(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බොරැල්ල හල්ගහ කුඹුර වත්ත (ඩම්ෆ් එක වත්ත) ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය.
වෙඩි ප්‍රහාරයත් සමග එම පුද්ගලයා දිව ගොස් දිවි බේරා ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අද (24) පස්වරු 5.45 ට පමණක් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇත.ටි 56 ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාර අටක් පමණක් එල්ල කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දිනපතා මර්ඩර් එකක්" අනුරගේ පච ආණ්ඩුවේ අලුත්ම ස්ලෝගන් එක.