ජර්මනියේ පැරණිම බෞද්ධ විහාරය වන බර්ලින් මහා විහාරයේ වෙසක් පිංකම 26 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ සිට කුරුණෑගල ඇත්කද රජ මහා විහාරාධිපති මහසෙන්ගම පුඤ්ඤානන්ද හිමියෝ ජර්මනියට වැඩම කළහ.
ඇමෙරිකා ජාතික යෝගාචර රාහුල හිමියන් හා වසර 10 ක් ශ්‍රී ලංකාවේ වන ගතව බවුන් වැඩු ජර්මන් ජාතික ඥාණ නිසෙන්ති ,විහාරාධිකාරී හිමිවරුන් වන දික්වැල්ලේ සීල සුමන හා කොන්ගස් පිටියේ ශාන්ත රක්ඛිත යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම පැවැත්වේ .
දන්සැලක්ද සංවිධානය කරති.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කොන්ගහගේ මහතා ද මේ සදහා සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd