අනියම් පෙමක පැටලුණු තම බිරිය මරා දැමීමේ චෝදනාවට වැරදිකරු ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
සම්පත් වඩුගේ සුදත් සිල්වාට (51) මෙම දඩුවම නියම විය.
බිරියගේ හිසට මිටියකින් පහරදීම නිසා හිස්කබලේ පිපිරීම් හතරක් තිබුණු බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළිවිය.
බිරිය සේවය කළ ස්ථානයේ පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා සහ බිරිය අතර වූ දුරකථන ඇමතුම් සොයාගෙන එම සම්බන්ධය නතර කරන ලෙසටත් රැකියාවෙන් ඉවත්වන ලෙසටත් විත්තිකරු බිරියට පවසා ඇත.බිරිය එම අවවාද පිළිනොගත් හෙයින් ඇති වූ බහින් බස් වීමකින් ඇයට පහර දුන් බව විත්තිකරු අධිකරණයේ දි පිළිගත්තේය.
තමන්ට දඩුවම් කළහොත් තම දියණියන් දෙදෙනාගේ ආරක්ෂාවත් අහිමි වන බව විත්තිකරු අධිකරණයට කීය.
එහෙත් සිදුකර ඇති වරදේ ස්වභාවය අනුව එවැනි සමාවක් ප්‍රදානය කළ නොහැකි බව විනිසුරු කීය.
ඔහුට නියම කළ සිරදඩුවම අනුව අවම වශයෙන් අවුරුදු 17ක් බන්ධනාගාරයේ දඩුවම් විදීමට සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සුරංග මෙයාලා මෙල්බෝර්න්ද ? (නි)
සුරංග හරි පැත්තේ අය ඇත්ත දන්නවා සුදත් වෙනුවෙන් ඔබ දන්නා ඇත්ත මෙහි සටහන් කිරීම ගැන ස්තුතියි. (නදී)
මිනි මැරුමක් හරිය කියලා සාධාරණිකරණය කරන්න මෙතන ඉන්න තරමක්.(නදී)
මෙවැනි ක්‍රියා වල පලවිපාක දැනෙන්නේ සියලුදේ සිදුවුනට පස්සේ. යන කෙනාට යන්න දී දරුවන් දෙදෙනා රැකබලාගෙන උන්නා නම් අඩුම තරමින් නිදහස් ජීවිතයක් හරි පවතිනවා. දැන් දරුවන්ට මවත් නැහැ පියත් නැහැ. ඔවුන්ගේ ගෞරවයත් නැතිවෙනවා මේවා නිසා.(නදී)
අනේ, ඔය රටවලට ගියේ හොදින් ඉන්න නේද? ඇයි ඔහොම දේවල් වලට මුහුණ දුන්නේ? නෝනි ගියානම් යන්න ඇරලා දුවල දෙන්න එක්ක හොදින් ඉන්න තිබුනනේ. දැන් නෝනත් නැහැ දුවලා දෙන්නත් නැහැ. සුදත් ඔබ හොද උනාට අධික කෝපයට ට මිනි මරන්න බැහැනේ. හොදම දේ අයින් වෙන එක. ඕස්ට්‍රේලියාවේ ඕනේ තරම් වෙන්වෙන්න නිදහස තියෙනවනේ. ඇයි මෝඩකම් කරන්නේ. ඔයා එනකොට කවුරුවත් මේ ලෝකෙට අරන් ආවේ නැහැනේ. බුදුදහමට අනුව ජීවත් වෙන්න. ඔබ හොදින් ඉන්න. ඉක්මනින් නිදහස ලැබේවා.(නදී)
අනාගතය ? (නදී)
ඕක ලංකාවේ සිදු වුනානම් මිනිහා ගොඩ. ඕනා නම් ඇග බදී ටික කාලයකට. ත්ෂනික කෝපය.(නදී)
මරණිය දණ්ඩනය නැද්ද (දී)
අනියම් ඇසුරකට මුල ලැබෙන දෙයින් සතුටු නොවීමයි. මේ මහත්තයට තිබුනේ ඒ අඩුපාඩුව පිරිමැසීමයි. දැන් ඉතින් පරක්කු වැඩියි.
එහෙනම් සරත් ගානේ මෙහෙම ප්‍රර්ථනා කරමු. පිටිගල (මිලානෝ) ට නිවන් සැප ලැබේවා!(නදී)
තමන්ගෙන් ඉවතට යන දෙයට සතුටු වන්න. සතුටින් බැහැර කරන්න. දහදිය, මුත්‍රා, අසූචි මෙන් සිතෙනුත් කයෙනුත් බැහැර කරන්න. තමන්ගෙන් ඉවත්ව යන ආදරයක් බලෙන් තබාගැනීම ආදරයේම අර්ථය විරහිත කිරීමකි. ඔබ මෙසේ සිතුවේ නම් ඔබ අද පෙර සේම තනි වූ දියණියන්ට සෙවන සිසිල සැනසුම දෙන මහා රුකක් වෙන්න තිබුනා නේද? ඔබ නොපමාව තෙරුවන් සරණ යා යුතුයි! (නි)
කාන්තාවකට පහරදීම හෝ මැරීම අනුමත කල නොහැකියි. අනුන්ගේ පව් තමා පිට පටවා ගන්නේ නැතුව ඉවත් උනානම් ඉවරනේ. මේවගේ දේවල්වලදී අනෙකාගේ ඉවසීමේ සීමාව පනිනවා. එතකොට මොනවා වෙනවද කියල තමුන්ම දන්නේ නැහැ. කල් තියාම දරුවෝ දෙන්නත් එක්ක බිරිදගෙන් ඉවත්වුනානම් අදත් මේ මනුස්සයා හොඳින්. අහක යන ගැරඬි මරලා පව් පුරවා ගත්ත වගේ වැඩක් නේ.(නදී)
තමුන්ගේ බිරිය, සැමියා හොර වැඩ කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ එම පුද්ගලයාට එක්කෙනෙක්ගෙන් සැහීමකට පත්වෙන්න බැහැ කියන එක.කුමන හේතුවක් නිසා හෝ සමාව දී ලඟතබා ගැනීම භයානකය. මේ කට්ටිය කවදාවත් හැදෙන්නේ නැත.එකම වරද නැවත නැවත වේ.අනෙකාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන සිදුවෙන්නේ විනාශයකි. (නි)
පෙර බවයේ සිට එන පාප කර්ම අපි මේ බවයේ ගෙවා ඉවර කර ගත යුතුයි.ඒවාට කලබල වීමෙන් ඊටත් වඩා විශාල වූ පාප කර්ම වලට නොදැනිම ඇදවැටේවි. මෙවැනි අවස්ථාවක සාමකාමීව දුදනන්ගෙන් අයින් වීම දුරදර්ශි වේ. (නි)
පෙරේරා,සරත් - මෙහෙ කව්රුත් දුක්වෙන්නේ සුදත් හිරේ ගිය එක ගැන මිසක් එයාගේ බිරිඳ ගැන නෙමේ. මැරිච්ච කෙනෙක්ට අපහාස වෙන හින්දා වැඩි විස්තර ඕනා නැහැ. පහන්ලා වගේ දන්නා අය දන්නවා.(නදී)
මිනිහගේ පැත්තෙන් බැලුවම හරි. නමුත් කෙනක් මැරීම වැරදි වැඩක්.දියණියන් දෙන්නෙක් ඉන්න අම්මා? තහනම් හහේ ගෙඩි කෑවම ඔහොම වෙනවා. (නි)
යුරෝපයට ගිහින් කළේ මේවද? හොද දඩුවම නමුත් කෙල්ලෝ දෙන්නට පව්. දෙමව් පියන්ගේ වැරදි වලට දඩුවම් විදින තවත් ළමයි දෙන්නෙක්.(නදී)
මේවා නම් අනුමත කරන්න පුළුවන් දේවල් නොවේ දිවිතෙක් හිරේ දාන එක මදි කියලයි මගේ මතය (දී)
හිරේ දාලා මදි
පහර දීමට කලින් තම දියණියන් ගැන කල්පනා කලානම් ඔහොම වෙන්නේ නැහැ නේ ද ?(නදී)
සුරංග කියන දේ ඇත්ත. ඒක මෙහෙ ඉන්න හුඟක් දෙනා දන්නවා. සුදත් හරිම අහිංසක මනුස්සයෙක්. ඒ වගේම සුදත් මොලේ තියෙන කෙනෙක්. ඔහු නාවික කටයුතු පිළිබද කතිකාචාර්යවරයෙක්. දරු දෙදෙනාත් විශ්ව විද්‍යාලයේ. ඔහු හොඳටම දැන ගෙන ඉන්න ඇති මේ රටේ නීතියෙන් නම් කිසිම ගැලවිල්ලක් හම්බ වෙන්නේ නෑ කියලා. එහෙම එකේ ඔය ප්‍රශ්නය හොඳින් විසඳා ගන්න ඔහුට තිබුනා. මොන ප්‍රශ්නයක් තිබුනත් කෙනෙකුගේ ජීවිතය හානි කරන්න තවත් කෙනෙකුට අයිතියක් නෑ.(නදී)
ලස්සනට සතුටින් ජිවත් වුන පවුලක්. කාන්තාවගේ වරද නිසා වෙච්ච අපරාදයක්. තමන්ගේ දරුවන්වත් අමතක වෙලා. ඔබට සිදුඋන දේ ගැන අපට හරිම කණගාටුයි සුදත්.(නදී)
මිනිත්තු කිහිපයක ආශ්වාදයට දරුවන් හා තම සැමියා අමතක කළ ඇයට ලැබුණු දඩුවම ගැන දුකක් නැහැ. අර අහිංසක දරුවන් ගැන බොහොම කණගාටුයි . (නි)
පිටිගලගේ අදහස් හරිම අගෙයි. ඔබතුමා වගේ අය සසුන්ගත වෙනවානම් ගොඩක් හොඳ සේවයක් කරන්න පුළුවනි.(නදී)
මමනම් කියන්නේ කමක් නැහැ
හලෝ තිලක් ඕස්ට්‍රේලියාව යුරෝපයේ නෙමේ තියෙන්නේ.(නදී)
බිරිද මරන්නේ නැැතුව අත් අරින්න තුබුනා, විදව විදවා ඉන්න (නි)
කමක් නැහැ මොකද වරද වරදමයි
ඖෂ්ට්‍රලියාවේ අනියම් සම්බන්දකම් ඕන තරම් තියෙනවා, මෝඩ මනුස්සය ගෑනි ඒ මිනිහටම දීලා දරුවෝ ටික බලාගෙන ඉන්නයි තිබුනේ.(නදී)
ඇත්තෙන්ම දුක් දනවන කතාවක් මේ දරුදෙදෙනා ගැන හිතලා හරි මේ අම්මා අනියම් ඇසුර නවතා දැමිමානමි අද මේ තාත්තා සිරගත වෙන්නේ නැහැනේ. දරු දෙදෙනොටද මවි පිය සෙනහස හිමි වෙනවා නේද? ඇයි මේවා ගැන නොසිතන්නේ.(නදී)
තිලක් ඔස්ට්‍රේලියාව තියෙන්නෙ යුරෝපා මහද්වීපෙ නෙමේ.(නදී)
හොරා කන්න ගිහින් අහු වුණ නෝනව පන්නලා අලුත් ලස්සන නෝනා කෙනෙක් ගෙනාවා නම් වැඩේ සුඛාන්තයක් වෙනවනේ.පිටරට යන්න කැමති ලස්සන උගත් පතිදම් රකින්න කැමති අපේ කෙල්ලෝ කොච්චර ඉන්නවද ? මෙම රටවල ලිවින්ග් ටුගෙදර් කියල අවසරයකුත් තියෙනවානේ. (නි)
ඔය අනියම් ඇසුරවල් නිසා අනාත වෙන, හිරේ යන, මැරෙන අය ගැන සංක්‍යා ලේඛන තියෙනවද? මේ නඩු තීන්දුවෙන් සමාජයට දීලා තියෙන්නේ හොඳ පණිවිඩයක්. එත් මනුෂ්‍ය වර්ගයා ඕක විතරක් නවත්වයිද? (නදී)
චන්ද්‍රා, ලස්සන උගත් පතිදම් රකින්න කැමති අපේ කෙල්ලෝ ඔය කියන ලිවින්ග් ටු ගෙදර් ජිවිතයටත් කැමතිද? ඔය කියන දිවි පැවැත්මට අපේ රටේ අවසරයක් නැද්ද? එසේ කරන අය නැද්ද? සෑම යුවලක්ම විවාහකද අපේ රටේ.(නදී)
සුරංග,පහන්, අහිංසක මිනිස්සු මිනි මරනවද? අහිංසක නීතිගරුක අය නීතියේ සහන පතනවා මිසක් නීතිය අතට අරන් ක්‍රියා කරන්නේ නැහැ.(නදී)
නැහැදිච්ච ගැහැනියක් දරුවෝ දෙන්න ගැන හිතන්න තිබුනා. සැමියාගේ පැත්තෙන් බලනවිට ඔහුගේ කේන්තිය සදරනයි. මරන්න නෙමේ තිබුනේ එකතැන් කරලා හොර මිනිහටම බාර දෙන්න තිබුනේ. හොර මිනිහගේ ආදරේ තරම බලාගන්න.(නදී)
සුරංග ඔයත් සුදත්ගේ බිරිද සමග යාලු මිත්‍රකමක් පැවත්තුවද? එහෙනම් ඒ යාලු මිත්‍රකම් දෙකම සලකලා අර අහිංසක දරු දෙදෙනා බලාගන්න.(නදී)
සුදත්,හරිම අහිංසක මනුස්සයෙක්. ඒක මෙහෙ ඉන්න හැමෝම දන්නවා. එයාගේ බිරිඳ ගැනනම් කියල වැඩක් නැහැ. දන්නෝ දනිති.(නදී)
ලංකාවේ හිර ගෙවල් වගේ නෙවි ඔස්ට්‍රලියාවේ හිරගෙවල්. මෙයා හොඳට සැපට ඉඳීවි දිවි තිබෙනතුරු. (නි)
අපේ එක්කෙනා නම් තවම මගෙත් එක්ක ඉන්නවා (නි)
මේ වගේ අවස්ථාවලදී ඕනෙම කෙනෙක් කියන්නේ මිය ගිය අයගේ අනියම් ඇසුරක් ගැන තමයි. අපි කොහොමද දන්නේ එහෙම එකක් තිබුනද කියලා. මිය ගිය අයට තවත් අපහාසත් කරනවා.(නදී)