
(අමදෝරුඅමරජීව )
තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අයෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්. මොහොමඩ් අබ්දුල්ලා මහතා අද (05) මරණ දණ්ඩනය නියම කළේය .
මෙසේ මරණ දඬුවම නියම වූයේ කන්තලේ, පේරාරු, පදිංචි සුපියාන් ඉන්සාන් (33) නමැති අයටය.
2019 ජනවාරි මස 22 වන දින හෝ ඊට ආසන්න දිනකදී කන්තලේ ජනතා මාවතේදී සිය බිරිය වන මොහොම්මදු පවුස් රශ්මියා (23) නැමැති අයට තීයූණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකිරිම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය .
මේ සම්බන්ධයෙන් මූලික නඩු විභාගය කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අතර නීතිපති විසින් චූදිතට එරෙහිව 2021 මාර්තු මස 21 වන දින අධිචෝදනා ගොනු කිරීමෙන් පසු ත්‍රිකුණාමලය මහාධිකරණයේ හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෙම ප්‍රශ්නයක් ජීවිත අහිමි කිරීමකින් තොරව විසඳාගන්න එපැයි... මිනිස් සමාජය කටයුතු කරනවා නම් කොච්චර හොඳද? සුන්දරද?
ශරියා නීතිය ද?