බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ වෙසක් උත්සවය විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ මහානිකයේ ප්‍රධාන සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අන්‍රග්‍රහයෙන් පැවැත්විණි.
පෙහෙවස් සමාදන් වීමෙන් හා බුද්ධ වන්දනාවෙන් පසු භාවනා වැඩසටහන සහ ධම්ම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආචාර්යවරයකු වන කිරම රත්නසිරි හිමියන් විසිනි.
විහාරවාසී මාපලගම සෝරත හිමියන් දහවල බුද්ධපුජාව මෙහෙයවීය.
පිංකම සඳහා වැඩමකළ මහා සංඝරත්නය සහ සිල් සමාදන්වූ සැදැහැවතුන් උදෙසා දහවල දානයද අනෙකුත් අනෙකුත් සියලුම දෙනා සඳහා ආහාර පානද සපයන ලද්දේ ගනේවත්ත පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විසිනි.
ස්ටෝකේ ඔන් ට්‍රෙන්ට් නගරයේ පිහිටුවා ඇති ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන "සත්ස්වර සංගීත කණ්ඩායම"ඉදිරිපත්කළ මනරම් බොදු බැතිගී සංදර්ශනයක්ද එදින පැවත්විණි. ශ්‍රී ලංකාවේ මැලිබන් සමාගමේ අනුග්‍රහාකත්වයෙන් ලක්ෂ්මන් වීරසුරිය සහ පාලිත බණ්ඩාර සන්විධානයකළ "තේ දන්සල" පැමිණ සිටි සියලුම දෙනා වෙත දවස මුළුල්ලේම රස කැවිලි සහ විස්කෝතු සමඟ තේපැන් සැපයිණි.
අම්බෙටඩ්කාර් බෞද්ධ සැදැහැවතුන් විසින් ආරම්භකොට පවත්වාගෙන ගිය ජේතවන විහාරය වසා දැමීමට තීරණය කර තිබු අවස්ථාවේදී අති මහත් උත්සාහයකින් සහ ශ්‍රී
ලාංකික මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් ත්‍යාගශීලී පින්වතුන්ගේ උදව්වෙන් විහාරස්ථානය නොකඩවා පවත්වාගෙන යාමට කටයුතු කරන ලද්දේ විහාරාධිපති කැපෙටියාගොඩ ගුණවංශ හිමියන් විසිනි.
2000 වසරේදී යළි ආරම්භ කළ බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරය දැනට මහා බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් බවට පත්ව ඇත.
එය ශ්‍රී ලාංකික, ඉන්දීය, චීන, කාම්බෝජ, වියට්නාම, තායිලන්ත, බුරුම මෙන්ම යුරෝපා ජාතිකයින්ගේද ආගමික විවෘතව ඇති වැදගත් ආගමික මධ්‍යස්ථානයකි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බර්මින්හැම් පන්සලක් වෙසක් සමරයි
ඉන්දික Saturday, 01 June 2013 01:59 AM
කෝ අපේ පින්තුර නැහැනේ (අ)