බොරැල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් බ්‍රහස්පතින්දා (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.
පෙරවරු 7.30 ත් 8.45 ත් අතර කාලය තුළ එම නව මාර්ග සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන බවත් එම වේලාව තුළදී ශ්‍රී ජයවර්ධනපුර සිට බොරැල්ලට ධාවනය කෙරෙන බස් රථ හැර
අනෙකුත් වාහන ඩී.එස් හංදියෙන් බොරැල්ල දෙසට හැරවීමටත් අනෙක් සියලු වාහන සඳහා බොරැල්ලට පිවිසීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය දැනුම්දී ඇත.
මෝටර් රථවලට ආයුර්වේද හංදියෙන් හැරී කොටා පාරෙන් බොරැල්ලට පැමිණෙන ලෙසද දැනුම් දී ඇත.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ දිගටම ධාවනය කෙරෙන මෝටර් රථ සහ කිංසි පාරට ඇතුළුවන මෝටර් රථවලට වෝඩ් පෙදෙස හා මරදාන පාරෙන් බොරැල්ලට ඇතුළුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන තදබදය අඩුකරන්න ගිය අපේ ඇමතිතුමාගේ අයවැයට මොකද වුණේ? (නි)
අපි බලමු සාර්ථක වෙයිද කියලා (නි)
කරුණාකරලා සම්පුර්ණ සැළැස්ම ඉදිරිපත් කරන්න එකවරම. විටින්විට එක එක දේවල් කරලා, මුළු කොළඹ අවුල් කරලා, වැඩකරන මිනිසුන්ගේ කාලය නිකරුනේ නාස්ති කරන්න එපා. හැමෝම දන්නවා වාහන තදබදය නිර්මාණය වෙන්නේ පොලිසිය විසින්මයි කියලා. (නි)
චමින්ද එහෙම කිවුවට පොලිසිය නැත්නම් වෙන කවුද මේවා කරන්නේ? (නි)
කොටුවේ තිබෙන වාහන සැළැස්ම නම් අන්තිමයි. කාර්යාල ඇරෙන වෙලාවට කොළඹින් පිටතට යන්න හරිම අමාරුයි. ඔක්කොම වාහන කොටුවේ පාලම ළඟට ඇවිල්ලා හිරවෙනවා, මෙම ක්‍රමය නිසා. පොලිස්පතිතුමාගේ අවධානය මේ වෙත යොමුවේවා! "වන්වේ" ක්‍රමය වෙනස් කළොත් හොඳයි යන්න මගේ අදහසයි (නි)