ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කිරීමට නියමිතය. ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියා කලාපයේ අධ්‍යක්ෂිකාව බ්‍රහස්පතින්දා (21) සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාට බාර දීමට නියමිතය.
අග්නිදිග ආසියාවේ බරවා රෝගය තුරන් කළ දෙවැනි රට බවට ලංකාව පත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් බවට නම් කිරීමට හේතුවී ඇත්තේ බරවා ක්ෂද්‍ර පණු ප්‍රතිෂතය සියයට එකකට වඩා අඩු අගයක් පවත්වාගෙන යෑම නිසා බව අමාත්‍යංශය සඳහන් කරයි.
ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දකුණු පළාත් ප්‍රදේශ කිහිපයක බරවා පැතිර යමින් තිබෙන බව පසුගියදා වාර්තා විය.
මේ වසරේ පමණක් ලංකාවේ බරවා රෝගීන් 32ක් වාර්තා වී ඇති අතර ඉන් 24 දෙනකු ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
අවසන් වතාවට ලබාදෙන බරවා රෝගය සඳහා වන විශේෂ ප්‍රතිකාර ලබන සැප්තැම්බර තුන් වැනිදා සහ ඉරිදා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිවාසවලටම පැමිණ ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු වලටත් ඔය සහතිකය ඉක්මනින් ලබාගන්න වාසනාව ලැබේවා (අ)