නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජිත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (22) උදෑසන ගියහ.
බ්‍රිතානයයේ කොන්සර්වේටිව් පක්ෂය හා කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීහු පස් දෙනකු මෙම කණ්ඩායමට අයත් වෙති. මොවුන් ලබන 26 දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටී. ඒ අතරතුරදී මෙරට ප්‍රභූන් කිහිපදෙනකුම ඔවුන් හමු විමට නියමිතය. ගංගාරාම විහාරාධිපති ගලබඩ ඥාණීස්සර හා ආචාර්ය කිරින්දේ අස්සජි හිමිවරු ඔවුනට සෙත් පැතුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ එංගලන්ත උදවියට කරන සැලකිලි උත්කෘෂ්ටයි. නමුත් අපේ පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් ලන්ඩනයට ගියොත් මේ විදියටම සැලකිලි ලැබෙයිද? ආගන්තුක සත්කාර අපේ ආදී කාලේ ඉඳලම එන දෙයක්. (නි)
සුද්දන්ට අපි මෛත්‍රිය කරමු. ඒක හොද දෙයක්. නමුත් ඔවුන්ගෙන් නැවත ඒවා බලාපොරොත්තු නොවිය යුතුයි (නි)
අජ කියන මහත්තයා හෝ නෝනා දක්වපු අදහස බොහොම හොදයි.(නදී)
හාමුදුරුවනේ, ටිකක් වැඩියෙන් සෙත් පතන්න. (නදී)
හැම ගරු සැලකිල්ලක්ම ලබාගෙන ගුවන් තොටුපලින් යනකොට රටට ලොකු ටොක්කක් ඇනලා යාවි.(අ)
එන්ලන්තයට ගිහිල්ලා මොනවද කියන්නේ කියලා බලමුකෝ (නි)
මේ ගොල්ලෝ රහත් වුණත් එදාටත් අපිට විරුද්ද වේවි.(අ)
සංචාරක කර්මාන්තය වගේම නිතිය වල්වැදීම නිවැරදි කිරීමට නම් ඔබේ උදවු අපට නිබදවම අවශ්‍යයි (නි)
මට නම් මේ රටත් ඇති, සුද්දත් හොදටෝම ඇති.දෙවියනේ කියලා කීයක් හරි හොයාගෙන ලංකාවට එන්න තමයි ඉන්නේ (නි)
අනේ ගලබඩ හාමුදුරුවනේ ඔබත් අපිට ඉන්න ජාතික වස්තුවක්. බලාගනයි ඔවුන් අපේ කිරුල අරන්යන්න කලින් රජතුමා ලගට ගියේ හතර ගාතෙන්. (අ)
අපි මානුෂික අයිතිවාසිකම් කඩ නොකළොත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ අපිට (නි)