බ්‍රිතාන්‍ය සභාග රජයේ ප්‍රධාන කණ්ඩායම වන කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් කාස්වෙල් තම දේශපාලන පක්ෂය මාරුකරමින් බ්‍රිතාන්‍යයේ අලුතින් ජනප්‍රියත්වයට පත්වේගෙන එන "එක්සත් රාජධානියේ ස්වාධීන පක්ෂය" සමඟ එකතුවිය.
ශ්‍රී ලංකාවේ සිදුවන්නාක්මෙන් නොව මේ අවස්ථාවේදී එම මන්ත්‍රී වරයා තම පාර්ලිමේන්තු ආසනයෙන්ද ඉල්ලා අස්වීමට තරම් අවංක විය.
ඔහු කලින් සිටි පක්ෂයේ නායක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රතිපත්තී සමඟ තමාට එකඟවිය නොහැකි නිසා පක්ෂය මාරුකිරීමට තීරණය කළබව ඔහු පැවසිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් බලයේ සිටින පක්ෂයකින් ඉවත්වී පාර්ලිමේන්තු නියෝජනයකු නොමැති අලුත් පක්ෂයක් සමඟ එකතුවීම පිළිබඳව විවිධ අදහස් පලවී ඇත.
මන්තී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් තව සති දෙක තුනක් ඇතුළත පැවැත්වීමට සිදුවන අතුරු මැතිවරණය සඳහා තමා " බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයෙන්" තරඟ කරන බවද කාස්වෙල් පවසයි.
පසුගිය මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ කල ඔහුට එම ආසනය වැඩි චන්ද 12,000 කින් ජයගැනීමට හැකිවිය.
බ්‍රිතාන්‍යයේ පසුගිය කාලය තුල ක්‍රියාත්මක කෙරුණු " කිසිදු පාලනයකින් තොරව එනඑන සියලුදෙනාම රට තුලට වැද්ද ගැනීමේ ඔල මොට්ටල සංක්‍රමණ ක්‍රියා පටිපාටිය රටේ දියුණුව පසුබෑමකට ලක්කර ඇති බව තමන් තරයේම විශ්වාස කරන බවත්, විශේෂයෙන් යුරෝපා සංගමයට අයත් රටවල ජනයාට එංගලන්තයට නිදහසේ ඇතුළුවීමටත්, එංගලන්තයේ වෛද්‍ය, අධ්‍යාපන සහ සියලුම සුභසාධක පහසුකම් නිසිසේ භුක්ති විඳීමටත් ඉඩ ප්‍රස්තාව සලසා තිබීමත් නිසා එංගලන්තයේ ආර්තිකයට විශාල මෙන්ම අයහපත් බලපෑමක් සිදුවී ඇති බවත් එමඟින් එංගලන්තයේ සමාජ සංස්ථාව මුළුමනින්ම වෙනස්වී ඇතිබවත්" පවසන ඔහු " මෙම විනාශකාරී ගමන් මග වෙනස් නොකළහොත් එංගලන්තයේ පිරිහීම වැළක්විය නොහැකි බවත් " කියයි.
එවැනි වෙනසක් ඩේවිඩ් කැමරන්ගේ පාලනය තුලින් ඇතිවේයැයි නොසිතන නිසා තමන් එම පක්ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් එංගලන්තයේ අනාගත දියුණුව සඳහා අවශ්‍ය සංක්‍රමණ සහ සරණාගත නීතිරීති වල වෙනසක් සිදුකිරීම සහ යුරෝපා සංගමයෙන් බැහැරව කටයුතු කිරීම වැදගත්බව විශ්ස්වාසකරන ආකාරයේ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බ්‍රිතාන්‍යයේ ස්වාධීන පක්ෂය සඳහා තමාගේ සහයෝගය ලබාදෙන බවද ඔහු පවසයි.
ස්වාධීන පක්ෂය ඉදිරිමැතිවරණයේදී සම්පුර්ණ බලය යොදාගනිමින් තරඟ වැදීමට සුදානමින් සිටින බවත් ඉතාම සුළු කාල සිමාවක් තුල තම පක්ෂය ලබා ඇති ජනප්‍රියත්වය සලකා බලන විට අඩුම වශයෙන් පාර්ලිමේන්තු ආසන 10ක් වත් දිනාගැනීමට හැකිවේය යන විශ්වාශය පක්ෂ සාමාජිකත්වය තුල ඇති බවත් එම පක්ෂයේ නායක නයිජල් ෆරාජ් පවසයි.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී ස්වාධීන පක්ෂය බලාපොරොත්තු නොවූ අන්දමේ ආසන සංඛ්‍යාවක් ජය ගැනීමට සමත් වුහ.
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ලංකා සගයින්ට පාඩමක්
ඉසුරන්දි Saturday, 30 August 2014 11:43 AM
උගත් මිනිස්සු කොහොමත් මොලෙන් තමයි වැඩ කරන්නේ.(අ)
හේවාවිතාරණ Sunday, 31 August 2014 07:02 PM
බොළඳ අදහස් ලියන අයට මේකත් පාඩමක් තමා (නි)
මිගාර Friday, 29 August 2014 08:59 PM
මේ මේ අපි ඔය අධිරාජ්‍ය සුද්දෝ කරන මෝඩ දේවල් කරන්නේ නැහැ හරිද.(අ)
අවුෂා Saturday, 30 August 2014 12:22 AM
හොඳින' තේරුම් ගත' මනුස්සයේක් , (අ)
දිමුතු Saturday, 30 August 2014 06:35 AM
ලංකාවේ දෙශපාලකයින්ට එහෙම කොන්දක් කොහෙද?එහෙත් නුදුරු අනාගතේදීම යහපත් වෙනසක් ලංකාවේ බලාපොරොත්තු වෙමු. (අ)
පිටබැද්දර ජයා Friday, 29 August 2014 09:53 AM
නිකමටද වැඩ සුද්දගේ වගේ කිවේ ? (නදී)
ලසා Friday, 29 August 2014 10:19 AM
ලංකාවෙ ඉතින් මේ වගේ දෙයක් අහන්න බලන්න ලැබෙන්නෙ අපි නිදා ගත්තු වෙලාවක හීනෙන් තමා. අපේ කවුරු හරි අයින් වෙන්නෙ තියන තැනට වඩා තැනක් ගන්න. අපේ දේෂපාලකයින්ගෙ තියන හරිම හුරතල් කතාව තමා ''මට පොඩි කලෙ ඉඳලම හරිම ආශාවක් තිබුනා ජනතා සේවයට'' කියන එක. ඊට පස්සෙ, ජනතා සේවයට එනකොට හූනා වගේ හිටපු එකා මෝරා වෙනවා. මෝරා වෙලා හත්මුතු පරම්පරාවකට හොයනවා. ඒ හෙවීම = ජනතා සේවය. (නදී)
මිලානො ජයන්ත Friday, 29 August 2014 10:23 AM
ඩග්ලස් පොඩ්ඩක් හිතල අපේ පනින රිලවුන්ගෙන් අහල ගියා නම් ඩොලර් කෝටියක්වත් සාක්කුවෙ දාගන්න තිබුනා. එහෙම උනා නම් ඔයාගෙ නෝනාට සොපින් යන්න වාහනයක් ගන්න තිබුනා. (නදී)
මිලානො ජයන්ත Friday, 29 August 2014 10:23 AM
ඩග්ලස්, පොඩ්ඩක් හිතල අපේ පනින රිලවුන්ගෙන් අහල ගියානම් ඩොලර් කෝටියක්වත් සාක්කුවෙ දාගන්න තිබුණ. එහෙම උනානම් ඔයාගෙ නෝනාට සාප්පු යන්න වාහනයක්වත් ගන්න තිබුණා. (ස)
කුමාරි Friday, 29 August 2014 11:12 AM
පෙනෙන විදියට නම් පොකට් එක ගැන නොසිතා රට ගැන හිතන මහත්තයෙක්. (නදී)
රූපවතී Friday, 29 August 2014 01:59 PM
අපේ රටේ කව්ද තම දේශයට ආදරේ කරලා කැපවෙලා දේශපාලනය කටළ් ..? (නි)