පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉහළම ලකුණු ප්‍රමාණය වන 173 ක් ලබාගත් පසිඳු සංදීප සිසුවාට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල මනොමාර විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්ව ලකුණු 166ක් ලබාගත් කවීෂා ලක්ෂානි සිසුවියට 2016 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ ඉගෙනීමේ සියල්ල අවසන් වනතුරු මාසිකව රුපියල් 2000 ක් බැගින් දිරි දීමනාවක් ලබාදීමට පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරය සැරසෙයි. විහාරාධිපති මුරුංගස්යායේ ඥානිස්සර හිමියෝ ඒ බව එසැණට පැවසුහ.
මෙම දරුවන් දෙදෙනාගේ පවුල් දෙක දැනට පත්ව ඉන්නා අසරණ භාවය පිළිබඳව ලංකාදීප එසැණ මඟින් දැනගත් පසුව විහාරස්ථානයේ දායකයින්ගේ යෝජනාවක් අනුව වැඩපිළිවෙළ සුදානම් කළ බවද ඉදිරියේදී එම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් පිළිබඳව විමසිල්ලෙන් සිට අවශ්‍ය උපකාර සැලැස්වීමට කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් ඇති බවද දැනට එම පවුල් සඳහා අවශ්‍ය නිවාස පහසුකම් ලබාදීමට නිලධාරීන් කටයුතු කර ඇති බව දැනගැනීමට ලැබීම පිළිබඳව සතුටු වන බවද ඒ හිමියන් පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම උතුම් වැඩක්. බුද්ධිමතුන් බිහිකරන එක හොඳයි. (නි)
ඉතාමත් වටිනා සේවයක්. අගය කරමි. (බ)
සියළු දෙනා අනාගත මොළකරුවන්ට දිරිදීමට ජාති ආගම් බේද නොසළකා සිතට ගතයුතුයි (නි)
කවදත් හොඳ ප්‍රවෘත්ති සපයන තිස්ස මඩවල මහතා නැවත වරක් ලංකාදීප පාඨකයින්ට සතුට ගෙනදෙන ආරංචියක් සැපයීම සතුටට කාරණයක්. පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරයේ විහාරාධිපති මුරුංගස්යායේ ඥානිස්සර හිමියෝ පසුගිය වසර කිහිපය තුළ නිහඬව කර ඇති සේවය ඇත්තෙන්ම එවැනි ප්‍රතිපාදන සැපයීමට චර්යා ධාර්මිකව බැඳී සිටින රජයට පෙන්වාදෙන මහඟු ආදර්ශයක්. දැනටමත් ඒ හිමියෝ ශ්‍රී ලංකාවේ ඉතාමත් අඩු ආදායම් ලබන පවුල් වල දරුවන් 800 කට වඩා ප්‍රමාණයක් වෛද්‍යවරුන් බවට පත්කරලීමේ අති උදාර පිංකමට තනිව දායක වී තිබෙනවා. තම ගම් ප්‍රදේශයේ තවමත් දුෂ්කරතා මැද ජීවත්වන ජනතාව වෙනුවෙන් ඇඳන් විශාල ප්‍රමාණයකින් යුත් රෝහලක් උන්වහන්සේගේ ප්‍රතිපාදන තුලින් මේ දිනවල ඉදිවෙමින් පවතිනවා. "ආරෝග්‍යා පරමා ලාභා" බොදු සංකල්පය මුලික කරගෙන උන්වහන්සේ කරන මේ උදාර මෙහෙයන්ට උන්වහන්සේට තව දුරටත් ධෛර්ය හා ශක්තිය ලැබීමට මේ පින්ම හේතු වාසනා වේවා! (නි)
අනාගත ශ්‍රී ලංකාවට අවශ්‍යය බුද්ධිමතුන් බිහිකිරීමට අත දෙන උතුමන් දේවත්වයෙන් සැලකීමට අපි පුරුදු වෙමු. (බ)
හරිම වටිනා දෙයක් (නි)
උන්වහන්සේගේ මෙම බෝසත් ප්‍රතිපදාව නොදන්නා කෙනෙක් නැත. තෙරැවන් සරණ වේවා.! (ර)
බොහොම සන්තෝෂයි (නි)
ගොඩක් පිං. (ර)