මාතලේ නාවුල අඹන පදිංචි ඕ ජී ගීතමාලී විනෝදිකා උපතින්ම දෑස් නොපෙනෙන යුවතියකි.
බ්‍රේල් ක්‍රමයට ලියා සරසවි උපාධිය දිනාගත් ඇයට උපාධිධාරී අභ්‍යාසලාභි පත්වීම් ලබාදීමේ මුලික පරීක්ෂණයට 2012-09-19 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කැදැවිණි.
දෑස් නොපෙනෙන අය බඳවා ගන්නැයි උපදෙස් නොමැති බව දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ ප්‍රකාශයත් සමඟ නැවත උපාධි සහතික පත්‍ර තුරුළු කරගෙන නිවසට ගියාය.
එදා සිට අද දක්වා රටේ වගකිවයුතු බොහෝ දෙනකුට මේ ගැන කීවත් පළක් වී නැත. ඇය ඉතා අපහසුතා මැද්දේ අධ්‍යාපනය ලබා 2010 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ශ්‍රාස්ත්‍රවේදී මනෝ විද්‍යා උපාධිය ලබාගත්තාය.මනෝ විද්‍යාව හා ලිංගික මනෝ විද්‍යාව ඇගේ විෂයන්ය.
උසස් අධ්‍යාපනය ලබද්දී ඇය ප්‍රියංක නානයකාර මහතා සමඟ යුග දිවියට එක් විය. ඔහු ද ඇය මෙන් ම දෑස් නොපෙනෙන තරුණයෙකි. දැන් දෙදෙනාට අවුරුදු පහක සුරතල් දියණියක් සිටි. සැමියා බස් රථවලට නැඟ පොත් අළෙවි කැර සොයා ගන්නා සුළු මුදලින් මෙම පවුල නඩත්තු වෙයි. දරුවාගේ දෑස් පෙනේ.
මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය රාජ්‍ය පරිපාලන හා ස්වදේශකටයුතු අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඇය බඳවා ගැනීමට උපදෙස් පතා ලිපි දෙකක් යවා දැනට වසර එකහමාරක් ගතවී ඇත.ඇය දෘෂ්‍යාබාධිත තත්ත්වයේ පසු වන බැවින් අභ්‍යාසලාභි තනතුරට බඳවා ගැනීම ගැටළු සහගත බැවින් ඇය මෙලෙස උපදෙස් ඉල්ලා ඇත.
එහෙත් ගීතමාලී විනෝදනී අදට ද රැකියාව බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඇය කියා සිටින්නේ දෑස් පෙනෙන අයට මනෝවිද්‍යාව,ලිංගික මනෝවිද්‍යාව පිළිබඳව දේශන දීමට මෙන්ම තමන්ට ඕනෑම අභියෝගයක් ජයගැනීමට හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සාවක් දෙන්න බෑරිනම් මොකටද උපාදියක් දුන්නෙ? කෝ නිසි බලදාරින්.(නදී)
ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. මා සමගත් අන්ධ අය සරසවියේ ඉගෙනුම ලැබුවා. ඔවුන් හිටියේ කළා පීඨයේ සාමාන්‍ය අයත් සමග ඔවුන් අධ්‍යාපනය ලබන්නේ කෙතරම් දුෂ්කරතා සහ කැපවීම් මැදද යන්න මම දෑසින්ම දැක්කා. බලධාරීන් මේ පිලිබදව නොදන්නවා වන්නට බැහැ. කරුණාකර ඇයට පිහිට වන්න. සානුකම්පිතව නොවේ. ඇගේ ධෛර්යයට උපහාරයක් ලෙසින්. (නදී)
ලිපි දෙකට වසර එකහමාරක් ගිහිල්ලත් උත්තරයක් නෑ. මේකට වගකිවයුතු බලධාරීන්ට ගිරිමානන්ද සුත්‍රයේ විස්තර කරණ රෝග 44 ම තියනවද? (නදී)
මේවාට විසදුම් දී ආසියාවේ ආශ්චර්යය වෙත ලංවෙමු. (නදී)
හැම දේටම හඩ නගන අය කොහෙද මෙ දේවලට සද්දයක් නැහැ නේද? ඉතින් මේ දේවලටත් අනුකම්පාවෙන් බලලා අසරණයන්ට උදව් කරලා පොඩ්ඩක් සද්දකරන්න. (නදී)
ඇස නොපෙනෙන අය බඳවා නොගන්න කියා උපදෙස් ලැබී නොමැත. මේ ලේකම් වරිය කර ඇත්තේ රාජකාරි වරදකි. උපාධිධාරීන්ට රැකියා දීම යටතට රජයෙන් ඇයව ඇතුලත් කලා නම් දිස්තික් ලේකම් වරිය ට ඒ ගැන පණ්ඩිත කම් කරන්න ඇති බලය කිම ?. මෙම තනතුරේ පිරිමියකු සිටියානම් මේ බුද්ධිමත් තරුණිය අද රැකියා වේ. (නදී)
දුක හිතෙන කතාවක්. ලංකාවේ මේවට පිළිතුරු නැද්ද ? (නදී)
ලේකම්තුමනි දෑස නොපෙනන මෙන්ම පෙනෙන අයගේ ලිපි වලට, රාජකාරි කටයුතු වල ප්‍රමාදය ගැන ඔබගේ දෑස යොමු කරන්න.(නදී)
රට කොතනටද? (නදී)
මේ අන්ධ යුවලට රැකියාවක් දීමට නොහැකි නම් ඇයි ආණ්ඩුව විහ්ව විද්‍යාලයට යන්න අවසර දුන්නේ. මේ දුප්පතුන් වෙනුවෙන් රජය මොනවද කරන්නේ? (නදී)
ඔය දිස්ත්‍රික් ලේකම්ගෙ හෙට ඇස් නොපෙනී ගියොත් රස්සාවට මොකද වෙන්නේ ? (නදී)
මම ද ඔය විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය හදාරා එහි කථිකාචාර්ය වරයෙක් ලෙසද සේවය කර දැයට මහාචාර්යවරුන්ද දායාද කර දුන් අයෙක් හැටියට මෙහි සඳහන් වන එම විශ්ව විද්‍යාලයේම උගත් දිරිය දියණිය ගැන හා ඇගේ දිරිය ස්වාමි පුරුෂයා ගැන වචනයක් සඳහන් කල යුතුමය. දහසක් දුක් කම්කටොලු මැද අධ්‍යාපනය කළ මට මගේ දස පෙනුනත් "අන්ධවූ" විශ්ව විද්‍යාල පාලකයන්, ඊනියා මහාචාර්ය වරු, අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ලේකම් මට්ටමේ උදවිය නිරන්තරයෙන් කළ කෙනෙහිලි මතක් වෙන කොට මගේ රටට සිදුවී ඇති විපත ගැන සිය දහස් වර දුක් වෙනවා. මට හිතෙන විධිහට ඇස්පෙනෙනවා කියන මිනිසුන් ට වඩා ඔබ දෙදෙනාට ලෝකය දකින්න හැකි වාසනාව තියෙනවා. අධෛර්යමත් වන්න එපා. ඔබේ කුඩා දියණිය රටේ ඉහළම පුටුව ට එන තුරු ඇයව වත් උඩට ඔසවා තියන්න මහන්සි ගන්න. ජාතියේ ආචාරය හා ආශීර්වාදය ඔබ තිදෙනාට. (නදී)
මෙවැනි පුවත් දකින විට ,දෙවියනි ඔබ කොහිද කියා නොව අසන්නට ඇත්තේ වෙනත් දෙයකි.(නදී)
ඇයට දැස පමණි අඩු නිලදාරීන්ට හදවතක් නැහැනේ .(නදී)
මනෝ විද්‍යාව හා ලිංගික මනෝ විද්‍යාව සම්බන්ද රැකියාවක් සඳහා මෙතුමියට අවශ්‍ය සියලු සුදුසුකම් තිබෙනව නම් දෑස් පෙනීමට අමරතරව ... මේ විෂය සම්බන්ද ආයතනයක් මුල්වී මෙතුමියට රැකියාවට අවස්තාවක් ලබා දී. අයගේ ප්‍රගතිය බලා රැකියා ස්ටීරත්වයක් ලබා දෙනවා නම් වඩාත් උචිතයි.(නදී)
මේක හරිම නින්දා සහගත දෙයක්. අපේ රට මෙතරම් නොදියුනුද. මෙවැන්නකට තීරණයක් ගැනීමට මෙතරම් කල් ගතවීම රජයේ සේවය සිදුවෙන අයුරු පිලිබදව හොදම උදාහරණයකි. මෙතරම් වෙහෙසක් දරා මෙවැනි උපාදියක් ලබාගත් අයගේ සේවය රටට ලබාගැනීමට තවමත් නොහැකිවීම සහ මෙවැන්නන්ට සලකන අයුරු මෙලෙසනම් අප තවමත් වඩා කිට්ටු දියුණු ජාතියකට නොව වනචාරින්ටමය.(නදී)
ඇස්දෙක පෙනෙද්දී ඉගන ගන්නේ නැති ලමයි ඉන්න රටක ගීතමාලි කොච්චර අමාරුවෙන් උපාධිය ගන්න ඇතිද. අන්ධ ළමයින්ට ඉගැන්වීමට ගුරු පත්වීමක් දෙන්න බැරිද? ලංකාවේ රාජකාරි ලියුම් වලට උත්තර එනකොට මිනිස්සු මැරිලත් ඉවරයි. (නදී)
අයදුම් පතක් අන්තර්ජාලය ඔස්සේ යොමු කලොත් විදේශයකින් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය හැක.(නදී)
ඇස් නොපෙනුනත් ස්වශක්තිය ඇත එමට. අභියෝගයට නොභියව යයි ඉදිරියට.. බාධක මැදින් දෛනික දිවි රැකගන්ට .. පිං පඩි නොවේ රැකියාවක් දෙනු ඇයට.(නදී)
ඔන්න අපේ රටේ හැටි. වැඩ නොකෙරෙන විදිහට තමා හැමෝම හිතන්නේ. දෑස් නොපෙනෙන අය බඳවා ගන්නැයි උපදෙස් නොමැති බව දිස්ත්‍රික් ලේකම් කියනවලු. ඒත් දෑස් නොපෙනෙන අය බඳවා ගන්නැයි එපා කියල උපදෙස් තියෙනවා ද ? (නදී)
ලංකාව කොතරම් නොදියුනුද කියල හිතෙන්නේ මෙවැනි සිදුවීම් වලින්. මම ඉන්න රටේ මෙවැනි "දෘෂ්‍ය ආබාධිත" ලෙස ලංකාවේ සලකන අයව "ආබාධිත අය" ලෙස සලකා සමාජ්යෙන් කොන් කරන්නේ නැහැ. ඒ අයව සලකන්නේ "වෙනස් අයුරින් හැකියාවන් ඇති අය" ලෙසයි. එලෙස සලකලා ඒ අයටද සමාජයේ අන් අය සමග සම සමව රටේ දියුණුවට දායක කරගන්නවා. තාක්ෂණයේ දියුණුවත් උපයෝගී කරගනිමින් මෙවැනි අය මම සිටින රටේ ගුරු වෘතියේ යෙදී පෙනීම තිබෙන දරුවන්ට දැනුම ලබා දෙන අවස්ථාත් තිබෙනවා.(නදී)
මගේ අදහස නම් මේ දිරිය කාන්තාවට මෙම පත්වීම හෝ සුදුසු රැකියාවක් දිය යුතුයි යන්නයි. මුළුමනින්ම හෝ අඩ වශයෙන් අඳ බවින් පෙළුණු නමුත් ලෝකය වෙනස් කල වීරයින් එදත් හිටියා, අදත් ඉන්නවා , ඉදිරියටත් ඉඳීවි. ගූගල් එකට ගොස් විපරම් කර බලන්න, ඔබ පුදුමයට පත්වෙයි. මට නම් මේ කාන්තාවත් එවන් වීරවරියක්. ඇයට ශුභ පතන අතරම මගේ පැතුම බලධාරීන්ගේ ඇස් ඇරේවා යන්නයි.(නදී)
මක්කරන්නද සහෝදරිය, ඔබ වෙන රටක ඉපදුනා නම් මෙහෙම වෙන්නේ නැහැ. අපේ රටේ තත්වය මෙහෙම තමයි.(නදී)
උගත් කම තියෙන අයෙක්ට රස්සාවක් දුන්නම මොකද වෙන්නේ? ඒ අයගේ දුප්පත් කම නිසා වෙන්න ඇති.(නදී)
කෝ මේ ආශ්චර්යයේ භාරකාරයො ? මේ ගැන හොයන්නේ නැද්ද ? (නදී)
ඔබ ඇමෙරිකාව හෝ යුරෝපීය රටක ඉපදුනානම් ඇස නොපෙනුනත් ඔහොම වෙන්නේ නැත. මේ රට ගැන කතා කර වැඩක් නැත. නිවන් යන්න පළමුව යුරෝපීය රටක උපදින්න පින්කරන්න.(නධී)
හැම දෙයකටම ඇඟිලිගහන අපේ දේශපාලකයන්ට ඇයි බැරි මේ වගේ කෙනෙකුට උදව්වක් කරන්න. (නදී)
අදිකරණය මනාව හිමිකම් යන්න ඇයට උදවු කරන්න.(නදී)
මෙවැනි ඉතා සංවේදී කරුණු වලට කොමෙන්ට්ස් දාන්න තරම් අපි පව් කරලා තියනවා කෝ මෙම රටේ බලධාරීන් (නදී)
මෙච්චර මොලේ නෑති අය රටේ ලොකු පුටුවල අමාත්‍යංශ වල ඉන්න කොට මේ උගත් කාන්තාවකට තැනක් නොදෙන්නේ ඇයි?(නදී)
විය නොහැකි දෙයක්. ඒත් වෙලානේ. මේ පුවතින් පසු හොදක් වේවි.(නදී)
ඉතාමත් අසාධාරණ දෙයක් සිදුවී ඇත. බලධාරීන්ගේ දෑස් ඇරේවා! පින්වත් සේවා දායකයකු පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගැනීමට මෙම මහත්මියට උදව් කරන්න.(නදී)
මේ වගේ අයට අත හිත දෙන්න කියන්නත් අපගේ මෙහි අදහස් දක්වන කව්රුත් නැද්ද? ඔක්කොම තියෙන මිනිසුන්ටම තමයි. ඉතින් මෙවැනි අයගේ දක්ෂකම් අගයන්න ආයතන පිහිටුවා තිබෙනවා නේද? (නදී)
හරිම කනගාටුදායක තත්වයක්.(නදී)
මේක නං හරිම අපරාදයක්. කොච්චර අමාරුවෙන්ද ඉගෙනගන්න ඇත්තේ. ඇයි මේ වගේ අහිසක මිනිසුන්ට උදව් කරන්න බැරි.(නදී)
ජේසුනේ මොවුන්ව ආරක්ෂා කරගන්න. මොවුන්ට පිහිටවෙන්න.(නදී)
වගකිවයුත්තන්ගේ පෙනෙන දෑස් යොමු වේවා! (නදී)
ජපානයේ රජය විසින් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලට දන්වා තිබෙන දෙය නම් රැකියා සඳහා ඉල්ලන ආබාධිතයන්ට රැකියා දිය යුතුයි කියලා. ඒ නිසා සෑම ආයතනයකම ආබාධිත පුද්ගලයෙක් රැකියාව කරනවා. මොකද ඒ අයත් ජීවත් විය යුතු නිසයි. අපේ රට නමට බෞද්ධ උනාට කිසිම ආණ්ඩුවක් ජපානය වගේ මානව දයාවෙන් සමාජය දෙස බලලා නැහැ. (නදී)
මේ වගේ දිරිය මිනිස්සුන්ට උදව් කරන්න ඕනෑ රැකියා දීලා. (ස)
අහිංසක මිනිසුන්ට උපකාරයක් කරන අය දැන් අඩුවෙලා. (ස)
මෙච්චර මොළේ තියෙන මිනිස්සුන්ට රස්සාවල් දෙන්න බෑ, අනිත් අයට ඕනෑ තරම් රස්සා තියෙනවා දියවන්නාවේ. (ස)
හරිම කනගාටුදායකයි.එංගලන්තයේ දෑස නොපෙනුන අයෙක් අධ්‍යාපන ඇමති කෙනෙක් වුණා මට මතකයි ඒත් අපේ රටේ ...මේ අයට පිහිට වෙන්න පාලකයන් අන්ධ නොවේවා. (ස)
මොන තරම් නාස්තියක් වෙනවද අපේ රටේ ඡන්ද වලටයි අනිකුත් බොරු වැඩ වලටයි. මේ පවුලට කවුරු හරි උදව් කරන්න, පින් සිද්දවෙයි.(නදී)
මානව දයාව උපතින්ම දෑතින් ගෙන උපන් අපගේ අතිගරු ජනාධිපති තුමාට මෙපුවත යොමු වේවා එතුමා විසින් මෙයට සාධාරණයක් ඉටු කරනවා සත්තයි.(නදී)
ප්‍රේමදාස ජෝන් කොතලාවල වගේ අය හිටියා නම් මේ අහිංසකයට මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
කෝ බොරුවට කෑගහන දේශපාලුවෝ දැන්වත් ඇස් ඇර බලපල්ලා.(නදී)
ලෝකයේ කිසිම අනිත් රටක අධ්‍යාපන සුදුසුකම වෘත්තීය සුදුසුකමක් නොවේ.(නදී)
ගැනියෙක් ලොකු පුටුවකට ආවොත් විනාසේ තමයි. (නදී)
බමුණු වගේ මොලේ නැති අයත් රැකියාවක් කරන එකේ, ඇයි ඔබතුමියට ඒ අවස්ථාව නොදෙන්නේ දැස නොපෙනී උපාදිය ගන්න පුලුවන්නම් දේශන පවත්වන්න නොහැකි ඇයි?(නදී)
මොකක්ද මේ අධ්‍යාපන ක්‍රමය? බ්‍රේල් ක්‍රමයෙන් උපාධිය කරන්න පුළුවන් නමුත් රැකියා කරන්න අවස්ථා නැහැ. ඇය උපාධිය ගත්වෙලේ මොන තරම් බලාපොරොත්තු තියාගන්න ඇද්ද? (නදී)
ඇස් පේන උගත් මිනිස්සු ගන්න තීරණ.(නදී)
මේවට හරියට පිළියම් නැති උනාට, ගසාකන්න හොරකම් කරන්න ඒවා වහන්න වගකිව යුත්තෝ ඉන්නවා. පුළුවන් නං මේ අයගේ දුරකථන අංකයයි, බැංකු ගිණුම් අංකයයි අරන් දෙන්න. මට හැකි පමණින් මම පිහිට වෙන්නන්. (නදී)
කතෘ තුමා කරුණාකරලා මේ අයගේ දුරකථන අංකය අරන් දෙන්න. ලොකු පිනක්. (නදී)
ඉතාම ඉතාමත් කනගාටු දායක තත්වයක් මේ සඳහන් කර ඇත්තේ. අඩුම ගනනේ, උපාධියක් ගන්න තරම් දිරිය දුවක් නේද කියල කව්රුහරි උසස් කෙනෙකුට සිත් පහල උනේ නැත්ද? මේක නම් බරපතල නිලධාරී වාදී ක්‍රමයක්. සමහර පුරප්පාඩු තමන්ගේ ළමය ලොකු වෙනකන් තියා ගෙන ඉන්න අවස්ථා අපි දැකලා තියනවා. කාන්තා ඇමති කෙනකුත් ඉන්නවා අබාධිත අයට සහන දෙනවලු හොඳට සලකවලු. මෙන්න ඇත්ත තත්ත්වය. කරුණාකර මෙයාට බැංකු ගිණුමක් හදලා අපිට කියන්න. අපිට ඔබ වටිනවා. තවත් කාලයක් ජිවත් වෙන්න කීයක් හරි අපිට පුළුවන් සම්මාදම් කරන්න. මේ විදිහට හිතන අය මේකට එකතු වේවි.(නදී)
මේවගේ කෙනෙකුට උදව්කරන්න සුදුසු කම් තියෙන අහිංසක අයට (ස)
සොයුරිය ඔබ වෙනුවෙන් අඩන්නට ගලා එන කඳුළු නොදකින අපේ රටේ පරිපාලන නිලධාරිවාදය (දිල්)
ඇය වගේම අයට අධ්‍යාපනය ලබා දීමට ඇය යෙදවිය නොහැකිද? (ස)
මේ වගේ වැඩවලට මේ රටේ සහනයක් ලබා නොදීම ගැන මම කනගාටුවෙනවා.(නදී)
රස්සාවක් දෙන්න බැරිනම් ඒ දැරිවි උපාදිය සමත් වුණ එකවත් අගේ කරලා මාසික ගෙවීමක් ලබා දීමට ඉහල පුටුවල ඉන්න සැම දෙනාගේ දෑස විවර වේවා (දිල්)
දෙන්න ගැනම හරිම දුකයි. ඉක්මනින්ම බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රර්ථනා කරමි.(නදී)
කවුරු හරි නීතීඥ මහතෙකු ඇයට උදවු කරන්න මානව අයිතිවාසිකම් නඩුවක් දාන්න. සියලුම සුදුසුකම් සපුරා තිබියදී මේ පත්වීම දී නැත්තේ. එසේනම් අබාධිත නොවන අයට දියයුතුයි කියල ලිපියේ ගහල තියෙනවාද. මේ මානව අයිතිවාසිකම් කඩකිරීමක්. මේච්චර ලියලත් මේකට අවුරුද්දක් ගිහිල්ලත් නිලධාරීන් කටයුතු නොකිරිම ගැන ඒ අයගෙන් වන්දි ගන්න පුලුවන්. ඒ නිලධාරීන්ටත් දඩුවම් කළ යුතුයි.(නදී)
ගුරු පත්වීමක් ලබා දීම පිළිබඳව සලකා බලන්න. (නදී)
අනෙක් අයට දෙන්න පුලුවන්දේ මෙයාලට දෙන්න බැරිනම් අයි උගන්වලා උපාදිය දීලා මේතර අකටයුතුකම් කරන්නේ? (නදී)
යාපනය මෙවැනි අයට උදව් කරන ආදර්ශමත් ප්‍රදේශයක්. අධ්‍යාපනයට සලකන සුදුස්සාට සුදුසු තැනක් දෙන්න අනික් පළාත් සලකිලිමත් උනොත් හොඳයි නේද? (නදී)
මේ රටේ බලධාරීන්ගේ දෑස් අන්ධ බව නම් පෙනේ. ඔබ වැනි දෘශ්‍යබාධිත උගත් අය සඳහා කිසිඳු වැඩපිළිවෙලක්,සැලසුමක්,ඔවුන් සතුව නැත.(නදී)
නිකම් ආණ්ඩුව රස්සාවල් අතේ තියාගෙන ඉන්නවා වගේ මෙයාලගේ කතාව. මේක දුකක් දැනෙන හිත උනුවෙන සිද්ධියක්. නමුත් හැම කෙනෙක් ගැනම හොයන්න හැම දෙයක්ම හොයන්න ආණ්ඩුවට බැහැ.(නදී)
ගීතමලිට සුදුසු රෙකියාවක් ලබාදීමට වගකිවයුත්තන්ගේ ඉක්මන් අවධානය යොමුවේවා.(නදී)
අල්විස් මල්ලි ඔයා හරියටම හරි. කෝ අපේ බලවේග. සේරම බොරු.(නදී)