බ්‍රිතාන්‍ය සභාග රජයේ ප්‍රධාන කණ්ඩායම වන කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් කාස්වෙල් තම දේශපාලන පක්ෂය මාරුකරමින් බ්‍රිතාන්‍යයේ අලුතින් ජනප්‍රියත්වයට පත්වේගෙන එන "එක්සත් රාජධානියේ ස්වාධීන පක්ෂය" සමඟ එකතුවිය.
ශ්‍රී ලංකාවේ සිදුවන්නාක්මෙන් නොව මේ අවස්ථාවේදී එම මන්ත්‍රී වරයා තම පාර්ලිමේන්තු ආසනයෙන්ද ඉල්ලා අස්වීමට තරම් අවංක විය.
ඔහු කලින් සිටි පක්ෂයේ නායක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රතිපත්තී සමඟ තමාට එකඟවිය නොහැකි නිසා පක්ෂය මාරුකිරීමට තීරණය කළබව ඔහු පැවසිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් බලයේ සිටින පක්ෂයකින් ඉවත්වී පාර්ලිමේන්තු නියෝජනයකු නොමැති අලුත් පක්ෂයක් සමඟ එකතුවීම පිළිබඳව විවිධ අදහස් පලවී ඇත.
මන්තී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් තව සති දෙක තුනක් ඇතුළත පැවැත්වීමට සිදුවන අතුරු මැතිවරණය සඳහා තමා " බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයෙන්" තරඟ කරන බවද කාස්වෙල් පවසයි.
පසුගිය මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ කල ඔහුට එම ආසනය වැඩි චන්ද 12,000 කින් ජයගැනීමට හැකිවිය.
බ්‍රිතාන්‍යයේ පසුගිය කාලය තුල ක්‍රියාත්මක කෙරුණු " කිසිදු පාලනයකින් තොරව එනඑන සියලුදෙනාම රට තුලට වැද්ද ගැනීමේ ඔල මොට්ටල සංක්‍රමණ ක්‍රියා පටිපාටිය රටේ දියුණුව පසුබෑමකට ලක්කර ඇති බව තමන් තරයේම විශ්වාස කරන බවත්, විශේෂයෙන් යුරෝපා සංගමයට අයත් රටවල ජනයාට එංගලන්තයට නිදහසේ ඇතුළුවීමටත්, එංගලන්තයේ වෛද්‍ය, අධ්‍යාපන සහ සියලුම සුභසාධක පහසුකම් නිසිසේ භුක්ති විඳීමටත් ඉඩ ප්‍රස්තාව සලසා තිබීමත් නිසා එංගලන්තයේ ආර්තිකයට විශාල මෙන්ම අයහපත් බලපෑමක් සිදුවී ඇති බවත් එමඟින් එංගලන්තයේ සමාජ සංස්ථාව මුළුමනින්ම වෙනස්වී ඇතිබවත්" පවසන ඔහු " මෙම විනාශකාරී ගමන් මග වෙනස් නොකළහොත් එංගලන්තයේ පිරිහීම වැළක්විය නොහැකි බවත් " කියයි.
එවැනි වෙනසක් ඩේවිඩ් කැමරන්ගේ පාලනය තුලින් ඇතිවේයැයි නොසිතන නිසා තමන් එම පක්ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් එංගලන්තයේ අනාගත දියුණුව සඳහා අවශ්‍ය සංක්‍රමණ සහ සරණාගත නීතිරීති වල වෙනසක් සිදුකිරීම සහ යුරෝපා සංගමයෙන් බැහැරව කටයුතු කිරීම වැදගත්බව විශ්ස්වාසකරන ආකාරයේ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බ්‍රිතාන්‍යයේ ස්වාධීන පක්ෂය සඳහා තමාගේ සහයෝගය ලබාදෙන බවද ඔහු පවසයි.
ස්වාධීන පක්ෂය ඉදිරිමැතිවරණයේදී සම්පුර්ණ බලය යොදාගනිමින් තරඟ වැදීමට සුදානමින් සිටින බවත් ඉතාම සුළු කාල සිමාවක් තුල තම පක්ෂය ලබා ඇති ජනප්‍රියත්වය සලකා බලන විට අඩුම වශයෙන් පාර්ලිමේන්තු ආසන 10ක් වත් දිනාගැනීමට හැකිවේය යන විශ්වාශය පක්ෂ සාමාජිකත්වය තුල ඇති බවත් එම පක්ෂයේ නායක නයිජල් ෆරාජ් පවසයි.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී ස්වාධීන පක්ෂය බලාපොරොත්තු නොවූ අන්දමේ ආසන සංඛ්‍යාවක් ජය ගැනීමට සමත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් මිනිස්සු කොහොමත් මොලෙන් තමයි වැඩ කරන්නේ.(අ)
බොළඳ අදහස් ලියන අයට මේකත් පාඩමක් තමා (නි)
මේ මේ අපි ඔය අධිරාජ්‍ය සුද්දෝ කරන මෝඩ දේවල් කරන්නේ නැහැ හරිද.(අ)
හොඳින' තේරුම් ගත' මනුස්සයේක් , (අ)
ලංකාවේ දෙශපාලකයින්ට එහෙම කොන්දක් කොහෙද?එහෙත් නුදුරු අනාගතේදීම යහපත් වෙනසක් ලංකාවේ බලාපොරොත්තු වෙමු. (අ)
නිකමටද වැඩ සුද්දගේ වගේ කිවේ ? (නදී)
ලංකාවෙ ඉතින් මේ වගේ දෙයක් අහන්න බලන්න ලැබෙන්නෙ අපි නිදා ගත්තු වෙලාවක හීනෙන් තමා. අපේ කවුරු හරි අයින් වෙන්නෙ තියන තැනට වඩා තැනක් ගන්න. අපේ දේෂපාලකයින්ගෙ තියන හරිම හුරතල් කතාව තමා ''මට පොඩි කලෙ ඉඳලම හරිම ආශාවක් තිබුනා ජනතා සේවයට'' කියන එක. ඊට පස්සෙ, ජනතා සේවයට එනකොට හූනා වගේ හිටපු එකා මෝරා වෙනවා. මෝරා වෙලා හත්මුතු පරම්පරාවකට හොයනවා. ඒ හෙවීම = ජනතා සේවය. (නදී)
ඩග්ලස් පොඩ්ඩක් හිතල අපේ පනින රිලවුන්ගෙන් අහල ගියා නම් ඩොලර් කෝටියක්වත් සාක්කුවෙ දාගන්න තිබුනා. එහෙම උනා නම් ඔයාගෙ නෝනාට සොපින් යන්න වාහනයක් ගන්න තිබුනා. (නදී)
ඩග්ලස්, පොඩ්ඩක් හිතල අපේ පනින රිලවුන්ගෙන් අහල ගියානම් ඩොලර් කෝටියක්වත් සාක්කුවෙ දාගන්න තිබුණ. එහෙම උනානම් ඔයාගෙ නෝනාට සාප්පු යන්න වාහනයක්වත් ගන්න තිබුණා. (ස)
පෙනෙන විදියට නම් පොකට් එක ගැන නොසිතා රට ගැන හිතන මහත්තයෙක්. (නදී)
අපේ රටේ කව්ද තම දේශයට ආදරේ කරලා කැපවෙලා දේශපාලනය කටළ් ..? (නි)