ජර්මනියේ බර්ලින් නුවර පැරණිම විහාරය වන බර්ලින් විහාරයේ වෙසක් පිංකම පසුගිය ඉරිදා පැවැත්විණි. ශ්‍රී ලාංකික ජර්මන් කාම්බෝජ තායිලන්ත ජාතිකයින් මෙම පිංකමට සහභාගී වු අතර දවස පුරා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන දෙමින් දාන ශිල භාවනා වැඩසටහන් සිදු විය.
විහාරාධිකාරීන් වන දික්වැල්ලේ සීල සුමන,කොන්ගස් පිටියේ ශාන්ත රක්ඛිත,ඇමෙරිකා ජාතික යෝගාචර රාහුල හිමි සහ ශ්‍රී ලංකාවෙන් වැඩම කළ කුරුණෑගල ඇත්කද මහා විහාරාධිකාරී මහසෙන්ගම පුඤ්ඤානන්ද යන හිමියෝ මෙම පිංකමට සහභාගී වුහ.
ඇමෙරිකා ජාතික රාහුල හිමියන් දේශනා කළේ බුදුන්වහන්සේගේ තෙමඟුල සිහිකරන වෙසක් දිනය දා කරුණාව ,මෛත්‍රීය,දයාව,පෙරදැරි කරගෙන බුදු දහමට අනුව ජීවත් වීම අද මුළු ලෝකයටම යෝග්‍ය වී ඇතැයි කීය.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කොන්ගහගේ මහතාද මෙම වෙසක් පිංකමට සහභාගී වු අතර ජර්මන් ජාතිකන් හා ශ්‍රී ලාංකිකයන් එක්ව සංවිධානය කළ දන්සලක්ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහභාගි වූ දායක සභාවේ උපාසක උපාසිකාවන් විසින්ම දන්සැල හිස්කළ බවක් ඡායාරූපයෙන් පෙනීයයි. මෙය සත්‍ය ද ?(අ)