ඉරාක යුද්ධය පැවති සමයේ බ්‍රිතාන්‍ය හමුදාව බරපතල යුධ පරාධ සිදු කර ඇතිබවට චෝදනා එල්ලවන වාර්තාවක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතිබව බ්‍රිතාන්‍යයේ පුවත්පත් කියයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පිටු 250කින් සමන්විත මෙම සවිස්තරාත්මක වාර්තාවට අනුව ඉරාකයේ සේවය කළ බ්‍රිතාන්‍ය හමුදා අමානුෂික පහරදීම්,විදුලිසැර යොදාගනිමින් වධ හිංසා කිරීම්, ලිංගික අපචාර සහ වෙනත් අන්දමේ මානසික සහ ශාරීරික වදහිංසා බොහෝ ගණනක් සිදුකර ඇතිබව පෙනී යන බව දැක්වෙයි.
මෙම වාර්තාව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුවහොත් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයන්හි ඉහළම මට්ටමේ නිලධාරීන්හට " ක්‍රමානුකුලව යුද අපරාධ සිදුකර ඇති බවට " බරපතල චෝදනාවන්ට මුහුණ දීමට සිදුවන බවද එම පුවත්පත් වාර්තාව එළි කරයි.
2003 සිට 2008 දක්වා ඉරාකයේ සිදුකල සංවිධානාත්මක යුධ අපරාධ සම්බන්ධ වගකීම පැවරෙන චුදිකයන් ලෙස නම්කර ඇත්තේ බ්‍රිතාන්‍ය යුධ හමුදාපති පීටර් වෝල්, හිටපු ආරක්ෂක ලේකම් ජෙෆ් හූන් සහ හිටපු ආරක්ෂක අමාත්‍ය ඇඩම් ඉන්ග්රම් යන තිදෙනාය.
යුධ අපරාධ පිලිබඳ වාර්තාවෙහි අනෙක විධ වධ හිංසාවන්ට මුහුණදුන් 400ක් පමණ වූ ඉරාක ජාතිකයින් ඉදිරිපත්කළ කරුණු ඇතුළත් වෙයි.
2003 මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය හමුදාවන් ඉරාකය ආක්‍රමණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන් ඕවා ලස්සනට යට ගහාවි. අන්තිමට වාර්තා වලට වෙච්ච දෙයක් නැති වේවි.(නදී)
මේවට කෝ ජාත්‍යන්තර පරීක්ෂණ ? (නදී)
පෙත්සමක් ගහමුද එංගලන්තෙට විරුද්දව?(දිල්)
ආර්ථික සම්බාදක පනවන්නේ නැද්ද? ලංකාවත් එක්ක කට්ටියම අංචි අදින්නේ යුද්දෙන් පස්සේ යුද ආම්පන්න ආවුද ආදීය විකුණගන්න බැරිවුණ නිසයි.(නදී)
අර රැප් මහත්තයා ඉරාකයට යන්න අදහසක් එහෙම නැතෙයි.(නදී)
කැමරන්ට සහ ඔබාමට උඩගෙඩි දෙන ඇයො ගැනත් බලන්න ඕනේ.(නදී)
අපුරුවට ඔය අය බේරෙන්න හදයි. ඒත් කාටද අමතක අර ඉරාකේ මනුස්සයන්ට දුන්නු වද ඔය දෙගොල්ලොම එකතු වෙලා. බ්‍රිතාන්‍යට වඩා ඇමරිකාවේ හමුදාවේ අයගේ කෘර වදහිංසා ලෝකේම දකින්න ඇති. ඒත් හොයන්නේ අපේ රටේ යුද්දය ගැනමනේ. පිල්ලේ නෝනා මේවට මොනාද දන්නේ නෑ කියන්නේ. දැන් ගොළු වෙලා වගේ ඉදියි.(නදී)
ශ්‍රී ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කරන හැම රටකටම ලේ පැල්ලම් සහිත ඉතිහාසයක් හා වර්තමානය ක් තිබුනත් ඒ මිනිස්සු ඉතා දක්ෂ ලෙස ඒ පැල්ලම් හෝදාගෙන "සුදු වස්ත්‍ර" ප්‍රදර්ශනය කරනවා. අපේ රණවිරුවෝ ඉතාමත් මානුෂික ලෙස යුද්ධය නිමා කලත්, පාලකයින්ගේ අනුවණ කම් නිසා අනුන්ගේ ලේ වස්ත්‍ර වල විතරක් නොවෙයි මුහුණුවලත් තවරාගෙන. ඒ නිසා තමයි ඔප්පු කළ හැකි තොරතුරු නැති උනත් මේ අයගේ මුහුණු දිහා පමණක් බලළා ඔවුන් චෝදනා එල්ල කරන්නේ. (දී)
බ්‍රිතාන්‍ය මානව හිමිකම් කඩුවද නැද්ද මම දන්නේ නැහැ ලංකාවටනම් මානවහිමිකම් ඇගිල්ල දික් කරන්න එපා (දී)
ඇමරිකාව නැද්ද ඔය වැඩේට අනේ මගේ කට (දී)
ඔය විදිහට බලනවානම් ඇමරිකාව තමයි මානව හිමි කම් වැඩියෙන්ම කඩලා තියෙන රට (දී)
එතකොට අපේ අය විහිලුවටද කියන්නෙ බටහිර රටවල් විසින් කරපු යුද අපරාධ ගැන හොයන්නෙ නෑ කියල? (දී)