ඉන්දිරා ගාන්ධි පාලන සමයේදී ඉන්දියාවේ අම්රිත්සාර් නුවර සීක් රන් දෙවොලට එල්ල වූ ප‍්‍රහාරයට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සහාය දුන් බවට චෝදනා කරමින් අන්තර්ජාලයෙහි ප‍්‍රසිද්ධ වී ඇති ලිපි ලේඛන සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එරට අමාත්‍ය මණ්ඩල ලේකම් ජෙරම් හේවුඩ් පෙරේදා (14) නියෝග කර තිබේ.
2011 වසරේදී එංගලන්ත රජය විසින් එරට වාසය කළ ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පිටුවහල් කරනු ලැබීම සම්බන්ධයෙන් තොරතුරු සොයමින් ලන්ඩන්හි පිහිටි ජාතික ලේඛනාරක්ෂක ආයතනයට ගිය පිල් මිලර් නිදහස් මාධ්‍යවේදියකු විසින් සොයාගන්නා ලද රහස් ලිපි කිහිපයක් හේතුවෙන් මෙම ආන්දෝලනය සිදු වී ඇතැයි ‘බි‍්‍රතාන්‍ය පුවත් සේවය’’ ‘‘ද ගාඩියන්’’ ඇතුලු මාධ්‍ය වාර්තා රැසක් වාර්තා කර ඇත.
අම්රිත්සාර් නුවර රන් දෙවොලෙන් සික් කැරැලිකරුවන් ඉවත්කිරීම සඳහා ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිට සහාය දෙන්නැයි බි‍්‍රතාන්‍ය ගුවන් හමුදාවේ විශේෂ භට කණ්ඩායමකට නියෝග කළ බවට ඉඟි කෙරෙන රහස්‍ය ලිපි ලේඛන කිහිපයක් මෙසේ අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධ කැරි තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා. එම පරීක්ෂණය ලිපි ලේඛන පිටවුනේ කොහොමද කියන එක ගැනයි. (දී)
බි‍්‍රතාන්‍ය ආණ්ඩුව අපිට එක ඇඟිල්ලක් දික් කරන කොට, එයාලගේ දෙසට ඇඟිලි තුනක් දික්වෙනබව අමතක වෙලා වගෙයි . බි‍්‍රතාන්‍ය ආණ්ඩුව තමන්ගේ ඇහේ තියෙන පරාලේ අයින්කරගත්තනම් හොඳයි !! (දී)
එදා කල සමුල ඝාතනය ලොකු රටවල් නිහඩයි. (අ)
මොකක්ද මේ අසභ්‍ය ය වචනයක් තියෙන්නේ ? (නදී)
අම්රිත්සාර් හි සීක් රන්දෙවොලට පහර දෙන්න ඉන්දිරා ගාන්ධිට උපදෙස් දුන්නේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවයයි. ඒ ඌරගේ මාළු ඌර පිටම තියල කපන න්‍යාය උඩයි. ඉන්දිරා ගාන්ධි ඒ ලනුව කෑ නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා. එංගලන්ත ආණ්ඩුව බොහෝ විට කළේ ඇමෙරිකාවේ ජාත්‍යයන්තර පොලිස් භූමිකාවට ඍජුව සහය දීමයි. බැලුවහම කාගේ කාගේත් කිල්ලෝටවල හුණු (දී)
කැමරන් මහත්තොයෝ චෝගම් වලදී කට දෙඩව්වට ස්වභාවධර්මය ටික ටික දඩුවම් දීම අරඹලා (අ)
හොඳ වැඩේ..(අ)
අනුන්ට වලවල් කපන කොට පස්ටික වැටෙන්නේ තමන්ගේ පැත්තට කියන එක අමතක වෙලා ...(අ)
පරණ කුණුගොඩවල් අවුස්සන කැමරන්ටත් හොද වැඩේ,,,,,,(අ)