එංගලන්තයේ බර්මින්හැම් නුවර ජේතවන විහාරයේ 2013 වස් ආරාධනා මහා පිංකම විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු විය.
මහරගම ශ්‍රී පඥානන්ද මහාපරිවෙනාධිපති වටගෙදර විමලබුද්ධි හිමි, මාපලගම සෝරත හිමි,සහ බෙරගම පියරතන හිමියන් මෙම වසරේදී ජේතවන විහාරස්ථානයේ වස් වසති. වසන්ත සහ සීතා පෙරේරා යුවල සහ එම පවුලේ සාමාජිකයෝ වස් ආරාධනා කළහ.
එංගලන්තයේ දෙවැනි නගරය ලෙස සැලකෙන බර්මින්හැම් හි පිහිටි ජේතවන විහාරය මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන අතර ප්‍රමුඛ පන්සලකි. ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් රටවල බෞද්ධයෝද එහි දායකයෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුඵලවාදී දහමක් වන බුද්ධාගම ආගමකට වඩා දර්ශනයකි. එය අතිශයින් තාර්කිකය, සම්පූර්නයෙන් විවෘතය. සාකච්ඡාවට සුදුසුය,නුවනැත්තන් විසින් අවබෝධ කරගත හැක. එමනිසා ධර්ම ප්‍රචාරයේදී බුදු දහමේ හරය දේශනා කීරීම ඉතාවැදගත්ය. වෙනත් රටවලදී මෙවන් පින්කම් සංවිදානය කරන ගෞරවනීය මහා සංඝරත්නයත් සියලු පින්වතුන් හටත් මගේ ප්‍රණාමය! (නි)
සරෝජ්ගේ කියමනේ කිසියම් සත්‍යතාවයක් තිබෙන බව ඇත්ත. මේ වගේ අය හැම ආගමකම ඉන්නවා. ක්‍රිස්තියානි සහ ඉස්ලාම් භක්තිකයින් ලෝකයේ බොහෝ දෙනෙක් වෙනත් ආගම් ගැන හෝ ශිෂ්ටාචාර ගැන දන්නේ නැහැ. ඒගැන ඔවුන්ගේ එතරම් තැකීමකුත් නැහැ.මේක බෞද්ධයන්ට පමණක් තියෙන දෙයක් නෙවේ. බටහිර වුනත් උගතුන් පමණයි වෙනත් ආගම් ගැන හෝ ශිෂ්ටාචාරගන හරියට දන්නේ. බටහිර සාමාන්‍ය ජනයාට ඒගැන වැටහීමක් නැහැ. බෞද්ධයන් ලිං මැඩියන් බව කියන්නේ කියන්නන් වාලේ මිස හරි වැටහීමකින් නොවේ. (නි)
පිට රටවල් වල සිටින අයට පන්සල් හදාගෙන වැදුම් පිදුම් කරන්න එහේ පහසුකම් තියෙනවා. නමුත් ලංකායේ සමහරු මෙහේ හැසිරෙන ආකාරය නිවැරදිද? (නි)
මෙරිල්, තව ටිකක් පැහැදිලිව කියනවා නම් කැමතියි. (නි)
නිහාල් ඉතාම නිවැරදියි. බුදුදහම බුද්ධිමතුන්ටම විෂය වූ ගැඹුරු දර්ශනයකි, තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව එය තේරුම් ගැනීම තමන්ගේම ක්‍රියාවකි. බුදුදහම සංස්කෘතිකාංගයක් වූ අපට වඩා එය යුරෝපීයන් විසින් තේරුම් ගන්න බවකුයි පෙනෙන්නේ (නි)
බුද්ධ දර්ශනයත් ක්‍රිස්තු දර්ශනයත් බොහෝ විට එක හා සමානය. යුරෝපියන් ලාංකිකයන් මෙන් නොව අලුත් දෙය හදාරන්න බොහෝ කැමතිය. එනිසා ඔවුන් පන්සල් වලට හින්දු කෝවිල් වලට එනවා.සිංහල බෞද්ධයන් වෙනත් ආගමක් ගෙන වැටහිමක් නැතුව උපතින් තමන් ලද දෙය ගැන පුරාජේරු ගසනවා පමණි (නි)