට මුදල් නාස්ති කරන වෙලාවේ වැව් ටික ප්‍රතිසනකරණය කළා නම් ගොවිතැනට ජලය,මිරිදිය මසුන් බෝකළ විට වාරකන් කාලෙට ධීවරයින්ට එහාට යන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්. ධීවර කාර්මිකයින් උනන්දු කරවීමට අවශ්‍ය උපාංග පහසු මිලකට හා යටිතල පහසුකම්ද සලසා දිය යුතු වේ. සංචාරක හෝටල්,ත්‍රිවිද හමුදාවට,ආරෝග්‍ය ශාලා වලට ,ජනතාවගේ පරිභෝජනයට අල්ලන මසුන් ප්‍රමාණවත් නොවේ. කාර්මිකයා බිල්ලට නොදී ,රටේ සම්පත් වලින් උපරීම පල නෙලා ගැනීමට කටයුතු කිරීම කඩිනම් යුතුකමකි. (නි)
මංජු Tuesday, 11 June 2013 07:30 PM
ලංකාවේ දැන් කාලගුණ අනාවැකි ගැන දැන ගෙනත් ඇයි මිනිසුනේ නුඹලා ආරක්‍ෂිත කබා නැතුව මුහුදු යන්නේ.(නදී)