තම බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කොට කුප්පි ලාම්පුවකින් ඇගේ සිරුරට ගිනි ඇවිලීමට සලස්වා මරා දැමු සැමියකුට මරණ දඬුවම නියම කිරීමට අනුරාධපුර උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (13) නියෝග කළේය.
එප්පාවල, යකල්ලේගම සහ නොච්චියාගම,බෝගහවැව, රනෝරාව ලිපිනයන්හි පදිංචි ඩබ්.එම්.රණසිංහ නොහොත් කිරි මහත්තයට එසේ මරණ දඬුවම නියම විය.
2009 වසරේ මාර්තු මස 25 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් එප්පාවලදී තම බිරිඳ වන එස්.මල්ලිකා පද්මිණිගේ ශරීරයට භූමිතෙල් වත්කොට කුප්පි ලාම්පුවකින් ශරීරයට ගිනි ඇවිලීමට සලස්වා ඇය මරා දරමු බවට ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වැනි වගන්තිය ප‍්‍රකාරව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කැර තිබිණ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බිරිඳ මැරූ සැමියා එල්ලුම් ගහට