වසර නවයකට දින හයක් පමණක් සේවය සඳහා වාර්තා කළ හෙද නිලධාරිනියක් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ සාන්ත ඔර්සෝලා රෝහලේ ප‍්‍රසූත නිවාඩු තුනක් ගෙන ඇත. ඇය වසර තුනකට ආසන්න කාලයක් රෝහල් බලධාරීන් ලවා නිවාඩු අනුමතකොට ගෙන ඇත. ඉතිරි වසර හය තමා මානසික රෝගයකින් පෙළෙන බව පවසමින් සේවය සඳහා වාර්තා කොට නොමැත. නිවාඩු අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් හෙදිය රෝහල් බලධාරීන්ටත්, රජයේ අදාළ අංශයන් වෙතත් පිළිගත හැකි වන සේ වෛද්‍ය වාර්තාවක් ලබාදී තිබිණි. බොලොඤ්ඤා කැරිබිනේරි පොලිසිය කියන්නේ වෛද්‍ය වාර්තාවන් ව්‍යාජ බවයි. එම වසර නවයේම ඇයට කිසිදු දරු උපතක් සිදුව නොමැත. සිල්වියා සොගාල්ලෝ (44)නමැති මෙම හෙද නිලධාරිනිය තම මාසික වැටුපට අමතරව ඉතාලි රජයෙන් දරුවන් වෙනුවෙන් දෙන මාසික දීමනාව සමග යුරෝ 33000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50කට ආසන්න මුදලක් දීමනා ලෙස ලබාගෙන ඇත. රජයට වංචා කිරීමේ චෝදනාව යටතේ ඇය පොලිස් අත්අඩංගුවට ගෙන ඇතත්, ඉතාලි මාධ්‍ය පවසනුයේ වසර නවයක් පුරා ඇය විසින් කළැයි කියන වංචාව ගැන සොයා බැලීමට නිලධාරීන්ට නොහැකි වීම පුදුමසහගත බවයි.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොරුවට ප‍්‍රසූත නිවාඩු අරන්
දිමුත් Saturday, 26 November 2011 09:46 PM
රජය පරණ ණයක් තිබිලද කොහෙද