වසර නවයකට දින හයක් පමණක් සේවය සඳහා වාර්තා කළ හෙද නිලධාරිනියක් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ සාන්ත ඔර්සෝලා රෝහලේ ප‍්‍රසූත නිවාඩු තුනක් ගෙන ඇත. ඇය වසර තුනකට ආසන්න කාලයක් රෝහල් බලධාරීන් ලවා නිවාඩු අනුමතකොට ගෙන ඇත. ඉතිරි වසර හය තමා මානසික රෝගයකින් පෙළෙන බව පවසමින් සේවය සඳහා වාර්තා කොට නොමැත. නිවාඩු අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් හෙදිය රෝහල් බලධාරීන්ටත්, රජයේ අදාළ අංශයන් වෙතත් පිළිගත හැකි වන සේ වෛද්‍ය වාර්තාවක් ලබාදී තිබිණි. බොලොඤ්ඤා කැරිබිනේරි පොලිසිය කියන්නේ වෛද්‍ය වාර්තාවන් ව්‍යාජ බවයි. එම වසර නවයේම ඇයට කිසිදු දරු උපතක් සිදුව නොමැත. සිල්වියා සොගාල්ලෝ (44)නමැති මෙම හෙද නිලධාරිනිය තම මාසික වැටුපට අමතරව ඉතාලි රජයෙන් දරුවන් වෙනුවෙන් දෙන මාසික දීමනාව සමග යුරෝ 33000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50කට ආසන්න මුදලක් දීමනා ලෙස ලබාගෙන ඇත. රජයට වංචා කිරීමේ චෝදනාව යටතේ ඇය පොලිස් අත්අඩංගුවට ගෙන ඇතත්, ඉතාලි මාධ්‍ය පවසනුයේ වසර නවයක් පුරා ඇය විසින් කළැයි කියන වංචාව ගැන සොයා බැලීමට නිලධාරීන්ට නොහැකි වීම පුදුමසහගත බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය පරණ ණයක් තිබිලද කොහෙද